රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති මිනීමරුවෝ රණව&

monson

Well-known member
  • May 7, 2007
    25,791
    28,970
    113
    රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති මිනීමරුවෝ රණව&

    රණවිරුවෝ මිනීමරුවෝ නොවෙති මිනීමරුවෝ රණවිරුවෝ නොවෙති

    22 ජූලි, 2017

    හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. පී. කේ. දසනායකව අත්අඩංගුවට ගැනීමත් සමඟ අපේක්ෂා කළ යුතු ආකාරයට කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන ආරම්භ වී තිබේ. යහපාලන රජය රණවිරුවන්ව දඩයම් කරමින් සිටින බවට වන ප්‍රමාදය යළි කරළියට පිවිස ඇත. දසනායක නාවික හමුදාව තුළ පෑ වික්‍රමයන් ඔවුන් ඒ වෙනුවෙන් උත්කර්ෂයට නංවමින් සිටිති.

    මෙය රණවිරු දඩයමක් වන්නේ කෙසේ දැයි අපට නොවැටහේ. දසනායකව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධයේදී ඔහු කළ කී දෑ දේ සම්බන්ධයෙන් නොවේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක චූදිතයකු ලෙසය. හමුදා නිල ඇඳුමක් ඇඟලා ගත් සැණින් කෙනෙකු රණවිරුවකු වන්නේ නැත. අනෙක් අතට ඕනෑම අසමජ්ජාති වැඩක් කිරීමට අධිකාරි බලයක් හෝ බලපත්‍රයක් ආරක්ෂක අංශ සාමාජිකයකු වීම තුළ හිමි වන්නේ ද නැත. තර්කය එතරම්ම සරලය. නීතියට පිටින් යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් හිමි විය යුතුය. දසනායකට රණවිරු ලේබලය පින්තාරු කරමින් සිටින තක්කඩි දේශපාලනඥයන් එසේ හැසිරෙනුයේ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් බව සුපැහැදිලිය. 2000 වසරේදී යුද හමුදාව සතු අලිමංකඩ ඇතුළු ප්‍රධාන හමුදා සංකීර්ණ එකින්එක ඇද වැටීමෙන් පසු යාපන කොටුවේ සිරවී සිටින හමුදා භටයන්ගේ දිවි බේරා ගැනීමට නායකත්වය දුන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා, රාජපක්ෂ සමයේදී දරුණු කායික හා මානසික පීඩාවන්ට ලක්වද්දී රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් අද මාධ්‍ය සංදර්ශන පවත්වන මේ මහත්වරු අවම තරමින් කටක් හෝ ඇරියේ නැත.
    ත්‍රස්තවාදයට එරෙහි වූ තීරණාත්මක අවසන් සටන සඳහා හමුදාවට නායකත්වය සැපයූ සරත් ෆොන්සේකා හමුදාපතිවරයාට පසු කාලයකදී එළවා එළවා පහර දෙද්දීත් මේ ඊනියා දේශප්‍රේමීන් දැක්වූයේ එවැනිම වූ නිශ්ශබ්දතාවකි. රාජපක්ෂ සමයේ ඒ තරමටම සමාජය නිර්වින්ධනය කර පැවැතිණි.

    pol-4.jpg


    දස්කම් වැරදි පාරට

    හමුදා හෝ පොලිස් සාමාජිකයන් මිනීමැරුම් පැහැර ගැනීම් ඇතුළු අපරාධයන් සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් මීට පෙර සිදුව ඇත්තේ වරකදී දෙකකදී නොවේ. ඕනෑ තරම් එබඳු සිදුවීම් හමුවේ 1996 අගෝස්තු 6 වැනි දින ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරියව දූෂණය කර මරා දැමීම හා ඇගේ මව වූ රාසම්මාගේ දහසය හැවිරිදි සහෝදරයා වූ ප්‍රාණවන්ගේ හා පවුලේ හිතවතකු වූ කිරුබාකරන්ගේ ගෙළ සිර කර සිරුර කොටස්වලට කපා හමුදා කඳවුරක වළලා තිබියදී පසුව සොයා ගන්නා ලදී. එම ම්ලේච්ඡ ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවට හා පොලීසියට සම්බන්ධ පස්දෙනෙකු වරදකරුවන් වන ලදී. 1989 අගෝස්තු මාසයේ සිට නොවැම්බර් දක්වා කාල පරාසය තුළ ඇඹිලිපිටියේ පාසල් සිසුන් තිස්දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු වරදකරුවන් විය. 2000 ඔක්තෝ­්බරයේදී බිඳුණුවැව දී මෙන්ම 71 අප්‍රියෙල් 16 වැනි දින සිදුවූ සුප්‍රකට ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමේදී ආ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව විශේෂ සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක වී තිබේ. එම ඉතිහාසය සමඟ බලන විට මේ සිදු වීම මහා අමුතු දෙයක් නොවේ.

    කොමදෝරු දසනායකව අත්අඩංගුවට ගැනුණු මේ සිදුවීම කරළියට පැමිණියේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ 2009 මැයි 28 වැනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සමඟය. සක්‍රීය නාවික හමුදා සේවාවේ නිරතව සිටිමින් එල්. ටී. ටී. ඊ. ය සමඟ ඍජුව හෝ වක්‍රව සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව හොයා බලන ලෙස ඉල්ලමින් කරන්නාගොඩ මහතා එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහට එරෙහිවය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් නාවික හමුදාවේ එවකට සිටි විනයාරක්ෂකාධිපති කපිතන් සේනක හංවැල්ල මහතා විසින් කරන ලද ස්ථානීය පරීක්ෂාවකදී සම්පත් මුණසිංහ පරිහරණය කළ නිලධාරී නිවස්නෙහි අංක 8 දරන කාමරය තුළ තදාසන්න කාලයේ පැහැර ගැනීම්වලට ලක්වූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් විදේශ ගමන් බලපත්‍ර ණය කාඩ්පත් සහ ජංගම දුරකථන රැසක් හමුවන ලදී. ඒවා අතර ගල්කිස්ස ලංකා බැංකුවේ අංක 049568 දරන රුපියල් 760,000 ක චෙක්පත, ඒ 3323 දරන රුපියල් 500,000 ක් සඳහන් කොළ පැහැති පොරොන්දු පත්‍රය, අංක 5656 දරන රුපියල් 400,000ක් සඳහන් රෝස පැහැති පොරොන්දු පත්‍රය, අංක 8020019831 දරන සම්පත් යන අයගේ කොමර්ෂල් බැංකු ගිණුම් පොත, අංක 7960595 දරන සම්පත් යන අයගේ ලංකා බැංකු ගිණුම් පොත, අංක 002020330398 දරන සම්පත් අය අයගේ එච්. එන්. බී. ගිණුම් පොත. 002093553 දරන සම්පත්ගේ හැටන් නැෂනල් බැංකු ගිණුම් පොත, N 1431844 දරන ස්ටැන්ලි ලියෝන් නමැත්තාගේ විදේශ ගුවන් ගමන් බලපත්‍රය, අංක 601772809V දරන කේ. ඒ. ඇන්ටන් යන අයගේ ජාතික හැඳුනුම්පත, අංක 790683021V දරන ත්‍යාගරාජා ජෙගන් යන අයගේ ජාතික හැඳුනුම්පත 584201179V දරන එන්. එස්. ලියෝන් යන අයගේ ජාතික හැඳුනුම්පත අමලන් ලියෝන් හා රොෂාන් ලියෝන් යන අයගේ ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ඔවුන් සමඟ රාමනාදන් මහල් නිවසේ පදිංචිව සිටි ඉංග්‍රීසි ජාතික මයික් ඕගන්ගේ ජංගම දුරකථනය ද එහි තිබී හමු වන ලදී. එම බඩු භාණ්ඩ තමන් සන්තකයට ගත් කපිතන් සේනක හංවැල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මැයි 30 වැනි දින බාර දෙන ලදී. අමතක නොකළ යුතු කරුණ වන්නේ මේ කාලය වන විට සම්පත් මුණසිංහ නාවික හමුදා රාජකාරිවලින් ඉවත්ව යටිබිම්ගත ජීවිතයකට හුරුව තිබිණි.

    “නේවි සම්පත්” යනුවෙන් ප්‍රචලිත සම්පත් මුණසිංහ, වසන්ත කරන්නාගොඩ නැ‍ඟෙනහිර නාවික ප්‍රදේශය භාර අඥාපතිව සිටි සමයේ ත්‍රිකුණාමලයේ නාවික බුද්ධි අංශ නිලධාරියකු ලෙස කටයුතු කළේය. ඔහු එල්. ටී. ටී. ඊ යේ ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර සෝදිසියෙන් සිටිමින් වැදගත් තොරතුරු රැසක් කල් තියා හෙළි කර ගත් දක්ෂ නිලධාරියෙකු විය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා වූ පසු ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා වූයේ සම්පත්ය. සම්පත් හා කරන්නාගොඩ මහතා අතර පැවැති සම්බන්ධය කෙතරම් එකක් ද කිවහොත් එය පියෙකු හා දරුවෙකු අතර මට්ටමේ සමීප සම්බන්ධතාවයක් විය. එසමයෙහි බොහෝ ඉහළ නිලධාරීන් තම මාරුවීම් සිදු කර ගැනීමට සම්පත් වෙත පැමිණීමෙන් ඔහු වටා තිබු රැස් වළල්ලේ තරම පෙනී යයි. හිටි හැටියේ සම්පත් හා කරන්නාගොඩ මහතා අතර පැවැති ඒ සමීප සම්බන්ධය නොඑසේනම් එම විශ්වාසය පළුදු වූයේ කෙසේ ද යන්න තවමත් හරිහැටි පැහැදිලි නොමැත. ඒ ගැන ඇති කථා බොහෝය.

    5 දෙනෙක් අතුරුදන්

    මේ අතර සම්පත් මුණසිංහගේ සැක කටයුතු ගනුදෙනු රැසක් පිළිබඳව තොරතුරු රැසක් කරන්නාගොඩ මහතාට දැනගැනීමට ලැබී තිබිණි. ඒ අතර මිලියන ගණනක මුදල් ඉල්ලමින් සිසුන් පස්දෙනකු පැහැරගෙන යෑම පිළිබඳ සිදුවීමක් ද විය. ඒ පිළිබඳ කන වැකුණු වහාම ඒ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස එවකට නාවික හමුදාවේ බුද්ධි අංශ පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ආනන්ද ගුරුගේ මහතාට දැනුම් දෙන ලදී. එම අතුරුදහන් කිරීම පිළිබඳ විස්තර කපිතන් ජගත් ජයන්ත රණසිංහ විසින් හෙළිකර තිබූ අතර එම තරුණයන් පස්දෙනා වූයේ ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, රජිව් නාගනාදන්, මොහොමඩ් ජිලාල් ජමාල්ඩීන් හා මොහොඩ් සාජීත්ය. කොමදෝරු උදයකීර්ති විජය බණ්ඩාර වෙත එවන ලද කෙටි පණිවිඩයක් මඟින් එය ජගත් රණසිංහ දැනුම් දී තිබිණි.

    එම තරුණයන් පැහැර ගැනීමෙන් පසු රජිව් නාගනාදන්ගේ දෙමවුපියන්ට කථා කරමින් දරුවන්ව නිදහස් කිරීමට රුපියල් මිලියන 10 ක කප්පමක් ඉල්ලා තිබූ අතර පසුව එය මිලියනය දක්වා අඩු කර නාවික හමුදාපතිවරයා සමීපයෙහි වැඩ කරන සම්පත් නැමැති නිලධාරියෙකුට ලබාදීම යුතු බව පැහැර ගන්නා ලද පුද්ගලයෙක් රාමනාදන් පවුල වෙත දැනුම් දී තිබිණි.

    තමන් වෙත ලැබුණු එම බඩු භාණ්ඩ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වද්දී හෙළි වූ වැදගත් කරුණක් වූයේ තමනට හමු වූ ජාතික හැඳුනුම්පත් හා ගුවන් ගමන් බලපත්‍ර හිමි සිවු දෙනකු 2008 වසරේ සිට අතුරුදහන් වී ඇති බවය.

    ඒ අතරින් කෙනෙකු වූ ස්ටැන්ලි ලියෝන් ආරිප්පුහි නැ‍ඟෙනහිර ආරිප්පුවල අංක 47/1 දරන ස්ථානයේ පදිංචිකරුවකු විය. ඔහු කොළඹට පැමිණ තිබුණේ සිය පුත්‍රයා වූ අමලන් ලියෝන් හා මයික් ඕගන් නමැති විදේශිකයකු සමඟය. කොළඹ ගමනේ අරමුණ වූයේ එක්සත් රාජධානිය බලා යෑමට වීසා බලපත්‍ර ලබා ගැනීමටය. කොළඹට පැමිණි ඔවුන් නතර වූයේ කොටහේන රාමනාදන් මහල් නිවාස සංකීර්ණයේය. 82/73සී හී ය. ආයුධ සන්නද්ධ නාඳුනන කල්ලියක් විසින් ස්ටැන්ලි හා අමලන්ව පැහැරගෙන තිබුණේ 2008 අගෝස්තු 25 වැනි දිනදීය. සම්පත්ගේ නිලධාරී නිවස්නයෙහි තිබී හමු වූ ජාතික හැඳුනුම්පතක නම සඳහන්ව තිබූ ත්‍යාගරාජා ජෙගන් ත්‍රිකුණාමලයේ පදිංචිකරුවකු විය. කොළඹ 13 ජිංතුපිටියේ ස්වර්ණාභරණ අලෙවිසලක සේවය කළ ජෙගන් ද අතුරුදන්ව තිබුණේද 2008 වසරේදීය.

    චෛත්‍ය පාරට


    සම්පත් මුණසිංහ යටතේ රාජකාරි කළ නාවික සංඥා සෙබළ අලුත්ගෙදර උපුල් බණ්ඩාර හා ලක්ෂ්මන් උදය කුමාරගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම පැහැර ගැනීම් පිළිබඳව තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනුමට අපරාධ පරීක්ෂකයන් සමත් විය. මාතලේ රත්තොට පාර කළුදාවල පදිංචිකරුවකු වන උපුල් බණ්ඩාර සදහන් කර තිබුණේ 2008 වසරේ දිනක සම්පත් මුණසිංහ විසින් තමා අමතා සැක කටයුතු පුද්ගලයන් පස්දෙනෙකු ටාටා ඉන්ඩිගෝ වර්ගයේ කළු පැහැති මෝටර් රථයකින් දෙහිවල බඩෝවිට මාර්ගයට හැරෙන ස්ථානයට රාත්‍රී 10.00 ට පැමිණෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන දැනුවත් කරන ලෙස පැවසු බවත්ය. ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමත් සමඟ වෑන් රථයකින් ගොස් ඉහත නියෝගය ක්‍රියාත්මක කළ බව උපුල් බණ්ඩාර පවසා තිබිණි. ඒ සමඟම ඔවුන් ගමන් කළ කළු පැහැති KC 5559 දරණ මෝටර් රිය ද රැගෙනවිත් තිබිණි. නාගනාදන් පවුලේ ආර්ථිකමය හැකියාව පිළිබඳව සම්පත් මුණසිංහට විස්තර ලබා දී තිබුණේ, ආරක්ෂක අංශවලට ඔත්තු සැපයූ අන්වර් අලී නොහොත් හාජ්ජියාර් නමැත්තෙකි. අන්වර් අලී දෙහිවල පොලිස් ස්ථානය අසල ප්‍රනාන්දු පටුමගේ පදිංචිකරුවකු විය.

    රජිව් නාගනාදන් කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුවකු වූ අතර ඔහු අධ්‍යාපනය සම්බන්ධයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූවකු විය. ඔහු පැහැර ගැනීමට ලක් වූයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානිය බලා යෑමට පෙර දිනයේදීය. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද විශේෂ දක්ෂතා දැක්වූ රජිව්ගේ උසස් පෙළ ප්‍රතිඵල සටහන් වූයේ ‘ඒ’ සාමාර්ථ දෙකක් සහ ‘බී’ සාමාර්ථයක් ලෙසිනි. වෛද්‍යවරයකු වී තම මවුබිමට සේවය කිරීම ඔහුට අවශ්‍යව තිබිණි. රජිව්ගේ දෙමවුපියන් ඔහුට කෙතරම් සෙනෙහසක් දැක්වූවා ද කිවහොත් උසස් පෙළ සාර්ථකව සමත් වීමෙන් අනතුරුව බීඑම්ඩබ්ලිව් රථයක් ඔහුට තිළිණ කිරීමට ඔවුන් කටයුතු කළේය. ඔහුගේ උපන් දින සාද පැවැත්වූයේ අගනගරයේ ඇති ඉහළම හෝටල්වලය. කප්පම් මුදල් ගැනීම සඳහා ඔහුව පැහැර ගන්නේ ඒ සියල්ල හොඳහැටි අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

    රජිව් පිළිබඳව එම ඔත්තු‍ සපයා තිබුණේ අන්වර් අලීය. විදෙස්ගත වීමට පෙර දින රාත්‍රියේ රජිව් තම මිතුරන් ද සමඟ රෑ කෑමට පිටතට පැමිණියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අසල ඇති සුප්‍රසිද්ධ සැලුනයකින් කොණ්ඩයද කපා ගැනීමේ හා අන්වර් අලීව ද හමුවීමේ අරමුණු ද සහිතවය.

    මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව පැහැර ගැනීමෙන් අනතුරුව රජිව් ඇතුළු කණ්ඩායම ගෙනවිත් ඇත්තේ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරේ පිට්ටු බම්බුව නම් ස්ථානය වෙතටය. එතැනින් ඔහුව ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ පිහිටි නාවික කඳවුරට රැගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශාලම නාවික කඳවුර වන එය නාවික හමුදාවේ හදවත ලෙස සැලැකෙයි.

    ඉන්දියන් සාගරය තුළ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත්ව තිබූ විශාලම කඳවුර වූ එය 1957 වසරේ ඔක්තෝම්බර් 15 වන දින රාජකීය ලංකා හමුදාවේ භාරයට පත්වන ලදී. ඓතිහාසික වටිනාකමක් සහිත එහි දෙවන මහා ලෝක යුද්ධයට පෙර සිට සවිකරන ලද විශාල නාවික කාලතුවක්කු තවමත් දැකගත හැකිය. එම කාලතුවක්කුවලට අවශ්‍ය උණ්ඩ සහ නෞකාවලට අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තැබීමට සකස් කරන ලද විශාල උමං මාර්ග හා භූගත ගබඩා තවමත් එහි පවතී. ත්‍රිකුණාමලයට රැගෙන ආ රජිව් නාගනාදන් ඇතුළු පිරිසව රඳවා තබන ලද්දේ ගන් සයිඩ් නමින් හඳුන්වනු ලබන එවැනි එක් භූගත සිර මැදිරියකය. රජිව් නාගනාදන් ඇතුළු තරුණයන් පිරිස පැහැරගත් කණ්ඩායම අවසානයේ කප්පම් මුදල් පිළිබඳ ඇතිවූ ප්‍රශ්නයක් මත අන්වර් අලීව ද පැහැර ගැනීමට කටයුතු කළේය. ඒ තරුණයන් පස්දෙනාගේ පැහැර ගැනීම පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකිරීමේ අරමුණිනි.

    එම පැහැර ගැනීම සිදු වූයේ කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ දෙසට පැමිණෙමින් සිටියදීය. පැහැර ගැනීමට ලක්වූ සියලු දෙනාම එකවර ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රඳවා සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂකයන් මේ වන විට සොයාගෙන ඇත. ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ සිටියදී රජිව් නාගනාදන් තම නිවෙසට ද කතා කර ඇත.

    වරක් අන්නච්චි නම් පුද්ගලයකු දුරකථනයෙන් රජීව්ගේ පියා වන ගෝවින්ද්‍ර ස්වාමිගෙන් ඉල්ලා ඇත්තේ දරුවන් මුදා හැරීමට නම් රුපියල් මිලියන 10ක කප්පමක් තමන්ට අවශ්‍ය බවය. හෙට්ටු කිරීමකින් අනතුරුව අවසානයේදී ගනුදෙනුව ලක්ෂ 50 තෙක් අඩු විය. මුදල් ද රැගෙන නාරම්මලට පැමිණෙන ලෙස කප්පම්කරුවන් රජිව්ගේ පියාට දැනුම් දුන්මුත් ඔහු පවසා ඇත්තේ නාරම්මල වෙනුවට වැලිසරට පැමිණෙන ලෙසය. එවිට “ලොකු අන්නච්චිගෙන්” විමසා පිළිතුරක් දෙන බව කියමින් දුරකථනය විසන්ධි කර ඇත. මේ අතර 2009 ජනවාරි 15 දින රජිව් තම පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

    මාස ගණනකට පසු තම පුත්‍රයාගේ කටහඬ ඇසුණුමුත් කතා කරන්නේ පුත්‍රයාම ද යන්න දැනගැනීමට ගෝවින්ද ස්වාමිට අවශ්‍ය විය. ඒ නිසාම ඔහු පෞද්ගලික ප්‍රශ්න කිහිපයක් සිය පුත්‍රයාගෙන් විමසුවේය.

    නිවසේ මාළු ටැංකියේ සිටින මාළුන් පිළිබඳව ද පියා පුතාගෙන් විමසුවේය. කතා කරන්නේ රජිව් බව සැක හැර දැනගත්තේ එම පරීක්ෂාවෙන් අනතුරුවය. තමන්ට මුහුණ දීමට සිදුවූ දෑ ඇතුළු බොහෝ විස්තර රජිව් සිය පියාට පවසන ලදී. මේ ආකාරයට 2009 අප්‍රියෙල් මාසයේදී ද හේෂාන් නමැත්තෙකුගෙන් රජිව්ගේ දෙමවුපියන්ට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු ද ඉල්ලා කියා සිටියේ කප්පම් ගෙවූහොත් දරුවන් නිදහස් කරන බවය. පසුව එම පුද්ගලයා අවස්ථා කිහිපයකදීම තම දුරකථනය ඔස්සේ දෙමවුපියන් හා කතා කිරීමේ ඉඩ රජිව්ට ලබා දුන්නේය.

    කොළඹින් ත්‍රිමලේට

    කොළඹ සිට තමන්ව ත්‍රිකුණාමලයට රැගෙන විත් ඇති බව රජිව් ඒ අවස්ථාවේදී දැනුම් දුන්නේය. තම පුත්‍රයා ඇතුළු පිරිස නාවුක හමුදා භාරයේ සිටින බව සැක හැර තහවුරු කරගැන්මෙන් අනතුරුව ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෝවින්ද ස්වාමි තම මිතුරෙකු වන අමාත්‍ය ෆිලික්ස් පෙරේරාගේ සහාය පැතීය. ෆිලික්ස්, වාචිකව මෙන්ම ලිඛිතවත් ඒ පිළිබඳව නාවික හමුදාපතිවරයාව දැනුවත් කළ මුත් කිසිවක් සිදු වූයේ නැත. අත්අඩංගුවට ගත් පිරිස ත්‍රිකුණාමලයේ සිටින බවට තවත් සාක්ෂියක් 2009 මාර්තු 23 වැනිදා අන්වර් අලීගේ ඥාති සහෝදරයකු වන සිරාජ්ගේ ජංගම දුරකථනයට ලැබිණි.

    “සම්පත් මාව අල්ලාගත්තා. ඩී.අයි.ජී. කමල්ඩීන්ට කියලා මාව බේරගන්න.” ඔහු පැවසුවේය. 2009 ජුලි 26 වැනිදා නැවත දුරකථන ඇමතුමක් අන්වර්ගෙන් සිරාජ්ට ලැබිණි.

    “මාව තියාගෙන ඉන්න අන්තිම දවස අද. කොහොමහරි මාව බේරගන්න.” ඔහු පැවසුවේය. ඉන්පසු කිසි දිනෙක ඔහු කථා කළේ නැත.

    කප්පම් ගැනීමේ අරමුණින් මේ සියලු දෙනා පැහැරගත් බව සුපැහැදිලි වන අතර වරක් අන්නච්චි නමින් කථා කළ පුද්ගලයා ත්‍යාගරාජා ජෙගන්ගේ මවට කථා කර රුපියල් මිලියනයක කප්පම් මුදලක් ඇයගෙන් ද ඉල්ලා සිටියේය. අනතුරුව ගනුදෙනුව ලක්ෂ 5ක මුදලක් දක්වා අඩු වූ අතර තඹලගමුව ප්‍රදේශයට කප්පම් මුදල් ද රැගෙන යෑමෙන් පසු එය රැගෙන පළා යෑමට කටයුතු කරන ලදී.

    මේ සමස්ත සිදුවීම් ජාලය දෙස බලන විට නාවික හමුදාවට සම්බන්ධ කණ්ඩායමක් මේ පිටුපස සිටින බව පැහැදිලිය. ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ විශේෂ රාජකාරිවලට අනුයුක්තව සිටි නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චි හා වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාව සිටි සම්පත් මුණසිංහ යටතේ පැවැති ආවේක්ෂණ කණ්ඩායමේ නිලධාරීන් විසින් විවිවිධ ක්‍රම උපායන් භාවිත කරමින් මෙම පැහැර ගැනීම් සිදුකර ඇති බව මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇත. කොළඹ, වත්තල, කොටහේන, දෙහිවල හා කටුනායක යන ප්‍රදේශවලදී පුද්ගලයන් 11 දෙනෙකු මේ ආකාරයට පැහැරගෙන ගොස් ඇත. පසුව එම පුද්ගලයන් ත්‍රිකුණාමලය ‘ගන් සයිඩ්’ නම් සිර මැදිරිවල නීති විරෝධීව රහසිගතව රඳවා ගනිමින් අතුරුදහන් කර තිබේ. ඔවුන් එහි රඳවා තබාගෙන සිටි සමයේ ශ්‍රී ලංකා නාවික නෞකා තටාකාංගණ ආයතනයේ බුද්ධි නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත්තේ මේ වන විට කොමදෝරු ධූරයේ කටයුතු කරන සුමිත් රණසිංහය.

    චෛත්‍ය පාරේ වාහනය

    ඩී. කේ. පී. දසනායක මේ අහස පොළොව නුහුළන අපරාධයට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳවද විස්තර රැසක් හෙළි වී ඇත. කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා කඳවුරේ සිටියදී රජිව් නාගනාදන් තමන් රඳවා සිටින ස්ථානය හා ඒ අසල නවතා ඇති වාහන පිළිබඳ විස්තරයක් සිය මවට පවසා ඇති අතර කපිතන් දසනායකගේ H.P. 8987 දරන මෝටර් රථයේ විස්තර ද ඔහු එසේ හෙළි කර ඇත. රජිව්ට එසේ කළ හැක්කේ ඩී. කේ. පී. දසනායක ඔහු රඳවා සිටි ස්ථානයට පැමිණි නිසා හෝ අවට සිටි පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව විය යුතුය. මේ අතර සම්පත් මුණසිංහ ද අපරාධ පරීක්ෂකයන් වෙත ලබාදුන් තම ප්‍රකාශයේදී සඳහන් කර තිබුණේ වසන්ත කරන්නාගොඩ, හිටපු නාවික හමුදාපතිවරයා දෛනිකව පවත්වන ලද පැය 24 හි ප්‍රගති සමාලෝචන රැස්වීමකදී දෙහිවලදී පැහැර ගැනීමකට ලක්වූ තරුණයන් ‍පස්දෙනා පිළිබඳව එවකට සිටි නාවික හමුදාපතිවරයාව, දසනායක විසින් දැනුවත් කළ බවය. මේ අතර අරිප්පු ප්‍රදේශයේ සිට අමලන් ලියෝන් පිළිබඳ ඒ. එම්. අශෝක මහේෂ් කුමාර නම් නාවික හමුදා නිලධාරියා සම්බන්ධතා පවත්වා ඇත්තේ ඩී. කේ. පී. දසනායකගේ අධීක්ෂණය යටතේය. අශෝක් මහේෂ් කුමාර, සම්පත් මුණසිංහ යටතේ සිටි නිලධාරියකු වුවද තම මෙහෙයුම් කටයුතු සඳහා නාවික හමුදාපතිවරයාගේ ආවේක්ෂණ සංචිතයේ නාවිකයන් ද දසනායක සිය මෙහෙයුම් කටයුතු සඳහා යොදාගත් බව ඉන් හෙළි වෙයි. අමලන් ලියෝන් හා ඔහුගේ පුත්‍රයාව පැහැර ගැනීමෙන් පසුව ඒ ගැන දසනායක විස්තර දැන සිටි බව මේ වන විට පරීක්ෂකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    නාවික හමුදාවට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ කිසිදු බලයක් නැත. එබැවින් පුද්ගලයන් එකළොස් දෙනෙකු නීති විරෝධි ලෙස රඳවා තබා ගනිමින් ඔවුනගේ ඥාතින්ගෙන් කප්පම් මුදල් ඉල්ලමින්, එසේ ලබා ගනිමින් ඔවුන්ව අතුරුදහන් කරමින් මේ සිදුකර ඇත්තේ බරපතළ වරදකි. ඔවුන්ව ඝාතනය කර නොමැති බවට අවම හෝ සැකයක් දැන් නොමැති තරම්ය. කනගාටුදායක කරුණ වනුයේ මෙම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් මේ පුද්ගලයන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හෝ අපරාධයකට සම්බන්ධ නොමැති පුද්ගලයන් බව නාවික හමුදාව හැර අන් සියලු අංශයන් හා කාර්යාංශ මඟින් දැනුම් දී තිබීමය.

    එවැනි පසුබිමක මෙම පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයන් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වී ඇත්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුම් නොදෙන්නේ කුමන පදනමකින් ද යන්න ගැටලු සහගතය. නිල ඇඳුමට මුවා වී තක්කඩි වැඩ කළ මෙවැනි අපරාධකරුවන් බේරා ගැනීම වෙනුවට, පැහැදිලි අධිකරණමය ක්‍රියාවලියක් තුළ ඔවුනට දඬුවම් පැමිණවීමට කටයුතු කිරීම රණවිරුවන්ට කරන අපහාසයකට වඩා ඉතිරිව සිටින සැබෑ රණවිරුවන්ට කරන සැබෑ ගෞරවයක්ම වන බව අවසාන වශයෙන් ලියා තැබිය යුතුය.

    චාමර ලක්ෂාන් කුමාර


    - http://www.silumina.lk/2017/07/22/දේශපාලනය/රණවිරුවෝ-මිනීමරුවෝ-නොවෙති-මිනීමරුවෝ-රණවිරුවෝ-නොවෙති
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    රණවිරුවන්ට අනම් මනම් කියන්න ආවොත් කොල්ලෙක් කියලා නැහැ..පු@ අරිනවා....
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පොදුවේ රණවිරුවන් කියන හමුදා සාමාජිකයන් අතරේත් වැරදි කරපු මිනිසුන් ඉන්නවා, ඇතැමුන් කරපු අපරාධ
    ඉතාම නින්දිතයි, ඔවුන්ට දඬුවම් නොදුන්නොත් නම කැත වෙන්නෙත් රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල රණ විරුවන්ගේත් අප කාගේත් රටෙත් නමයි. ඒ නිසා පරීක්‍ෂණ පැවැත්වීම අවශ්‍ය දෙයක්,
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,791
    28,970
    113
    පොදුවේ රණවිරුවන් කියන හමුදා සාමාජිකයන් අතරේත් වැරදි කරපු මිනිසුන් ඉන්නවා, ඇතැමුන් කරපු අපරාධ
    ඉතාම නින්දිතයි, ඔවුන්ට දඬුවම් නොදුන්නොත් නම කැත වෙන්නෙත් රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල රණ විරුවන්ගේත් අප කාගේත් රටෙත් නමයි. ඒ නිසා පරීක්‍ෂණ පැවැත්වීම අවශ්‍ය දෙයක්,

    :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට තාම හිතෙන්නේ D K P දසනායක ඈරෙස්ට් කරන්න තරම් සාක්ෂි නෑ කියල. බලාගෙන ඉමු උසාවියෙදි සාක්ෂි එලියට එයි නේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කන්න ඕන වුනාම කබරගොයත් තලගොයි වෙන රටක් මේක ..
    අනික බලේට එන්න ගහපු අග්රිමන්ට් ක්‍රියාත්මක කරන්නත් එපයි .ඔය පාට් මිනිමරපු කොටින් නිදහස් කරනකොට නැත්තේ ඇයිද දන්නේ නැ නේ ...

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරුසිරා;21987621 said:
    කන්න ඕන වුනාම කබරගොයත් තලගොයි වෙන රටක් මේක ..
    අනික බලේට එන්න ගහපු අග්රිමන්ට් ක්‍රියාත්මක කරන්නත් එපයි .ඔය පාට් මිනිමරපු කොටින් නිදහස් කරනකොට නැත්තේ ඇයිද දන්නේ නැ නේ ...


    සම්පූර්න ඈත්ත මචන්. මාදයත් එහෙමයි. කියවල බලපන් අර බෑදුම්කර වන්චා කොමිසමේ සාක්ශි විබාගේ. මම හිතන්නේ පවතින ආණ්ඩුවක් යටතේ වෙච්ච වන්චාවක් එලියට එනවමද කොහෙද? මේකෙත් සාක්ශි උසාවියේ එලියට ආවාම අපිට බලාගන්න පුලුවන් කවුද ඈත්ත කියන්නේ කියල.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සම්පූර්න ඈත්ත මචන්. මාදයත් එහෙමයි. කියවල බලපන් අර බෑදුම්කර වන්චා කොමිසමේ සාක්ශි විබාගේ. මම හිතන්නේ පවතින ආණ්ඩුවක් යටතේ වෙච්ච වන්චාවක් එලියට එනවමද කොහෙද? මේකෙත් සාක්ශි උසාවියේ එලියට ආවාම අපිට බලාගන්න පුලුවන් කවුද ඈත්ත කියන්නේ කියල.
    :yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,791
    28,970
    113
    රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි - හමුදාපති

    04 August 2017

    e4d5c44c5a496510a92bb496aa533f7c_XL.jpg




    හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස සමාජය වටහා ගත යුතු බව අවධාරණය කරයි.

    යුද හමුදාපතිවරයා ඒ බව කියා සිටියේ අද (අගෝස්තු 04) මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
    "විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක් මිනීමරුවෙක් වී තිබෙනවා නම් ඔහු ඒ දඬුවමට යටත් විය යුතුයි" යනුවෙන් හමුදාපතිවරයා සඳහන් කළේය.
    හමුදා සාමාජිකයන් සහ නිලධාරීන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ යුද හමුදා නීතියට යටත් බව පෙන්වා දෙන හමුදාපතිවරයා එබැවින් ත්‍රිවිධ හමුදාවම විනයට ගරු කරන බව පැවසීය.

    "යුද කාලෙදී හෝ පසුව නිල ඇඳුම භාවිත කරලා යම් අයෙකු වැරදි ක්‍රියාවක නිරත වී තිබෙනවා නම් ඔහු රණවිරුවෙක් නෙවෙයි. අන්න ඒ කියන්නා වූ රණවිරුවෝ තමයි ඒ දඩයම් කරනවා කියන්නේ. නැතුව සටන හරියට කරපු කිසිම කෙනෙකුට එහෙම දඬුවම් ලැබිලත් නැහැ"මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවේ හමුදාපතිවරයා කියා සිටියේ විනයගරුක නොවන සොල්දාදුවන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු හමුදාවේ සිටින බවය."ඒ අයට කිසි සමාවක් නැහැ. මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා"

    මල්වතු මහා නාහිමියන් උතුරේ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් ද හමුදාපතිවරයාගෙන් විමසා සිටියහ.උතුරු පළාතේ යම් යම් කණ්ඩායම් ක්‍රියාත්මක වුවත් ඔවුන් එල්ටීටීඊ සංවිධානය තරම් ශක්තිමත් කණ්ඩායම් නොවන බව සඳහන් කළේය.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ "කුහක සහ පටු දේශපාලන අදහස්" මුදුන් පත් කර ගැනීමේ අරමුණින් එවැනි කණ්ඩායම් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවය."දකුණේත් සමහරවිට එය වැරදියට සිද්ධ වෙනවා. නමුත් උතුරේ ජීවත් වුනොත් තේරෙනවා එහෙම තත්ත්වයක් නැහැ කියලා"උතුරෙන් වාර්තා වූ ඇතැම් ක්‍රියා සහ 1978 පෙර පැවති තත්ත්වය හා සැසඳීමට ඇතැමුන් උත්සහ කරන බව කී හමුදාපතිවරයා "මහා හමුදාපති වශයෙන් කියන්නේ ඒක බොරුවක්. මොකද 78 හමුදාව එහෙම හිටියේ නැහැ. 78 හිටියේ පොලිසිය. පොලිසියට ඒ කරදර සිදු වුනා. හමුදාව එන්නේ 83 න් පස්සේ" යනුවෙන් පැවසීය.


    - http://sathhanda.lk/5021-2017-08-04-16-55-47
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පොලිසිය කතා ගොතයි හිටපු කොටියා ඇත්ත කියයි

    මාස දහයකට ආසන්න කාලයක්‌ නිරපාරදේ රිමාන්ඩ් ගත කර සිටි කොමදෝරු ඩී. පී. කේ. දසනායකට සහ කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුලු නාවික හමුදා විරුවන්ට පසුගියදා ඇප ලැබුණි. යහපාලනයේ ඊලාම්ගැති ප්‍රතිපත්තිය රට ඉදිරියේ තබමින් නාවික හමුදාවේ වීර පිරිස මාස දහයක්‌ පුරා හරිහමන් හේතුවක්‌ නොමැතිව රිමාන්ඩ්ගත වී සිටියේය.

    දෙසැම්බර් 4 වෙනිදා සිට 14 වෙනිදා දක්‌වා ලංකාවේ සංචාරයක නියුතු එක්‌සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ නිළධාරීන් මේ පිළිබ`දව විමසා බැලීම සඳහා බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට ගියේය. එපමණක්‌ නොව හමුදා කදවුරු ඇතුලේ පවා ඇවිද්ද නමුත් දසනායක හෝ සුමිත් රණසිංහ බලහත්කාරයෙන් සිරගත කර තිබෙන ආකාරය පිළිබඳව සොයා බලන්නට නොගියේය. දසානායකගේ දියණිය සිය පියාට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම කණ්‌ඩායම හමුවීමට උත්සාහ කළ ද අවම තරමින් ඇය කියන්නට උත්සාහ දරන්නේ කුමක්‌දැයි අසන්නටවත් එක්‌සත් ජාතීන්ගේ එම කණ්‌ඩායමට වුවමනා නොවීය.

    2009 මැයි 28 දින තමන්ගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ විසින් පිරිසක්‌ පැහැරගෙන රඳවා තබා කප්පම් ලබාගෙන ඇතැයි යන චෝදනාව පිළිබඳව මුලින්ම පැමිණිල්ලක්‌ සිදුකරන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසිනි. මේ චෝදනාව පිළිබඳ විමර්ශනය ඇරඹෙන්නේ ඊට වසර හතකට පසුවය.

    විමර්ශනය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙමින් එදා චෝදනාලාභියා වූ සම්පත් මුණසිංහ වෙනුවට දසනායක සහ සුමිත් රණසිංහ වෙත පුද්ගලයන් එකොළොස්‌ දෙනෙකු රඳවා තබාගෙන කප්පම් ලබාගෙන ඇතැයි යන චෝදනාව එල්ල කරන්නට පොලිසිය ඉදිරිපත් විය. එසේ වෙතත් ඒ සඳහා වන හරිහමන් චෝදනා පත්‍රයක්‌ පොලිසිය අත තිබුණේ නැත. මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදයට එරෙහිව කරන මෙහෙයුම් සම්බන්ධයෙන් කටයුතු කරන බ්‍රිතාන්‍ය ජාතික බෙන් එමර්සන් 2017 ජුලි 14 වැනි දින කොළඹදී මෙම පැහැර ගැනීම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක්‌ කළේය. එනම් යුද සමයේ සිදුවූ පැහැර ගැනීම් 11 ක්‌ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා කමාන්ඩර්වරයකු රජය අත්අඩංගුවට ගෙන ඇති බවය. එමර්සන් ඒ පිළිබඳව තම සතුට ප්‍රකාශ කළේය. එමර්සන් වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේ රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්‌සත් ජාතීන් සතුටු වන නමුත් එම යහපාලන රජයට තව බොහෝ දුරක්‌ යැමට ඇති බවත් ය.

    මේ චෝදනාව එල්ල වනුයේ මුහුදු කොටි නායක සුසෙයි ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිය පහරක තරමේවත් හානියක්‌ නොකර ඔවුන්ට අභය දානය ලබා දුන් මිනිසාටය. යුද්ධයේ අවසන් දින කිහිහිපය අතිශය සංකීර්ණ විය. කුඩා බෝට්‌ටු 700 පමණ පැමිණි සිවිල් වැසියන් 13000 ආසන්න ප්‍රමාණයක්‌ නාවික හමුදා ආරක්‍ෂක වළල්ලට ඇතුළු වූහ. මේ පිරිස නිරුපද්‍රිත කිරීමේ වගකීම දැරුවේ දසනායකය. එහෙව් දසනායකට කප්පම් පතා මිනිස්‌ ඝාතන කළා යෑයි චෝදනා එල්ල වී තිබේ. රටක ඇති බරපතළම අපරාධය අපරාධකරුවන් රිසිසේ හැසිරීම නොවේ. අවංක මිනිසුන් ඒ දෙස නිසොල්මනේ බලා සිටීමය. කොමදෝරු දසනායක වැනි විරුවන් දඟගෙට යන විට, ඇති වේදනාව එයය. එක්‌ නාවික හමුදා නිලධාරියෙක්‌ දසනායකට සිරගෙය ප්‍රාර්ථනා කරන්නේ, දසනායකට ලැබීය යුතු ශිෂ්‍යත්ව ඔහුට දිනා ගැනීමටය. කාලය, දේශය ඒ තරමටම නපුරු වී ඇත.

    දසනායකට එල්ල වී ඇති චෝදනාව සරල ලෙස ගත් කල මෙසේය.

    පොලිස්‌ වාර්තා අනුව මෙම පැහැරගැනීම සිදුවන්නේ වර්ෂ 2008 සැප්තැම්බර් මස 17 දිනය. මෙම සමූහ ඝාතනයේ පළමු සැකකරු මේ වනවිට ඉන්නේ ඇප පිට නිදහස්‌වය. ඔහු එවකට සිටි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන ආරක්‌ෂක නිලධාරියාය. එවකට ලුතිනන් කමාන්ඩර්වරයෙක්‌ වන ප්‍රධාන සැකකරු සම්පත් මුණසිංහ නමැත්තෙකි. ඔහුගේ උපදෙස්‌පිට අලි අන්වර් නමැති ඔත්තුකරුවකුගේ තොරතුරු මත දෙහිවල ප්‍රනාන්දු මාවතේ පිහිටි නිවසකදී රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේෂ්වරම් රාමලිංගම්, මොහොමඩ් තිලාන්, මොහොමඩ් සාජිත් යන අය පැහැර ගෙන තිබිණි. ප්‍රධාන සැකකරුගේ උපදෙස්‌ පිට ඔවුන් පැහැර ගන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් උපයන ත්‍රොaනන් අන්නා නමැති පුද්ගලයෙක්‌ හා සම්බන්ධව ව්‍යාජ ක්‍රෙඩිට්‌කාඩ් ඇසුරින් කොළඹ අවට ප්‍රදේශයේ මුදල් කොල්ලකන බවට ලද තොරතුරු අනුව බව අධිකරණ වාර්තාවල සඳහන් වේ.

    මෙසේ පැහැරගත් පුද්ගලයන් කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා මූලස්‌ථානය පිහිටි ස්‌ථානයකට රැගෙන ගොස්‌ ඇත. අනතුරුව 2008 අගෝස්‌තු මාසයේ සිට 2009 මාර්තු මාසය තෙක්‌ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ හා 2009 අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්‌වා ශ්‍රී ලංකා නාවික තාටාකාංගන ආයතනය තුළ හා ශ්‍රී ලංකා නාවික සාගරික විද්‍යා ආයතනය තුළ පිහිටි ගන් සයිඩ් නමැති ස්‌ථානයේ රඳවා තබාගෙන ඇතැයි එම වාර්තා දක්‌වයි. මේ පුද්ගලයන් අතුරුදන් වී ඇත්තේ ඉන් අනතුරුවය. මේ පිළිබඳ සැලවූ පසු නාවික හමුදාව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා පිළිබඳව පරීක්‍ෂා කළ බවත්, එහිදී අතුරුදන් කළ තවත් පුද්ගලයින් පස්‌දෙනකුගේ ජාතික හැඳුනුම්පත් හා වෙනත් සාක්‍ෂි හමුවූ බවත් මේ අනුව අතුරුදන් කර ඇති මුළු පුද්ගලයන් ගණන 11 බවත් නාවික හමුදාව වාර්තා කර තිබුණේය.

    මේ පුද්ගල අතුරුදන් වීම සම්බන්ධව මුලින්ම රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ එවකට නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. ඔහු පැමිණිල්ල ගොනු කරන්නේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියාට එරෙහිවය. ඒ වර්ෂ 2009.05.28 දිනය. නාවික හමුදාපතිවරයා ලෙස කරන්නාගොඩ විසින් එම පැමිණිල්ල කරන්නේ කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙතය. පැමිණිල්ල ගොනුකරන විට නාවික හමුදාවෙන් පැන ගොස්‌ සිටි මේ තැනැත්තා රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේය. පුරා වසරක්‌ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස්‌ පොලිසිය විසින් වර්ෂ 2011 මාර්තු මස 30 දා අධිකරණයට වාර්තා කරන්නේ මේ අපරාධයට මෙම සැකකරු සම්බන්ධ බවය.

    එහෙත් අධිකරණ ක්‍රියාවලිය වෙනත් මඟක්‌ ගන්නේ තමන් මේ අපරාධයට සම්බන්ධ නැති බවත්, තමන් සමඟ වූ පුද්ගලික ආරවුලක්‌ මත මේ අපරාධයට තමන් පැටලවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී. කේ. පී. දසනායක එක්‌කළ සැළසුමක්‌ බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. ඩී. කේ. ප.දසනායකට චෝදනා එල්ලවන්නේ ඉන් අනතුරුවය.

    අධිකරණය හමුවේ ඇති බී වාර්තා අනුව ඔහු සැකකරුවෙක්‌ බවට ඉදිරිපත් වී ඇති චෝදනා තුනකි. එක්‌ චෝදනාවකින් කියෑවෙන්නේ පැහැරගත් පුද්ගලයන් දෙදෙනෙක්‌ පැහැර ගැනීම පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවය. ඒ සම්බන්ධව ඔහු ක්‍රියාත්මක නොවූ බවය. අනෙක්‌ චෝදනාවෙන් කියැවෙන්නේ මේ පැහැර ගැනීම සිදුකළ වකවානුවේ එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නිලධාරීන් දෙදෙනකුගේ ප්‍රධානියා ලෙස කොමදෝරු දසනායක කටයුතු කර ඇති බවය. තුන්වැනි චෝදනාව එල්ලවන්නේ නඩුවේ ප්‍රධාන සැකකරුගෙනි. ඔහු අධිකරණයට කියන්නේ මෙම ඝාතන වැල සිදුවන්නේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී. කේ. පී. දසනායකගේ මෙහෙයවීම යටතේය.

    මේ චෝදනා සම්බන්ධව ඩී. කේ. පී. දසනායක විසින් දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් අධිකරණයට කරුණු දක්‌වා තිබේ. සාක්‍ෂි සහිතව ඉදිරිපත් වූ එම දිවුරුම් ප්‍රකාශය ප්‍රකාරව පුද්ගලයන් පැහැර ගැනීම ගැන දැනුවත් කළා යෑයි කියන වකවානුවේ ඔහු ලංකාවේත් සිට නැත. ඒ වනවිට ඔහු සිටින්නේ කොරියාවේ විශේෂ පාඨමාලාවක්‌ හදාරමිනි. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාගේ හා චූදිත නිලධාරීන්ගේ සාක්‍ෂි උපුටා දක්‌වමින් දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු කිසිම විටෙක උක්‌ත නිලධාරීන් දෙදෙනාගේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැත.

    එමෙන්ම වර්ෂ 2016 ඔක්‌තෝබර් 05 දින රහස්‌ පොලිසිය හමුවේ සාක්‍ෂි දෙන හිටපු හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දීර්ඝ ප්‍රකාශයක්‌ කරමින් තමන්ට එල්ල වුණ චෝදනා මෙන්ම කොමදෝරු ඩී. කේ. පී දසනායකට එරෙහිව ඇති චෝදනා තර්කානුකූලව ප්‍රතික්‍ෂේප කරයි.

    ඩී. කේ. පී. දසනායක දැනට නාවික හමුදාවේ සිටිනා විශිෂ්ටතම නිලධාරීන් අතලොස්‌ස අතරින් කෙනෙකි.

    වර්ෂ 1992 වන විට එල්.ටී.ටී.ඊ යට යාපනය සම්බන්ධ කරනා එකම සැපයුම් මාර්ගය පිහිටි කිලාලි කලපුවේ නව අනුඛණ්‌ඩ පිහිටුවා එම මාර්ගය අවහිර කරනු ලැබීම, රිවිරැස මෙහෙයුම ඇරඹී තිබූ වර්ෂ 1995 දී එල්.ටී.ටී.ඊ හමුදා සෙබලුන් 250 ක්‌ සමඟ එල්.ටී.ටී.ඊ බෝට්‌ටු 12 කට කොටු වූ රණගජ නෞකාව මුදා ගැනීමට 486 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, වර්ෂ 1995 - 96 කාල වලදී කොළඹ වරාය ආශ්‍රිත මුහුදු මංකොල්ලකෑම් වැළැක්‌වීම, වර්ෂ 1997 පරාක්‍රමබාහු නෞකාවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාර වළක්‌වා එය බේරා ගැනීමට කටයුතු කළ පී 440 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, එම යාත්‍රාවේම අණ බාර නිලධාරියා ලෙස කොටි වෛද්‍ය අංශ ප්‍රධානී දොස්‌තර ඩෙස්‌ ඇතුළු සිව් දෙනෙක්‌ යාත්‍රාවක්‌ සමඟ අත්අඩංගුවට ගෙන එල්.ටී.ටී.ඊ බෝට්‌ටු විනාශ කිරීම, ඇතුළු ක්‍රියාන්විත ගණනාවක්‌ ඔහුගේ නාවුක හමුදා සංග්‍රාම ජීවිතයේදී දසනායක විසින් සිදුකර තිබිණි. යුද සමයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු කටයුතු කළේය. ඒ අවසන් මහා සටනේ දී මුලතිව් මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරමිනි.

    ජනාධිපතිවරයෙක්‌ විසින් ලි�තව ප්‍රශංසාවට ලක්‌කළ, දැනට නාවික හමුදාවේ සිටිනා එකම නිලධාරියා දසනායකය. ඒ රෙකමදාරුව ඔහුට ලැබෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. නාවික හමුදාපතිවරුන් සිවුදෙනෙක්‌ යටතේ ප්‍රශංසා ලේඛන 10 ක්‌ ලද නිලධාරියා ඔහුය. හෙතෙම රණවික්‍රම පදක්‌කම් 04 ක්‌ දිනා ගත්තේය. රණ සූර පදක්‌කම් දිනා ගත්තේය. ඩී. කේ. පී. දසනායක එවැනි නිලධාරියෙකි.

    හරියාකාර චෝදනා ගොනු කිරීමකින් තොරව, එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් සතුටු කිරීම උදෙසා හෝ ඊළාම්වාදීන්ට තුටු පඬුරු ලබාදීම උදෙසා දසනායක සහ සුමිත් යන වීරයන් දෙදෙනාට කප්පම් චෝදනා එල්ල කර දස මාසයක්‌ සිරගත කර සිටියදී ඔවුන්ට ඇප ලබන්නේ අමුතු ආකාරයටය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකු විසින් අධිකරණයට දන්වා සිටින්නේ, තමන් පොලිසියේ කියමන අනුව අසත්‍ය ප්‍රකාශයක්‌ කළ බවත් ඒ අනුව තමන්ට අධිකරණය හමුවේ විශේෂ සාක්‌ෂියක්‌ ලබා දීමට වුවමනා බවත්ය. සිය සාක්‌ෂියේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික විජයකාන්ත සඳහන් කරන ලද්දේ, රහස්‌ පොලිසිය විසින් තමන්ට සාක්‌ෂි ලබා දිය යුතු ආකාරය කියා දී එය ලියා ගත් බවය.

    විජයකාන්තන්ගේ සාක්‌ෂියෙන් පසුව දසානායක සහ සුමිත් රණසිංහ ඇතුළු හයදෙනා තවදුරටත් රිමාන්ඩ් ගත කර තබා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදා විය. පස්‌වැනි හා හයවැනි සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධත්වයක්‌ නොදක්‌වන බව මෙම අවස්‌ථාවේ අධිකරණයට දැනුම් දුන්නේය. එසේම ඩී. කේ. පී. දසනායක හා සුමිත් රණසිංහ ඇතුළු සෙසු සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

    එකම සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හයදෙනා අතරින් දෙදෙනකුට ඇප ලබාදීමට විරුද්ධත්වයක්‌ දැක්‌වීමත් සෙසු සැකකරුවන් හතර දෙනාට ඇපදීමට විරුද්ධත්වයක්‌ නොදැක්‌වීමත් අධිකරණයට උභතෝටික ප්‍රශ්නයක්‌ වන බව ප්‍රකාශ කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නාවික හමුදා රණවිරුවන් සියලුදෙනාටම ඇප ලබා දුන්නේය.

    මනෝඡ් අබයදීර
    http://divaina.com/sunday/index.php/main-news/1852-2018-01-12-13-50-18
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    shanita wadi kal oya sellan danna wenna naha
    waradi karapu aya rajaye sakshi karayo karagena karana sellan tika kalayai
     

    Similar threads