පැරුෂුටයෙන් සසුන් බිමට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_84001b6f7a.gif


    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

    ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායේ විශ්‍රාමික මේජර්වරියක වූ මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද සසුන් ගත වූවාය.

    සසුන්ගත වීම සිදුවූයේ බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්තිරතන ,ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යාත්වයෙනි

    මෙහෙණි සසුනට ඇතුළත් කර ගැනීමේ සුබ නැකත උදා වීමට කලින් මනීෂා මෙනවිය මනමාලියක් ලෙස පෝරු මස්තකාරූඪ කර පසුව ඇයගේ ඥාති මිත්‍රාදීන් හිතවතුන්හිතවතියන් සමග ඡායාරූප ගැනීමට ද ඉඩ ප්‍රස්ථාව ලබා දුන් බව බද්දේගම ජිනසාර හිමියෝ ලංකාදීපයට පැවසූහ.

    තරමක වේලාවක් මනමාලියක් ලෙස සැරසී සිටීමට අවකාශ ලබා දී පසුව ගිහි ජීවිතේම ඉන්නවාද එසේ නොමැතිනම් පැවිදි දිවියට එළඹෙනවා දැයි යනුවෙන් විමසන බවත් බද්දේගම ජිනසාර හිමියෝ වැඩිදුරටත් කීහ.

    මනීෂා මෙනවිය ගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඇය මෙහෙණි සසුනට ඇතුල් වීමට කැමැත්ත ප්‍රකාශ කළ නිසා මනමාලියක ලෙස සැරසී සිටි ඇඳුම් ඉවත් කර කොණ්ඩය කපා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර සිවුර පෙරවූ බව ජිනසාර හිමියෝ පෙන්වා දුන්හ.

    ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේගේ පියා අයි. ඩී මාටින් සහ අයි. ඩී සෝමාවතී මහත්මිය සහෝදරයන් වන මහේෂ් මදුවන්ත ,අයේෂ් සුදර්ශන පවුලේ ඥාතීන් හිතමිතුරන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මනමාලියක ලෙස සැරසී සිටි ඇඳුම් ඉවත් කර කොණ්ඩය කපා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර සිවුර පෙරවූ බව ජිනසාර හිමියෝ පෙන්වා දුන්හ.
    :shocked:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_5ef1777b82.jpg

    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
    ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය මොනරාගල, වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ, ධම්ම නිරෝධා යන නමින් හෙට (27) වෙනිදා උදෑසන 9.00 යෙදී ඇති සුබ මොහොතින් සසුන් ගතවීමට නියමිතය.
    වැල්ලවාය, බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රත්න ගලඋඩ හේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යාත්වයෙන් යුතුව මනීෂා මෙනවිය සසුන්ගත වීමට නියමිතව ඇත.
    මේ වන විට තිස් පස් හැවිරිදි වියේ පසුවන කාංචනා මෙනවිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද වූවාය.
    යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බව විශ්‍රාමික මේජර් මනීෂා මෙනවිය ලංකාදීපයට පැවසුවාය.
    එංගලන්තය, ජර්මනිය සහ දෝහකටාර්වල පැවති ලෝක පැරිසුට් තරග වලට සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇය ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියක ද වන්නීය.
    image_7bc042022d.jpg




     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    RPG සාදු වගේ නම් වෙන්න එපා ප්ලීස්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    RPG සාදු වගේ නම් වෙන්න එපා ප්ලීස්

    ඔව් පස්සේ කියයිද දන්නේ නෑ උබල ඇඳන් යට හැංගිලා ඉන්නකොට අපි තමයි පැරෂුට් එකෙන් පැනල කොටි ඉවර කෙරුවේ කියල
     
    • Haha
    Reactions: nalin0001