පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහş
[Intentional repost]
පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහම රැකීම.
පැරැඩොක්සියක් (paradox) යනු යම් දෙයක් හෝ යම් කීමක් තුලින් එහි අදහස ම නිශේධනය කිරීම යි.
උ.දා. "මම බොරුකාරයෙක් වෙමි, එනිසා මම බොරු කියමි." යන වගන්තිය සළකමු. දැන් මෙහිදී, මම බොරුකාරයෙක් වන නිසා මම පැවැසූ දෙයෙහි සත්‍යථාවය විකෘති වේ.
එහෙමත් නැති නම් මම බොරුකාරයෙක් කියා මම කියුවේ බොරුවට ද යන්න ගැන සාධාරණ සැකයක් මතුවේ.
ඉහත සංකල්පය සිත් හි ධාරණය කරගෙන විවෘත මනසකින් ඉදිරියට කියවමු.
පසුගිය දින කිහිපය තුළ සිදු වුනු සිදුවීම් කිහිපයක් මෙම සටහන තැබීමට මුල් විය.
ඉතාමත් ඈත අතීතයේ සිවු හෙළයන් ගෝත්‍ර 4ක් වශයෙන් සිටි බව අපි දනිමු (යක්ශ, නාග, රකුස්, අසුර). මෙම ගෝත්‍ර 4 (ඇතැම් විට ඇනකොටා ගත්තද) සමස්තයක් ලෙස ගත් විට සාමුහීකව දිවි ගෙවා ඇත. බුදු රජාණෝ විසින් ලංකාවතාර සූත්‍රය (කාෂ්‍යප බුදු රදුන්) රාවනා රජු කාලයේත්, විෂකුම්භණ සූත්‍රය දේශනා කළේත් මෙම හෙළයන්ට බව පැහැදිලි වේ. තවද කාෂ්‍යප බුදු රජුන්, කෝණාගම බුදු රදුන් සිටි කාලයේ පටන් රාවනා රජ සමඟත් බුදු දහම හෙළ දිවයිනට ඉතා ලඟින් සමීපව පිහිටී ඇති බව කුරුණෑගල විස්තරයේ, රාජාවලියේ සහ මහායාන ලෙස දැන් ඉවත් කර ඇති ඇතැම් ග්රන්ථ වලත් සඳහන් වේ.
එබැවින් සිවු හෙළය, දැන් හඳුන්වන පරිදි ශ්‍රී ලංකාව, සිවු හෙළයන්ට වත් බුද්ධ දර්ශණය පිලිගන්නා මිනිසුන්ට වත් අයිතියක් නැතැයි යමෙක් කියන්නේ නම් ඒ කියනා පුද්ගලයාව ගලක් ගැට ගසා මූදට දැමිය යුතු ය. තවත් අයුරෙකින් කියන්නේ නම්, ලක් දිවයින අන් කෙනෙකුට නොව සිවු හෙළයාට අයිති සිවු හෙළයාගේ නිජබිමයි. හෙළයාට උරුමකම් කිව හැකි වෙනත් ස්ථානයක් මෙලොව තවම පහළ වී නැත. එබැවින් එය පණ මෙන් සුරැකිය යුතු ය.
එය එසේ සැමදාටම තිබිය යුතුයි. නමුත් මෙතැනින් අපගේ ආකල්ප නතර කර ගත යුතු නැත.
දියුණු මනසක් ඇති හෙළයින් මින් ඔබ්බට සිතීමට කාලය දැන් එළඹ ඇත.
මා මුළින් පැරඩොක්සියක් ගැන කියුවේ මෙම කරුන නිස යි. එනම්, හෙළයන් ගේ අතීත අනන්‍යතාවය රැක ගනු වස් බුදු දහම ට පිටු පාන්නේ නම්, බුදු දහම රැක ගැනීමට වෙහෙසෙන්නේ මන්ද? බුදු බණෙහි වටිනාකමක් නැති බව අනෙක් අයට සිතෙන ලෙස ක්‍රියා කිරීම මඟින් බුදු දහම රැකිය හැකිද? ඉස්ලාම් ආගම අදහන්නේ බලු පරපුරක් බව හඬ ගා කීමෙන්, මුහම්මද් නබි තුමාගේ නමට අගෞරව කරමින්, ඉස්ලාම් භක්තිකයින් පහත හෙළමින් වාග් ප්‍රහාරයේ යෙදීම මඟින් තමන්ගේ වටිනාකම/ තත්වය නැති කරගැනීමක් මෙන්ම බුදු දහමට පිටුපෑමකුත් සිදු නොවන්නේ ද?
මෙවැනි ප්‍රශ්න වලට මුල් බැස ගත් හේතු මොනවාද යන්න සොයා බැලීමට සිතුවේ කීයෙන් කී දෙනා ද? මාහැඟි ලෙස මෙයට මුල් වී ඇත්තේ ඇතැම් ඉස්ලාම් භක්තිකයන්ගේ අන්තනෝමතික ක්‍රියා කලාපයන් ය. උදාහරණයක් ලෙස කූරගල සිද්ධිය දැක්විය හැක. අපි මේ ගැන පසුව කථා කරමු.
කෙසේ හෝ වේවා, බුදුන් වහන්සේ මයිත්‍රී භාවනාවෙන් දෙසුවේ, අහං අවේරෝ හෝමි, අබ්‍යාපජ්ඣෝ හෝමි, අනීඝෝ හෝමි, සුඛී අත්තානං පරිහරාමි කියා යි. එහි අර්ථය, මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා. තව දුරටත් බුදු රජාණන් වහන්සේ දේශනා කලේ, අහං විය මය්හං හිත සත්තා, මජ්ඣත්තික සත්තා, වේරීසත්තා , අවේරා හොන්තු. මෙහි අර්ථය වන්නේ, මා මෙන් ම මාගේ හිතවත් සත්වයෝ ද, මැදහත් සත්වයෝ ද, වෛරී සත්වයෝ ද වෛර නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා යන්න යි.
මෙවැනි අවිහිංසාවාදී, වෛර කරන කෙනාගේත් සුවය පතන දර්ශණයක් රැකගැනීම පිණිස, වෛරය හා ක්‍රෝධය යොදා ගැනීම කෙතරම් අණුවන ක්‍රියාවක් ද? එය සැබවින්ම බුදු දහමට පිටුපෑමක් නොවන්නේ ද? ඔබ බුදු දහමට පිටු පාන්නේ නම් එය රැක ගැනීමට සටන් කිරීමට ඔබට අයිතියක් තිබේ ද?
හෙළදිව, බෞද්ධ උරුමයට පණ පෙවුව ද, අද එහි ජන වර්ග රාශියක් සාමයෙන් කල් ගෙවයි. වසර 30කට පමණ පසු ලැබුනු සාමයෙන් අද පීඩා විදින්නේ සැබවින්ම කවුද? (සාමයෙන් පීඩා විඳීම? අන්ඩරදෙමළ මෙන් පෙනුනත් සාමයෙන් පීඩා විඳින්නෝ අපි අතරම සිටිති.) කොටින්ට සහය දැක් වූ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම, ඇතැම් එන්.ජී.ඕ සංවිධාන, කොටින්ට ආයුධ සැපයූ කොටස් අද මුහුන පා සිටින්නේ දැඩි අර්බුධයකට බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ඔවුන්ගේ වසර 30ක් පැවැති ආදායම් මාර්ගයට කෙළ වී ඇති බැවිනි.
එවැනි සංවිධාන දැන් නැවතත් වර්ගවාදී විශබීජ වපුරුවමින් උත්සාහ කරනුයේ හෙළදිව තුල තවත් ආරවුලක් ඇතිකොට තමන්ගේ බඩවියත රැක ගැනීමට නොවේද? එයට හොඳම කොටස් දෙක සිංහල සහ මුස්ලිම් කොටස් බව ඔවුන්ට තේරුම් ගොස් හමාරය. 1983දී ජේ.ආර් ගේ මැරයන්ගේ ප්රමුඛත්වයකුත් ඇතුලුව ඇරඹි කලු ජූලියෙන් පසු සිදු වූ ව්‍යසනය ඔබට තවම මතක ඇතැයි සිතමි. පසුගිය වසර 30 කට ආසන්න කාලය තුල හෙළදිව තුල යුද්ධයක් තිබුනේ නැතිනම් අද රටෙහි පැවතිය යුතුව තිබූ දියුණුව සිතාගැනීමටවත් නොහැක. යුද්ධය විසින් සිදුවූ විනාශය නොවන්නට, අද ප්ලේටෝ ගේ සැබෑ ඇට්ලෑන්ටික් දේශය වන්නේ මේ හෙළ දිවයිනයි. ජාත්‍යන්තර උවමනා වලට යටත්ව උන්ගේ පඹයකු වී හෙළය තුල තවත් ගැටුමක් ඇතිකර නොගැනීමට අපි වගකිවයුතු පුරවැසියන් හැටියට වග බලාගත යුතු ය, වර්ගවාදී ආකල්ප පිටුපෑ යුතු ය, අන්තගාමී නොවී විමසුම් පහන් සිතින් විමසා ක්‍රියා කල යුතු ය.
බුදු රජාණන් වහන්සේ ඉවසීම පුරුදු කලද, හෙළයන්, වෙන දෙයක් වෙන්නට ඉඩ දී දිගටම ඉවසාගෙන සිටියහොත් අන් අය කරන්නට තිබෙන සියලුම දේ කර, අවලංගු කාසියක් බවට හෙළයන්ව පත් කරනු ඇත. සියල්ල අනිත්‍ය බව තේරුම් ගත්ත ද, අනිත්‍ය මෙනෙහි කරමින් පමණක් සිටියහොත් බුද්ධ දර්ශණයත් අනිත්යක් වන කාලය වැඩි ඈතක නොවන බවත් පසක් කර ගත යුතු ය.
ඉදින් කුමක්ද කල යුත්තේ?
වෛරය හා ක්‍රෝධය උපයෝගී කර නොගෙන සැබෑ බුද්ධ දර්ශණය අනුගමනය කරන්නන් ලෙස කල යුතු වන්නේ කුමක්ද?
උදාහරණ ලෙස අන්‍ය ජාතිකයනට හෙළ දිවයිනෙහි වටිනාකම, එහි ඇති පෞරාණික වස්තූන් ගැන දැනුවත් කල හැක. ඒවා විනාශ කරන්නන් හට නීතිය හමුවේ දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කළ හැක. දේශපාලකයින් ව මේවා කෙරෙහි උනන්දු කල හැක. තම ප්‍රදේශයේ සිටින අන්‍ය ජාතිකයින්, අන්‍ය ආගමික භක්තිකයින් හෙළ වටිනාකම් ගැන ශ්‍රමදාන වැනි දෑ සංවිධානය කිරීම තුලින් දැනුවත් කල හැක. තම ප්‍රදේශය තුල නායකත්වය ගෙන සංස්කෘතීක අංග (උඩරට, පහත රට නැටුම්) සංවිධානය කිරීම මඟින් අන්‍ය ජාතිකයන් තුළ එකමුතුකමක් සහ සංස්කෘතිය කෙරෙහි පැහැදීමක් ඇති කල හැක. වෙනත් ජාතිකයන් බහුල පෙදෙස් වලට ගොස් ඔවුන් සමඟ මිතුරු වී ඔවුන් ගේ ආගමීක කටයුතු වලටත් සැදැහැ සිතින් සහභාගී විය හැක. එමඟින් ඔවුන්ගේ ආකල්ප යම් පමණකින් හෝ වෙනස් කර ඔවුන්ව තමුන්ගේ ප්‍රදේශයේ සංස්කෘතීක වැඩ සඳහා සහභාගී කරවා ගත හැක. ප්‍රදේශයේ කෙනෙකුට කරදරයක් වූ විට ජාති ආගම් භේදයකින් තොරව ඊට සම්මාදම් වී උදවු කල හැක.
මෙවනි දෑ කිරීම තුලින් අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමික භක්තිකයන් තුළ සිවු හෙළයන් කෙරෙහි පැහැදීමක් ඇති කල යුතුය. මෙලෙසම, අන්‍ය ආගමීකයන් ද උනන්දු වී ඔවුන්ගේ ක්‍රියා කලාප ගැන අන්‍යන්ව සාමුහීකව දැනුවත් කල යුතුය. තමන් ගැනම සිතීම පිටුදැක සාමුහීක හැඟීමකින් කටයුතු කල යුතු වේ. එසේ නොකර අනිත් ආගම් වල වැරදි සොයන්නට යාමෙන්, අනෙක් ආගම්/ දර්ශණයන් පහත් කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් හෝ අනාගතයට වන සෙතක් නොමැත. මන්ද ආගමක්/ දර්ශනයක් පිළිපදින්නන් තුල ඒවාට ඇත්තේ දැඩි ගෞරවයකි (හරි හෝ වැරදි වූවත්). එබැවින් එකිනෙකාගේ ආගම්/ දර්ශණ පහත් කිරීමෙන් සිදුවන්නේ සිත් රිදීම් සහ ගැටුම් හට ගැනීම් පමණකි.
පැරැඩොක්සියෙන් ඈත් වෙමු. සැබෑ හෙළයන් ලෙස රට දැය සුරකිමු!
කියවූ ඔබට තුති.
ධනුෂ්ක ද සිල්වා. ඒ.කේ.ඒ x-pert

Last edited:
sahena kalekata passe ne. 

hehe.
pm keeyak thibbada ?