පිංපියෙකුට ආචාර වෙඩි මුර 21 ක්

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පිංපියෙකුට ආචාර වෙඩි මුර 21 ක්

    රටේ මෙතෙක් රැකගෙන ආ සියළු වටිනාකම් සුනඛ බිබික්කමේ අතුල්ලා බාල්දු කළ රාජපක්ෂ රෙජීමය කාල තුවක්කු ආචාර වෙඩි මුර 21 ක් පැවැත්වීමේ ගරු ගාම්භීර සම්ප්‍රදායද පසුගියදා විනාශ කරන ලද්දේ වතුර ඉල්ලු අහිංසක ජනතාවකට ගිනි බිඳීමට ගොස් රබර් ගහකට පැන මිය ගිය පිංපියෙකුටද කාල තුවක්කු ආචාර වෙඩි මුර 21 ක් පැවැත්වීමෙනි.
    2125Achara+WediMura_J.jpg

    මේ නිහීන ක්‍රියාව සම්බන්ධයෙන් හමුදාවේ මෙන්ම පොලිසියේද විශාල කලකිරීමක් හටගෙන ඇත්තේ රට වෙනුවෙන් දිවි පිදූ ජෙනරාල් කොබ්බෑකඩුව විජය විමලරත්න වැනි රණ විරුවන්ට පවා නොදුන් කාල තුවක්කු ආචාර වෙඩි මුර, එල්ටීටීඊය පැහැරගෙන ගොස් කපා කොටා මරා දැමූ එස්.එස්.පී චාල්ස් විෙජ්වර්ධනට පවා නොදුන් කාල තුවක්කු ආචාර වෙඩි මුර, මරාගෙන මැරෙන බෝම්බයකට හසුව දිවි පිදූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ වැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පවා නොදුන් කාල තුවක්කු ආචාර වෙඩි මුර, ලොක්කන්ට බඩු සප්ලයි කර තනතුරු ලබාගත් ප්‍රසාද් සිරිවර්ධන වැනි පිංපියෙකුට ලබා දීම නිසා ය.

    ශ්‍රී ලංකාව තුල කාල තුවක්කු ආචාර වෙඩි මුර 21 ක් තැබිය හැක්කේ
    • රටේ රාජ්‍ය නායකයාගේ අවමංගල්‍යයකදී
    • නිදහස් දින උළෙලේදී
    • විදේශ රාජ්‍යයක රාජ්‍ය අමුත්තෙකුගේ පැමිණීමකදී පමණි. (එම රාජ්‍ය අමුත්තා එම රටේ ජනාධිපති හෝ අගමැති විය යුතු මිස ඇමැති වරුන්ද ඇතුළත් නොවේ)

    එවැනි තත්ත්වයක් තිබියදී ප්‍රසාද් සිරිවර්ධන වැනි පහල මට්ටමේ නිලධාරියෙකුගේ මරණයකදී කාලතුවක්කු ආචාර වෙඩි මුර ලබා දීමෙන් සිදුකර ඇත්තේ ආචාර වෙඩි මුරයද සුනඛ බිබික්කමේ ඇතිල්ලීමකි. රෙජීමය මෙයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ මහජනතාවට වෙඩි තැබීමට යන ආරක්ෂක නිලධාරීන්ගේ මොරාල් වැඩි කිරීමට වුවද සිදුව ඇත්තේ හමුදාවේද පොලිසියේද විශාල පිරිසක් මොවුන් කරන ලද මෙකී පාහර ක්‍රියාව සම්බන්ධයෙන් කළ කිරීමට පත්වීමයි.

    බොරැල්ල පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකව සිට මිය ගිය ප්‍රසාද් සිරිවර්ධනට තනතුරු දෙකක් පැන ප්‍රමෝෂන් ලබා දීම ගැනද පොලිසියේ නිලධාරීන් අතර ඉමහත් කලකිරීමක් ඇතිව තිබේ.

    මෙය එකම සිද්ධියකට දෙවතාවක් උසස් වීම් ලබාදීමකි. ක්‍රියාන්විත රාජකාරියේදී වීර වික්‍රමාන්විතව කටයුතු කර මරණයට පත්වන අයට උසස් වීම් ලබා දිය යුතුය. ඒ අනුව මීට පෙර,

    සැරයන් (21833) ආර්.එම්.ඩී. රත්නායක, සැරයන් (30346) බී.පී.යූ බණ්ඩා දෙදෙනා මංකොල්ලාකරුවෙක් පිටුපස ලූහුබැඳීමේදී ඔහු තබන ලද වෙඩි ප්‍රහාරයකින් වරකාපොල නගරයේදී වෙඩි කා මිය ගියේය. ඔවුන්ට උසස්වීම් ලෙස දුන්නේ උප පොලිස් පරීක‍ෂක එනම් එක් තනතුරකින් උසස් වීමක් පමණි.

    පිංදෙණිය පොලිසියට අනුයුක්තව රාජකාරි කළ සැරයන් (56414) සුනිල් සහ කොස්තාපල් (37993) පද්මකුමාර දෙදෙනා වසර 9 ක් තිස්සේ අත් අඩංගුවට ගැනීමට නොහැකිව සිටි අපරාධ 26 කට සම්බන්ධයැයි වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට යෑමේදී ඔවුන්ගේ මුහුණ ඇසිඩ් ගැසීම නිසා සදාකාලික අන්ධ භාවයට පත්වූහ. ඔවුන්ටද ලබා දුන්නේ එක් උසස් වීමක් පමණි.

    මේ අනුව සලකා බලන විට රාජපක්ෂ රෙජීමය සහ පොලිස්පතිවරයා තමා යටතේ සිටින පොලිස් නිලධාරීන්ට දෙආකාරයකට සලකා තිඛෙන බව ඉතාමත් පැහැදිලිය. ඩබල් ප්‍රමෝෂන් දීමට තරම් ප්‍රසාද් සිරිවර්ධන සිදුකරන ලද වීර වික්‍රමාන්විත රාජකාරිය කුමක්දැයි පොලිස් නිලධාරීහු විමසති. මොහු සිදුකර ඇත්තේ අනවශ්‍ය දෙයකි. ඒ බව තහවුරු කෙරෙන සාක්කි මෙසේය.

    පොලිස්පතිවරයා විසින්ම මෙය තහවුරු කර ඇත. ප්‍රසාද් සිරිවර්ධනගේ මරණය ගැන බොරැල්ල පොලිසිය විසින් පොලිස්පති අණ දෙන මැදිරියට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කොළඹ දිසාව ට, නියෝජ්‍ය පොලිස්පති කොළඹ මධ්‍යම ට, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට සහ පොලිස් සුබසාධන අධ්‍යක්ෂ වරයාට යවන ලද බොරැල්ල පොලිසියේ දුරකථන ලේඛන අංක 962 දරණ නිල පණිවුඩයේ දැක්වෙන්නේ මෙසේය.

    ''2014 මාර්තු 16 දින බොරැල්ල පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක‍ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා හදිසි අනතුරකින් හංවැල්ල තුන්තානේදී මිය යන ලදී. විස්තරාත්මක පණිවුයක් මගින් පසුව ඔබතුමන්ලාට දැනුම් දෙමි.''

    මේ අනුව ඉතාමත් පැහැදිලි වන්නේ මෙය වීර වික්‍රමාන්විත රාජකාරියක් නොව හදිසි අනතුරක් බවය. හදිසි අනතුරු වලින් මිය ගිය පොලිසියේ නිලධාරීන්ට ඩබල් ප්‍රමෝෂන් දී කාලතුවක්කු ආචාර වෙඩි මුර තැබුවේ කවදාද?

    පොලිස් නිලධාරියෙකු මිය ගිය පසු ඒ මරණය සිදු කළ යුතු ආකාරය පොලිස් දෙපාර්තමේන්තු නියෝග ඊ-19 අනුව සිදුකළ යුතුය. එහි පැහැදිලිව සඳහන් වන්නේ මිය ගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක් අදාල පොලිසියෙන් ලබා ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවයි. පොලිස් නිල ඇඳුම ඇඳගත් වෙඩි කරුවන් මිය ගිය නිලධාරියාගේ මෘත ශරීරය වටා ගමන් කිරීමෙන් පසු වෙඩි කරුවන් එක් පෙලකට තබා නිලධාරියාට ගෞරව වෙඩි මුර තැබිය හැකිය. ඊට කොපමණ වෙඩි කරුවන් ඇතුලත් කළ යුතු දැයි පොලිස්පතිවරයා වග බලා ගත යුතුය. යනුවෙන් ඊ-19 නියෝගයේ සඳහන් වේ.

    නමුත් මෙහිදී වෙනත් දෙපාර්තමේන්තුවකින් නිලධාරීන් කැඳවා කාල තුවක්කු වෙඩි මුර තැබීම නීති විරෝධී වනවා මෙන්ම මීට පෙර වීර වික්‍රමාන්විතව මිය ගිය අනෙකුත් නිලධාරීන්ට සිදුකළ අවමානයකි.

    මෙවන් විකාර රූපී ක්‍රියාවක් සිදුකෙළේ වෙනත් කිසිවක් නිසා නොව ප්‍රසාද් සිරිවර්ධන ජීවතුන් අතර සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් ලොක්කන්ට නාරි මාංශ සැපයූ නිසාය. අනුර සේනානායක පෑලියගොඩ සිටියදී ලලනී, සමුද්‍රිකා වැනි වයස 20, 21 නිරූපිකාවන් සැපයීම නිසා මොහු බොරැල්ල ස්ථානාධිපති තනතුරට පත් කෙළේය.

    අනෙක් ප්‍රධාන හේතුව නම් වත්මන් පොලිස්පතිවරයා රාජපක්ෂලාගේ සට්ටැඹියෙක් වනවා මිස පොලිසියේ කිසිදු නීතියක් නොදන්නා පුද්ගලයෙකු වීම නිසා ය. වත්මන් පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ එක් දිනක් හෝ පුහුණුවක් ලබා නැත. පොලිස්පතිගේ සේවා ලේඛනයේ දෙවන සහ තුන් වන පිටුවල සඳහන් වන ආකාරයට ඔහු පුහුණුව ලබා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ පමණි. එස්ටීඑෆ් රාජකාරි වලට සාමාන්‍ය පොලිස් රාජකාරි පිලිබඳ කිසිදු පුහුණුවක් ලබා දෙන්නේ නැත. එමෙන්ම එස්ටීඑෆ් එකෙන් පැමිණි වත්මන් පොලිස්පතිවරයා සලකන්නේද එස්ටීඑෆ් එකෙන් ආ නිලධාරීන්ට විශේෂිත ආකාරයට ය. ප්‍රසාද් සිරිවර්ධනද එස්ටීඑෆ් එකෙන් පැමිණි නිලධාරියෙකි.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මූ මැරෙන කොටත් මුගේ ගෙදර මුගේ ගෑණිත් එක්ක බුදියන් ඉඳලා ඉන්නෙ පොලීසියේ ලොක්කෙක්ලු!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මූ මැරෙන කොටත් මුගේ ගෙදර මුගේ ගෑණිත් එක්ක බුදියන් ඉඳලා ඉන්නෙ පොලීසියේ ලොක්කෙක්ලු!

    අරූ වෙන්න ඇති
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ආචාර වෙඩිමුර දාල පෙන්නුවේ ඌට ආදරේකට නෙමෙයි. ආණ්ඩුවට කඩේ යන එවුන්ට ආණ්ඩුව සලකන හැටි පෙන්නන්න.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔය ආචාර වෙඩිමුර දාල පෙන්නුවේ ඌට ආදරේකට නෙමෙයි. ආණ්ඩුවට කඩේ යන එවුන්ට ආණ්ඩුව සලකන හැටි පෙන්නන්න.


    Yes True!
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹල ඊ නිව්ස් විස්වාස කරනවනේ පටස් ගාල ... :lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිරා සීන් එක කියන්නේ කොහේවත් ඉන්න එකෙක් මහ එකාගේ ඕඩර් එකට ඇවිත් කපලා දාන ගහකට අහම්බෙන් යටවෙලා මැරැණම ඒක සැලසුම් සහගත මිනීමැරැමක් කලා දෙන්නෙක් අත්අඩංගුවට අරන්:baffled:.. හෙට අනිද්දා එ් දෙන්නව එක්කන් යාවි ගහ කපපු ආයුධ පෙන්නපන් කියලා..:no: රතු පස්වල අහිංසකයෝ එලිපට මැරැවා.. ඒවා මිනී මැරැම් නෙවෙයි නේ..:rolleyes: ධම්මිකයගේ සල්ලි බලට සේරම යටයි..:angry: නැති බැරි එකාට හෙන ගැහුනත් මුන්ට ගාණක් නෑ.. තූ..:frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔය ආචාර වෙඩිමුර දාල පෙන්නුවේ ඌට ආදරේකට නෙමෙයි. ආණ්ඩුවට කඩේ යන එවුන්ට ආණ්ඩුව සලකන හැටි පෙන්නන්න.

    Chnde iwara unahama......oya kalathuwakku bate mahajanathawage puka desata ella wanu atha.....
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උඹල ඊ නිව්ස් විස්වාස කරනවනේ පටස් ගාල ... :lol:

    එහෙනම් මේ නිවුස් එක බොරුයි කියල උඹ කියනවද​?
    නිවුස් එක කවුරැ කිව්වත් ඇත්ත නේ!

    උඹලා උදෙ රෑ පුක උඩ දාගෙන බලන නයි ටී එන් එකේ මෙහෙම දෙයක් උනොත් කියනවද​