අනේ අපේ හාමුදුරුවනේ ම ඵහේ ඵහෙම මෙහේ මෙහෙම වෙන්නෙ ඇයි????
මේ අද ජන 26 ඕස්ට්‍රේලියානු දිනය දා ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය කාන්තාවක් පාරේ( ප්‍රසිද්ධියේ) යන අවස්ථාවක්. මෙය මුහුදක් අසල පාරක් , මේ සමර් එකේ සාමාන්‍යයෙන් කාන්තාවන් මේ විදියට සමහර පාරවල් වල යාම අතිශය සාමාන්‍යයි.රටේ ජාතික කොඩියෙන් තමයි පෑන්ටිය හදලා තියෙන්නෙත්. ඇය ජාතික කොඩියට ආදරය නිසා විය යුතුයි ඇගේ ලස්සනම හා වඩාම ඉල්ලුම ඇති තැන් සරසන්න ඒක යොදාගෙන තියෙන්නේ! මම කියන්න හදන්නේ ලංකාවේ ඉන්න ඔක්කටමත් මේ විදියට යන්න කියලා නෙමේ, මේ විදියට ගිය නිසාම ඕස්ට්‍රේලියාවට විශේෂ විනාශයක් වෙලා නෑ කියන්නයි. 2016 ලෝක දූෂණ දර්ශකයට අනූව ඕස්ට්‍රේලියාව 13 ලංකාව 95. එවැනි ප්‍රගතියක් පෙන්වීම පිටුපස 'සංස්කෘතිය' ද අනිවාර්ය සාධකයක් (www.transparency.org). ඉතින් ඒ නිසා තමයි ලංකාවේ ගැහැණුන් මෙහෙම ගියොත් අපේ සංස්කෘතිය විනාශ වෙනවයි කියලා හිතන සමහරුත් ඕස්ට්‍රේලියාවට ඇවිත් ජීවත් වෙන්නේ. ඔවුන් ළමයි හදන්නෙත් මේ පරිසරයෙ තමයි. එහෙම හදලා මේවා දැකලා නරක් වුන ළමයෙක් ගැනත් තාම වාර්තා වෙලා නෑ. මේ පින්තූරෙ ඉන්න ගෑණු ළමයට කිසිම කෙනෙක්ගේ බාධාවකින් තොරව පාරේ යන්න පුලුවන් කියන්නේ සාමාජය ඇයට ශිෂ්ඨ ලෙස ප්‍රතිචාර දක්වනවා කියන එකයි. ඇඳුම් ඔක්කම ඇඳගත් මුස්ලිම් කාන්තාවනුත් මේ සමාජයේමයි ජීවත් වෙන්නේ. මෙහෙම මනුෂ්‍යයකුට නිදසසේ පාරෙ යන්න පුලුවන් වීම පිටුපස මානව අයිතිවාසිකම් වල සිට කාන්තා අයිතිවාසිකම් දක්වා දීර්ග කතාවක් තියනවා. කැමති කෙනෙක් කැමති විදියට ජීවත් උනහම ජාතීන් සංස්කෘතීන් විනාශ වෙනවා කියන අයිටයි මේ Australian day පණිවිඩය!
Picture by Prasanna Sampath Jayaweera.




