පෑලියගොඩ පොලිසියේ හිටපු දෙකකට මරණ දඬුවම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩණය අද (04) නියම කළේය.

    සමස්ථ පොලිසිය කෙරෙහිම මහජන විශ්වාෂය පළුදු වන ආකාරයට විත්තිකරුවන් පිළිකුල් සහගතව කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පැනවු විනිසුවරයා මරණීය දණ්ඩනයට අමතරව විත්තිකරුවන්ට වසර 12 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 65000/- බැගින් දඩ නියම කළ අතර පොලිසි පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ දියණීයට රුපියල් ලක්‍ෂ 20 වන්දියක් ගෙවීමටද නියම කළේය.

    වසර 18කට පෙර පෑලියගොඩ පොලිසියේදී කළ මෙම අපරාධයට වරදකරුවන්වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් සේවය කළ කේ.එල්.චමින්ද කුමාර සහ කොස්තාපල්වරයකු වශයෙන් සේවය කළ (33564) එස්.ඒ.කේ. අනුර ධර්මප්‍රිය වීරවර්ධන නමැත්තන්ටය.

    මෙම විත්තිකරුවන් සමඟම මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටි පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලාවුස් දසනායක සහ සැරයන් මොහොමඩ් අදීෂ් නමැත්තන්ය.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    Broom Broom GIF
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    වසර 18කට පෙර පෑලියගොඩ පොලිසියේදී කළ මෙම අපරාධයට
    මුන් murder එක කරද්දි මං දණ ගානවා
    decision එක දෙන කොට AL කරලා ඉස්කෝලෙනුත් out වෙලා :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුන් murder එක කරද්දි මං දණ ගානවා
    decision එක දෙන කොට AL කරලා ඉස්කෝලෙනුත් out වෙලා :lol:

    Podi eke ehenam uba.
    mn a kale love seen ekata thaniyen uparima daily gahala bike eke gedara yana dawas, police case ehema naha a dawas wala