පිටරට ඉන්න අයට TIN එක බලපාන ආකාරය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,197
    6,959
    113
    🇬🇧
    මම දන්නවා මේ වෙද්දී ගොඩාක් රට ඉන්න අය මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නැතුව අරගෙන් මෙයාගෙන් අහ අහ ඉන්නවා. එන්න අපි ඒ ගැන හරියට දැනගනිමු...

    හැම කෙනෙක්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (Taxpayer Identification Number - "TIN") ගන්න ඕන කියලා අපි දන්නවා මේ නීතිය ආවේ අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරණ ගැසට් නිවේදනය හරහා. එම ගැසට් නිවේදනයේ විශයභාර අමාත්‍යවරයා සඳහන් කරලා තියනවා TIN එකක් ලබාගත යුතු අමතර පුද්ගල කණ්ඩායම් කවුද (Additional classes of persons) කියලා. එතැනදී කියන්නේ ලංකාවේ වාසික තැනැත්තන් වන (Resident persons) 2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වෙනිදායින් පසු අවුරුදු 18 ලබන සියලු දෙනා 18 ලැබීමෙන් පසුව බදු සඳහා ලියාපදිංචි විය යුතු බවයි. *කවුද මේ ලංකාවේ වාසික තැනැත්තන් කියන්නේ ?* 2017 අංක 24 දරණ සංශෝධිත ආදායම් බදු පණතේ 69(1) වගන්තියේ කියනවා මෙම පහත පුද්ගලයන් බදු කටයුතු සදහා ලංකාවේ වාසික තැනැත්තන් වෙනවා කියලා

    1) ඔහු ලංකා වාසය කරයි නම්

    2) ඔහු යම් බදු වසරක් තුල ලංකාවේ කායිකව (physically) සිටී නම් සහ එම කායිකව සිටීමේ කාල සීමාව හෝ කාල සීමාවල එකතුව මාස 12ක කාල සීමාවක් තුලදී ,දින 183ක් සපුරයි නම් හෝ ඊට වැඩි නම්

    3) ඔහු ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු හෝ නිලධරයෙකු වේ නම් සහ ඔහුගේ කලත්‍රයා අදාළ බදු වර්ෂයතුල විදේශයක සිටී නම්

    4) ඔහු ශ්‍රී ලංකා නෞකාවක සේවයේ නියුක්තව සිටී නම් එම සේවයේ නියුක්තව සිටින කාල සීමාව තුළ

    ඉතින් ඔයා මේ උඩ කියන කැටගරි එකකවත් නැත්නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Resident) නෙමේ. එහෙනම් ඔයාට TIN එකක් ඕනා නෑ. උඩ කියපු (2) වෙනි කාරණාවනේ ගොඩක් අයට අදාල නිසා ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. හිතන්න ඔයා පසුගිය මාස 12 තුල (මෙතනදි මාස 12 කියල කිව්වම ඒක ජනවාරි සිට දෙසම්බර් වෙන්න ඕනම නැහැ, ඕනම මාස 12ක කාලයක් හොඳේ. ඒ කියන්නේ 2022 නොවැම්බර් ඉඳන් 2023 ඔක්තෝබර් වගේ කාලයක් තුළ වෙන්නත් පුළුවන්) දින 183 කට වඩා ලංකාවේ කායිකව (physically) ඉදලා තියෙනවා නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Sri Lankan Resident). එහෙනම් ඔයාට TIN එකක් ගන්න වෙනවා.

    මේ වාසිකභාවය (Residency status) IRD එකෙන් ප්‍රැක්ටිකලි චෙක් කරන්නේ ඔයාගෙ පාස්පෝට් එකේ Immigration එකෙන් තියල තියන සීල් වල දිනේ බලලා සහ අනිකුත් උපකාරක ලියවිලි වලින්. ඉතින් ඔයා නිතර ලංකාවට යන එන කෙනෙක් නම් පොඩි වෙලාවක් අරන් හදල බලන්න ඔයා පසුගිය මාස 12 තුළ දින කීයක් ලංකාවේ ගත කරලා තියෙනවද කියලා. ඒ අනුව ඔයාටම තීරණය කරන්න පුළුවන් මට TIN එකක් ඕනද නැත්ද කියලා.

    ඔයා රට ගියේ ලඟකදී එන්න නෙමෙයි නම් ඉතින් බය නොවී ඉන්න. හැබැයි ලංකාවේ ඉන්න ඔයාගේ පවුලේ අයට TIN එක ලබා ගැනීම අනිවාර්ය බවත් අමතක කරන්න එපා. කොහොම වුනත් බදු සම්බන්දව කටයුතු කරද්දී කවුරුවත් කියපු දෙයක්, දැකපු දෙයක් හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරනවට වඩා සුදුසුකම් ලත් බදු උපදේශකයෙක්ගේ උපදෙස් ලබා ගන්න එක නුවණට හුරුයි කියලත් මතක් කරනවා.

    Inland Revenue Act 24 :
    http://www.ird.gov.lk/en/publications/Acts_Income%20Tax_2017/IR_Act_No._24_2017_E.pdf

    Note: @0_dhanushka උස්සලා දැම්මෙ!
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,393
    25,189
    113
    මැදමහනුවර
    0eb644f6-3a17-4327-bf5d-7008c4d1e7d4-removebg-preview.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,197
    6,959
    113
    🇬🇧
    Thanks
    meka sure da ?
    ඇත්ත වෙන්න ඕන. මේ තියෙන්නෙ act එක http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._24_2017_E.pdf
    69 වගන්තිය 69 වන පිටුව :lol:

    Division I: Residence and Sources 69. (1) An individual shall be a resident in Sri Lanka for a year of assessment if the individual –

    (a) resides in Sri Lanka;

    (b) is present in Sri Lanka during the year and that presence falls within a period or periods amounting in aggregate to one hundred and eighty three days or more in any twelve month period that commences or ends during the year;

    (c) is an employee or an official of the Government of Sri Lanka and his spouse is posted abroad during the year; or

    (d) is an individual who is employed on a Sri Lanka ship, within the meaning of the Merchant Shipping Act, durin
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,001
    34,760
    113
    සේදවත්ත
    ඕවා අදාල නෑ ආන්ඩුවට නීති තියනව ඇති ඒත් උබලා මේ අහපන් ටින් එක හදපන් . පස්සේ තොපිට දඩත් ගහලා සිතාසිත් ගහලා එයාපෝට් එකෙන් එනකොට ඇල්ලුවම නිවාඩුව ගතවෙන්නේ ලොකප් එකේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    5,406
    9,922
    113
    ඕවා අදාල නෑ ආන්ඩුවට නීති තියනව ඇති ඒත් උබලා මේ අහපන් ටින් එක හදපන් . පස්සේ තොපිට දඩත් ගහලා සිතාසිත් ගහලා එයාපෝට් එකෙන් එනකොට ඇල්ලුවම නිවාඩුව ගතවෙන්නේ ලොකප් එකේ
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,559
    65,882
    113
    සුදුසුකම් තියෙන බදු උපදේශක කෙනෙක් එක්ක කතා කරන්න වෙලාවක් ගන්න එකට වඩා ලෙයියි වයිට් හවුස් ගිහිං බයිදන් සීය බලලා එනවා
     
    • Like
    Reactions: wqe123

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,197
    6,959
    113
    🇬🇧
    සුදුසුකම් තියෙන බදු උපදේශක කෙනෙක් එක්ක කතා කරන්න වෙලාවක් ගන්න එකට වඩා ලෙයියි වයිට් හවුස් ගිහිං බයිදන් සීය බලලා එනවා
    ලංකාවෙ අකවුන්ටන්ට්ලා මාර පොරවල්. මට මතකයි අපේ තාත්තගේ බිස්නස් වල අකවුන්ටින් කරපු අඳුරන අංකල් කෙනෙක් හිටියා. මිනිහා ෆර්ම් එකක් දාගෙන හොඳට කරගන හිටපු කෙනෙක්. පස්සෙ කාලෙක අපි දැනගත්තෙ මිනිහම තමයි inland revenue එකට මිනිහගෙ claients ලා ගැන පෙත්සම් ගහන්නෙ. එහෙම ගහපුවම inland එකෙන් claients ලට ලියුම් එවනවා පෙත්සමේ සම්බන්ධ කරුණු ගැන විමසීම් කරලා. ඒ එවන ලියුම් හැන්ඩ්ල් කරන්න අකවුන්ටන්ට් අමතර ගානක් ගන්නවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,694
    10,322
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඕක වෙනවා.....

    බදු ගෙවන එක නීතියෙන් තමන්ට උනත් කරගන්න පුළුවන්.ෆර්ම් එකක් ගන්නම ඕනා නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,559
    65,882
    113
    ඕක වෙනවා.....

    බදු ගෙවන එක නීතියෙන් තමන්ට උනත් කරගන්න පුළුවන්.ෆර්ම් එකක් ගන්නම ඕනා නෑ
    අපිට තනියම පුලුවන්ද මචං ඕක. චාටාඩ් කෙනෙකුගේ අස්සන ඕනි නැද්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,694
    10,322
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපිට තනියම පුලුවන්ද මචං ඕක. චාටාඩ් කෙනෙකුගේ අස්සන ඕනි නැද්ද?
    ටැක්ස් එක අත්සන් කරන තියෙන්නේ තමන් හෝ කොම්පැණි එකේ ඩිරෙක්ටර් කෙනෙක්. ෆෝරම් වල අන්තිම පිට බලන්න.
    එකවුන්ට්ස් අත්සන් කරන්න නම් පුළුවන් චාටර් එකවුන්ටන් කෙනෙක් ට තමා.....

    අපි හිතුම් ඔබතුමා මෙරට apit නිවැරදිව කපන තැනක වැඩ කරන සේවකයෙක් කියලා. එහෙම නම් එතනින් T10 කොලේ අරන් ටැක්ස් එක හැදුවා. ගෙවලා තියෙන්නේ කියලා දැම්මා. ඊට පස්සේ ඔය බැංකු එකවුන්ට් වලට එන ටික දාලා තමන්ටම ඕනා නම් පුරෝගෙන අත්සන් කරන්න පුලුවන්. එකට වෙන කෙනෙක් ඕනා නෑ. එහෙම කෙනෙක්ට එක්වුන්ට්ස් ඕනා නෑ.

    ආණ්ඩුවත් එක්ක හැමෝම එකතු වෙලා අපිව හූරාගෙන කන එක තමා අවුල්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    44,718
    65,842
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන කියවෙන්නෙ නැති තව දෙයක් තියෙනව නේද.

    Tax resident කෙනෙක් නෙිවෙන නිසා ගන්න ඕන නෑ කිව්වට වාහන, ඉඩම් සම්බන්ධ දේවල් කරනව නං ගන්න වෙනවනේ.

    ලංකාවෙ අකවුන්ටන්ට්ලා මාර පොරවල්. මට මතකයි අපේ තාත්තගේ බිස්නස් වල අකවුන්ටින් කරපු අඳුරන අංකල් කෙනෙක් හිටියා. මිනිහා ෆර්ම් එකක් දාගෙන හොඳට කරගන හිටපු කෙනෙක්. පස්සෙ කාලෙක අපි දැනගත්තෙ මිනිහම තමයි inland revenue එකට මිනිහගෙ claients ලා ගැන පෙත්සම් ගහන්නෙ. එහෙම ගහපුවම inland එකෙන් claients ලට ලියුම් එවනවා පෙත්සමේ සම්බන්ධ කරුණු ගැන විමසීම් කරලා. ඒ එවන ලියුම් හැන්ඩ්ල් කරන්න අකවුන්ටන්ට් අමතර ගානක් ගන්නවා.

    ඕකට පුදුම වෙන්න දෙයක් නෑනෙ ඉතින්. ලංකාවෙ ගේමක්
    ගහනවා කියන්නෙ ඕකට තමා. උබ කුහක ඉරිසියාකාරයෙක් වෙන්න එපා ගේමක් ගහලෙ දියුණු වෙන මිනිස්සුන්ට ගරහලා 😞😞
    ------ Post added on Jan 8, 2024 at 3:02 AM
     
    • Like
    Reactions: wqe123 and lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,197
    6,959
    113
    🇬🇧
    ඔතන කියවෙන්නෙ නැති තව දෙයක් තියෙනව නේද.

    Tax resident කෙනෙක් නෙිවෙන නිසා ගන්න ඕන නෑ කිව්වට වාහන, ඉඩම් සම්බන්ධ දේවල් කරනව නං ගන්න වෙනවනේ.

    ඕකට පුදුම වෙන්න දෙයක් නෑනෙ ඉතින්. ලංකාවෙ ගේමක්
    ගහනවා කියන්නෙ ඕකට තමා. උබ කුහක ඉරිසියාකාරයෙක් වෙන්න එපා ගේමක් ගහලෙ දියුණු වෙන මිනිස්සුන්ට ගරහලා 😞😞
    ------ Post added on Jan 8, 2024 at 3:02 AM
    අපැහැදිලි තැන්නම් ගොඩක් තියනවා. හොඳ ටැක්ස් සිස්ටම් එකක් කේටර් කරන්න තරම් රටේ පසුබිම හැදිලා නෑ. ටැක්ස් හරියට ගන්න ගොඩක් රටවල්වල මුදල් භාවිතය අවමයි, බැංකුවට සැලරි එන්නෙ, ඩිරෙක්ට් ඩෙබිට් වලින් බිල් ඔක්කොම පේ කරන්නෙ. මම හිතන විදිහට ගනුදෙනු 90% විතරම වෙන්නෙ බෑන්ක් ට්‍රාන්ස්ෆර් හරහා. එහෙම උනාම මනි ට්‍රේල් එකක් තියනවා, හරියට ටැක්ස් එකතු කරන්න පුළුවන්. ලංකාවෙ තියෙන්නෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,587
    2,052
    113
    Austria
    අපැහැදිලි තැන්නම් ගොඩක් තියනවා. හොඳ ටැක්ස් සිස්ටම් එකක් කේටර් කරන්න තරම් රටේ පසුබිම හැදිලා නෑ. ටැක්ස් හරියට ගන්න ගොඩක් රටවල්වල මුදල් භාවිතය අවමයි, බැංකුවට සැලරි එන්නෙ, ඩිරෙක්ට් ඩෙබිට් වලින් බිල් ඔක්කොම පේ කරන්නෙ. මම හිතන විදිහට ගනුදෙනු 90% විතරම වෙන්නෙ බෑන්ක් ට්‍රාන්ස්ෆර් හරහා. එහෙම උනාම මනි ට්‍රේල් එකක් තියනවා, හරියට ටැක්ස් එකතු කරන්න පුළුවන්. ලංකාවෙ තියෙන්නෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක්.
    පොලියට දෙන් මස්සිනාමතක් උනා..ඌට මොන ටින් ද? ඇවිදින බැංකුවක් තනිකර..ඕන වෙලාවක අතේ ලක්ශ 10ක් 15ක් තියනවාමයි සාක්කුවේ 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    44,718
    65,842
    113
    ආශ්චර්යමත් රටක
    අපැහැදිලි තැන්නම් ගොඩක් තියනවා. හොඳ ටැක්ස් සිස්ටම් එකක් කේටර් කරන්න තරම් රටේ පසුබිම හැදිලා නෑ. ටැක්ස් හරියට ගන්න ගොඩක් රටවල්වල මුදල් භාවිතය අවමයි, බැංකුවට සැලරි එන්නෙ, ඩිරෙක්ට් ඩෙබිට් වලින් බිල් ඔක්කොම පේ කරන්නෙ. මම හිතන විදිහට ගනුදෙනු 90% විතරම වෙන්නෙ බෑන්ක් ට්‍රාන්ස්ෆර් හරහා. එහෙම උනාම මනි ට්‍රේල් එකක් තියනවා, හරියට ටැක්ස් එකතු කරන්න පුළුවන්. ලංකාවෙ තියෙන්නෙ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක්.

    ඒක හරි.
    ලංකාවෙ ඕක සාර්ථක වෙන්නෙ නෑ සිස්ටම් එක හරියට නැති නිසා.
     
    • Like
    Reactions: wqe123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,747
    16,689
    113
    ඕක බොරු බන්.... හැම එකාගෙන්ම 50,000 කඩන්න හදන්නේ රෙජිස්ටර් නොවුණාම. තව ටික දවසකින් circular එකක් ගහයි, immigration එකේ approval වලට tin no එක ඕනේ කියලා. උඹලා බදු හොරු ඔක්කොම.... මම නම් හැදුවා, ඕක ලොකේ හැම තැනම කරන වැඩක්.අවුරුදු 20 කට කලින් පටන් ගන්න තිබ්බේ.