පිංපි ආණ්ඩුව

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පහළොස්වෙනි සියවසේ මොංගෝලියානුවන් රුසියාව ආක්‍රමණයකලා. මෙය මොංගෝලියානු ආක්‍රමණය සම්බන්ධයෙන් ගෙතී රුසියානු ජන කථාවක්.

රැසියානුවෙක් තමන්ගේ බිරිඳත් එක්ක දුවිලි පිරිච්ච ගම්බද පාරක ඇවිදගෙන යනවා. එතනින් යන්න ගියපු මොංගෝලියානු යුද්ධ භටයෙක් ඔවුන්ව දැකලා අශ්වයා නවත්තලා මිනිහට කියනවා. මම දැන් උඹේ බිරිඳව දුෂණය කරනවා කියලා. ඊට පස්සේ කියනවා. “මම උඹේ බිරිඳ දූෂණයකරන්නේ මේ වැලි පාරේ බිම දමාගෙන., ඒත් බිම දුවිලි වැඩියි. ඒ නිසා මම ඒ වැඩේකරනකොට, වෘෂණ බිම ගෑවිලා දූවිලි තැවරෙන්න පුළුවන්. ඒ නිසා, මම ඒ වැඩේකරල ඉවරවෙනකම් උඹට තියෙන්නේ, මගේ වෘෂණ කෝෂ දෙක බිම නොගෑවෙන විධියට ටිකක් උස්සලා අල්ලගෙන ඉන්න එක. උඹට තේරුණා නේද?” මොංගෝලියානුවා තමන්ට අවශ්‍ය වෙලා තිබ්බ වැඩේ කරලා පිටත්ව ගියාට පස්සේ මිනිහා හයියෙන් හිනාවෙවි උඩ පනින්න ගත්තා. පුදුමයට, ඒවගේම කේන්තියට පත්වෙච්ච බිරිඳ අහනවා; " පිංපියෝ, තමුසේ කොහොමද ඔච්චර සන්තෝසෙන් උඩ පනින්නේ, තමුසේ ඉස්සරහම මම කැත විදිහට දුෂණය කරලා දාලා, ඒ විතරක් නෙමේ, ඌ ඒ වැඩේ කරනකන්, උගේ .... දෙක අල්ලගෙන ඉන්නත් තමුසෙට නියෝගකරලා, උඹ කිසිම පැකිලීමක් නැතිව ඌ කියපුදේට කීකරුවෙලා, ඒ වැඩෙත් කරලා තව හිනාත් වෙනවා. තමුසෙනන් ඕයි නපුංසකයෙක්”
පස්සේ මිනිහා කියනවා; “මොංගෝලියන්කාරයා කියපු විදියටම මම වැඩකරේ නෑ. ඉඳලා හිටලා, මිනිහගේ "සෙට් එකේ" දූවිලි පොඩ්ඩක් ගෑවෙන විදියට පහත්කලා. ඌ හිතන්නැති මම මෝඩයෙක් කියලා. අපිව අන්දන්න උන්ට බෑ".

දැන් මේ කතාවෙන් කියවෙන දේ පැහැදිලියි. උඩ පැන පැන සතු‍ටුවෙන, මෝඩ පිංපියා, තමන්ගේ මට්ටමෙන් හිතනවා සතුටු වෙන්න දෙයක් මෙතන තියෙනවා කියලා. මේකත් හරියට අපේ පිංපි ආණ්ඩුව, තමුන්ගේ හමුදාව යුධ අපරාධකරා කියලා ප්‍රසිද්ධියේ පිළිගෙන, තමුන්ට එරෙහිව ගෙනාපු යුධ අපරාධ චෝදනාවට එකඟයිකියලා අතත් උස්සලා, ඡන්දෙත් දීලා, මෙහේ ඇවිල්ලා කියනවා, අපි ජාත්‍යණ්තරය ජයගත්තා කියලා. කනගා‍ටුවට කාරණය තමයි, ඒකටත් හුරේ දාන ගොන් බූරු ‍රැලක් තවමත් මේ පිංපි පාලනයට කඩේයෑම.
 
  • Like
Reactions: KDH

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේක ජෝක් සෙක්ෂන් එකේ නෙමෙයි බන් නිවුස් වලයි දාන්න ඌනේ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,969
    21,986
    113
    ගම මහනුවරයි
    200.gif