පැරන්නන්ගේ දස්කම් ගැන රස කථා 01

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැරන්නන්ගේ දස්කම් ගැන රස කථා 01

    මීට වසර 125 කට 130 කට පමණ පෙර දකුණු ලක විසූ වෙදැදුරෙකි. ඔහු වාසය කළේ සොල්දරයකින් සමන්විත සිංහල උළු සෙවිළි කළ, නිවසකය. ඔහු උදෑසනම අවදි වී උල් යෂ්ටියකින් ඇණ විසල් මිදුලේ විසිරුණු කොස් කොළ එකතු කිරීම පුරුද්දක් කර ගෙන සිටියේය. මේ අප කතා කරන දිනය ද එළෙසම ආරම්භ විය. එහෙත් එතරම් වැඩි වෙලාවක් යාමට පෙර අමුත්තෙකුගේ ආගමනයෙන් වෙදැදුරාගේ දින චර්යාවට බාධා වන්නට විය. ඉමහත් කලබලයෙන් සහ දුකින් යුතුව හේ වෙදැදුරාගේ ක්‍රියාවට බාධා කර ඇවටිලි කරමින් වෙදකමක් වෙත යාමට ආරධනා කළේ ය. එනම් ප්‍රසූතියකට සූදානම්ව සිටි ගැබ්බර කාන්තාවක් වේදනාවෙන් සහ දැඩි අපහසුතාවයෙන් පෙළෙමින් සිටින බව පැවසීය. ඇය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින බැවින් වහාම තමා සමග ඇය වෙත යාමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

    වෙදැදුරා තමාගේ රාජකාරියේ නොනවත්වා යෙදුණේ ඔහුගේ ඇවටිල්ල නැසූ කන් ඇතිවය. ඔහු නැවත නැවතත් තදින්ම අවිටිළි කරන්නට විය. කලබල නොවී සිටින ලෙස ඔහුට සන් කළ වෙදැදුරා නැවත තම මුල් කාරියෙහි එලෙසම යෙදුණේ කිසිම කලබලයකින් තොරවය. කොළ ඇහිඳීම මුළුමණින් අහවර නොවුණත් එය මදකට නවතා දමා උදෑසන ආහාර වේලට කෑම මේසයට වාඩි වූ වෙදැදුරා තමා සමග ආහාර ගැනීමට අමුත්තාටද ඇරයුම් කළේය. මොන ආහාරයක්දැ'යි මුවින් නොබැණ මුත් හිතින් මුව නොසෑහෙන නෝක්කාඩු ඇතිව අමුත්තාට ද ඔහු සමග උදෑසන ආහාරය ගැනීමට සිදු විය. ඒ හැර කිරීමට අන් කිසිවක් නොමැති නිසා විය හැක. අහර ගැනීමෙන් අනතුරුව වහාම තමා සමග ලෙඩා බැලීමට පිටත් වන ආකාරය සිතින් මවා ගෙන අපහසුවෙන් මුත් ඒ මිනිත්තු කීපය ගත කළේය. ආහාර ගැනීම අහවර විය.

    ඉන් අනතුරුව වෙදැදුරා කෑම මේසයෙන් නැගිට සුපුරුදු සන්සුන් ගමනින් දොරකඩ වෙත ගමන් කළේය. දැන්වත් තම අත්‍යාවශ්‍යය ගමන පිටත් වේයැ'යි සැනසුම් සුසුමන් හෙලූ අමුත්තා ඔහු පි‍ටුපසින් නොසන්සුන්ව ගමන් කළේය. නැවතත් මිදුල වෙත පියනැගූ වෙදැදුරා නවතා තැබූ තැනින් කොළ ඉවත් කිරීම ආරම්භ කළේ කලබල විය යුතු කිසිවක් නොමැති සෙයියාවෙනි. මෙය කෙලෙසනම් ඉවසා සිටිය හැකිද? මේ නොවැදගත් කෙරුවාව නවතා දමා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ගැබිනියට පිහිටවන්නට දැන්වත් පිටත් නොවෙමුදැ'යි හේ නැවතත් ඇවිටිලි කරන්නට විය. කලබල නොවන ලෙස නැවතත් සන් කරමින් වෙදැදුරා දිගටම කොළ ඇහිලීමේ රාජකාරියේ සන්සුන්ව නිරත විය. කළ හැකි අන් කිසිවක් නොවූයෙන් අමුත්තාද ඔහු අසලම අසහනය පිරි සිතින් යුතුව ගැවසුණේය.

    මෙලෙස දහවල් ආහාරය ගන්නා අවස්ථාව තෙක්ම ගෙමිදුලේ ගත කළ වෙදැදුරු පෙර ලෙසම ඔහු සමග දහවල් ආහාරයට ද වාඩි විය. පෙරටත් වඩා අසහනයෙන් අමුත්තාට ද වෙදැදුරු සමග දහවල් ආහාරය ගැනීමට සිදුවිය. ඉන් අනතුරුව ඉස්තෝප්පුවේ වූ ලණු ඇඳට වන් වෙදැදුරු මදක් දෑස් පියා ගෙන නින්දකට ද ගියේය. හිස ගිණිගෙන සිටි අමුත්තා වෙදැදුරු අවදිවන තුරු ගෙමිදුලේ සක්මන් කළේ හිතේ වේගයට සමානුපාතිකවය.

    සවස් වනතුරු නිදිසුව විඳි වෙදැදුරු අවදි වී මුණකට දොවාගෙන යහමින් සැරසුණේය. ඉන්පසු කපු පුළුන් කැබලි දෙකක් ගෙන යම්කිසි ඖෂධයක් තවරා බස්තමේ මිටේ වූ කොපුවක තැන්පත් කර ගත්තේය. ඒ වන තුරු අහස පොළොව ගැට ගසිමින් ඉස්තොප්පුවේ වූ අමුත්තගේ බලාපොරොත්තු දල්වමින් වෙදැදුරු ගමනට සූදානමින් තේජාන්විතව ඔහු ඉදිරියට සැපත් විය. ඉර අවරට යාමට මොහොතකට පෙර ගැබිණිය වූ ගෙදර අසලට ඔවුන් පැමිණියහ. ඒ වන විට එහි ගෙමිදුල පිරෙන්නට අතුරු සිදුරු නොමැතිව ගැමියන් එක් ‍රැස්ව සිටින අයුරු දුර තියාම ඔවුන්ට දැකිය හැකි විය වෙදැදුරුගේ පැමිණීමත් සමගම ගැමියන්ගේ කසුකුසුව අතුරුදහන් විය. ඇතුල් කාමරයෙන් නැගෙන ගැබිනියගේ වේදනාත්මක අඳෝනාව පමණක් ඉතිරි විය. සෙනග එහා මෙහා වෙමින් වෙදැදුරු වෙනුවෙන් මාවතක් තැණින. ඒ මාවතින් ඉස්තෝප්පුවට පිවිසුණු වෙදැදුරුට බලා පොරොත්තු සුන් වූ ඉරියව්වෙන් යුතුව පු‍ටුවල වාඩිලාගෙන සිටින දොස්තරවරුන් කීප දෙනෙක් ම දැක ගත හැකිවිය. වෙදැදුරාගේ වයෝවෘද්ධ ගැමි ස්වරූපය දැකීමෙන් ඇති වූ මහා මානය නිසාවෙන්දෝ 'මෙයා එනකන්ද මෙච්චර වෙලා හිටියේයැ'යි එක දොස්තරවරයෙක්ගේ මුවින් පිටවූයේ ඉබේට්යමය. ඔවුන් පසුකරගෙන ඇතුල් කාමරයට යාමට යන වෙදැදුරුට එබස ඇසුණද නෑසුනා මෙන් ඔවුන් පසු කරගෙන ගියේය. කාමරය ඇතුලේද නොසෑහෙන සෙනගක් විය. ගැබිණියගේ මව හැර අන් සියල්ලටම පිට වෙන්නට අණ කළ වෙදැදුරු කාමරයේ දොර වැසීය.

    ගැබිනිය පිරික්සීමට වැඩි වේලාවක් ගත නොකළ වෙදැදුරු ඇයගේ කුසෙහි එක් තැනක් සිතෙහි සනි‍ටුහන් කර ගත්තේය. ඉන්පසු බස්තම් මිටේ වූ පුළුන් කැබැලි දෙක එළියට ගෙන ඉන් එකක් ගැබිනියගේ මවගේ අතට දී එය බිම නොවැටෙන සේ අල්වා ගෙන සිටින්නට අණ කළේය. වෙදගිල්ලක ප්‍රමාණයේ සියුම් සැත්කම් පිහියක් අතට ගෙන එහි තලය අනෙක් පුළුන් කැබැල්ලෙන් පිසදැමීය. ගැබිණියගේ කුසේ කලින් නිර්ණය කළ ස්ථානය වෙත සැත්කම් පිහිය ළං කර එතනට පිහි තුඩින් කුඩා තෙරපුමක් දී ක්ෂණයකින් ඉවත්කර ගත්තේය. ඉන් ඇතිවූ කුඩා කැපුමෙන් එක්වරම ලේ බිඳුවක් නිකුත් විය. සැත්කම් පිහිය නැවත පිරිසිදු කරන ගමන් මිදුලට ද ඇසෙන උස් හඬින් 'තව මිනිත්තු පහකින් පිරිමි දරුවෙක් බිවිවන බවත්, ඒ දරුවාගේ දකුණු අතේ පිටි අල්ලේ රත් පැහැති ලපයක් ඇති බවත් එය මුලින් දුන් පුලුන් කැබැල්ලෙන් පිස දමන ලෙසත් අණ කරමින්' නිවේදනයක් කළේය.

    කුතුහලයෙන් යුතු බලාපොරොත්තුවෙන් ගත වූ මිනිත්තු පහ හෝරාවක් සේ සියල්ලන්ටම දැණිනි. මිනිත්තු පහකට පසුව ස්වභාවිකවම නිරෝගී පිරිමි දරුවෙකු බිහිවිය. ඔහුගේ දකුණු අතේ රත් පැහැ කුඩා ලේ බිඳුවක් විය. අනතුරුව නිවසට පැමිණෙන විට ඇණුම්පදයක් කී දොස්තර මහතා කාමරයට කැඳවන ලෙස පණිවිඩයක් යැවීය. දොස්තර මහතා විශ්මයෙන් මෙන්ම ලැජ්ජාවෙන් පිරි මනසින් යුතුව වෙදැදදුරුත්, අලුත උපන් දරුවාත්, මවත් සිටි කාමරයට පැමිණියේය. ''උඹේ වෙද නලාවට මේක අහුවුණේ නැත්තේ ඇයිදැ'යි'' කාමරයේ සිට මිදුලට ද ඇසෙන ලෙස සිංහනාද කළේය. වෙදැදුරුට දණ ගසා වැඳීමට තරම් ඒ දොස්තර මහතා නිහතමානී විය.

    (දරුවා බිහි නොවුණේ වැදෑමහ මිරිකාගෙන එය ග්‍රහණයට ගෙන සිටි නිසාවෙනි. සැත්කම් පිහියෙන් ලබා දුන් ක්ෂණික වේදනාව කරණකොට ගෙන ඔහු අතින් එය ගිළිහුණි. එනිසා ඇති වූ වූ පැල්ලමක් ඔහුගේ අතේ විය. ගැබිණිය හමුවට පැමිණීමට පෙර තම නිවසේ සිට දූත ලකුණු බලමින් ගැබිණියගේ සැබෑ තත්වය නිර්ණය කළ වෙදැදුරු ලෙඩා හමුවට යා යුතු වේලාව කුමක්දැ'යි දැන සිටියේය)


    ප.ලි - විශ්වාස නොකරන අයට එසේ සිටීමට සම්පූර්න නිදහස ඇත.
    උපුට‍ා ගැණිම සුජීව ගමගේ අයියගෙන්
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පැරනි රසාංග දැං අයට මැජික් වගේ උනාට අදටත් ගංවල මිනිස්සු ඒ ගංවල හිටිය ඉසිවරැ වගේ මිනිස්සු ගැන කතා වෙනව.
    +9
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැරනි රසාංග දැං අයට මැජික් වගේ උනාට අදටත් ගංවල මිනිස්සු ඒ ගංවල හිටිය ඉසිවරැ වගේ මිනිස්සු ගැන කතා වෙනව.
    +9

    අනිවා සහෝ.. මේවා අපිට අහිමි වෙච්ච එකයි දුක..
     
    • Like
    Reactions: prageeth119lk

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පට්ට කාලයත් එකක්ම ඔය සාශ්ත්‍රය දැන් නැති වෙලා ගහින් තියනවා.

    දැනටත් ඉන්න සමහර සර්ප වෙදැදු ඔය වගේ ලෙඩා එන විදියට මොන සතාද කලා තියෙන්නේ කියල එන විදියෙන් කියනවා.

    +Rep.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පට්ට කාලයත් එකක්ම ඔය සාශ්ත්‍රය දැන් නැති වෙලා ගහින් තියනවා.

    දැනටත් ඉන්න සමහර සර්ප වෙදැදු ඔය වගේ ලෙඩා එන විදියට මොන සතාද කලා තියෙන්නේ කියල එන විදියෙන් කියනවා.

    +Rep.

    ඔව් දූත ලකුනුයි තිථියයි බලලා කියනවා මමත් දැකලා තියනවා..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ඔහොම ඉසිවරු වගේ වෙදැදුරෝ දැන් කොහේද? :( Tfs :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ ඔහොම ඉසිවරු වගේ වෙදැදුරෝ දැන් කොහේද? :( Tfs :D

    අපිට කියලා තිබ්බ හැම වටින දෙයක්ම ටික ටික දිය වෙලා යනවා අක්කේ.. අපේ සමගිය ඉඳලා තාක්ෂනේ දක්වා හැම දේම දිය වෙලා යනවා..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැරනි රසාංග දැං අයට මැජික් වගේ උනාට අදටත් ගංවල මිනිස්සු ඒ ගංවල හිටිය ඉසිවරැ වගේ මිනිස්සු ගැන කතා වෙනව.
    +6
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;17027382 said:
    අපිට කියලා තිබ්බ හැම වටින දෙයක්ම ටික ටික දිය වෙලා යනවා අක්කේ.. අපේ සමගිය ඉඳලා තාක්ෂනේ දක්වා හැම දේම දිය වෙලා යනවා..

    :yes::(:(:(