පැහැර ගත් පුංචි පැංචිය හමුවේ..

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    පැහැර ගත් පුංචි පැංචිය හමුවේ..

    original-f53d8bf4fb2571e2d24bcd72b1202fa1.png


    පසුගියදා කුරුණෑගල, වැල්ලවදී
    පැහැර ගැනීමකට ලක් වූ හැවිරිදි
    කේෂාණි බණ්ඩාර දැරිය
    සොයා ගත් බව පොලීසිය කියයි.
    පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ
    පොලිස් අධිකාරි අජිත් රෝහණ
    මහතා පවසන්නේ නෙරියාව
    ප්රදේශයේ වෙළඳසැලක් අසළ
    දමාගොස් සිටියදී දැරිය සොයා ගත්
    බවය.
    පොලිස් විශේෂ කාර්ය බළකාය
    මඩගල්ල අවට කැළයක් වටලා අද
    විශේෂ මෙහෙයුමක් කරමින් සිටියදී
    මෙසේ ගෙනවිත් දමා ඇති ඇය
    හොඳ සනීපෙන් සිටින බවද
    පැවසේ.
    From lankacnews
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් බව එහි නිමල් ජයසූරිය නම් ගැමියෙක් කියයි.
    දරුවාගේ කොණ්ඩය කපා අද කිරිබත් ද කන්නට දී ඇතැයි ද, දරුවා ලෑලි ගොඩක් අස්සේ සිටි බවත් ඔහු කියයි.
    දරුවා පැහැර ගත් බව කියන දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
    කුවේනි ගල අසළ නිධන් ඇතැයි බොහෝ දෙනෙක් පවසති. විජය කුමාරායා කුවේනිය හා දරු දෙදෙනා පලවා හැරීමෙන් පසුව කුවේනිය හඩමින් දෙස් දෙවොල් තබමින් කුරුණෑගලට පැමිණි බවත්, ගලක් මුදුනට නැඟ විජය කුමාරයාට ශාප කළ බවත් එය කුවේනී ගල ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එම කුවේනී ගල පිහිටුවේ ඉබ්බාගමුවේ බව ද කියති.
    ‘අද සවස 3.00 පමණ අසල්වාසී මල්ලි කෙනෙක් කීවා ගඩොල් පෝරණුව ළඟ ගාව පුංචි දරුවෙක් ඉන්වා. මම ඉක්මණට දුවෙගෙන ගියා ගඩෝල් පෝරණය ළඟට. එතන ලස්සන පොඩි ගෑණු දරුවෙක් හිටියා. මට එක පාරට හිතුණා නැතිවු පුංචි දරැවා එයා තමයි කියලා. මම ඒ පුංචි දරුවා වඩාගෙන ගෙදර එක්කගෙන ආවා. ළමයා ටිකක් බය වෙලයි හිටියේ. මම ඇහුවා කොහේ ද පුතේ ඔයා හිටියෙ කියලා. තව විස්තර මම දරුවාගෙන් ඇසුවා. ‘කවුද මාම කෙනේ අද උදේ කිරිබත් කන්න දුන්නා‘ කීවා. ‘අද මගේ කොන්ඩෙත් කැපුවා‘ කීවා.
    කොහේද ඔයා හිටියේ කියලා ඇසුවාම ඒ අසල අප්පුහාමිගෙ නිවස දෙසට අත දිගුකලා. මම වැල්ල පොලිසිය කතා කර ඒ විස්තරය කීවා.
    කුඹක්ගැටේ කුවේණි ගල පෙනෙන තෙක්මානයේ නිවසෙක මෙම දරැවා දින කිහිපයක් රඳවාගෙන සිට ඇති අතර මෙම නිවාස නිතර දෙවෙල් නාඳුනන පිරිස් යන එන බවට අසල්වාසී පිරිස් කියවා.‘
    එම දරුවා එම නිවසේ ඉදිරිපස කාමරයේ පරණ ලෑලිගොඩක් යට දැමූ රෙදි කැබල්ලක උඩ සිටි බව ඔහු කියයි.
    ‘අසල්වාසීන් පවසන්නේ නිතර දෙවේලේ මෙම නිවසට නාඳුනන පිරිස් යන එන බවයි. ‘