මම දන්නවා මේ වෙද්දී ගොඩාක් රට ඉන්න අය මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් නැතුව අරගෙන් මෙයාගෙන් අහ අහ ඉන්නවා. එන්න අපි ඒ ගැන හරියට දැනගනිමු...
හැම කෙනෙක්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (Taxpayer Identification Number - "TIN") ගන්න ඕන කියලා අපි දන්නවා මේ නීතිය ආවේ අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරණ ගැසට් නිවේදනය හරහා. එම ගැසට් නිවේදනයේ විශයභාර අමාත්‍යවරයා සඳහන් කරලා තියනවා TIN එකක් ලබාගත යුතු අමතර පුද්ගල කණ්ඩායම් කවුද (Additional classes of persons) කියලා. එතැනදී කියන්නේ ලංකාවේ වාසික තැනැත්තන් වන (Resident persons) 2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වෙනිදායින් පසු අවුරුදු 18 ලබන සියලු දෙනා 18 ලැබීමෙන් පසුව බදු සඳහා ලියාපදිංචි විය යුතු බවයි. *කවුද මේ ලංකාවේ වාසික තැනැත්තන් කියන්නේ ?* 2017 අංක 24 දරණ සංශෝධිත ආදායම් බදු පණතේ 69(1) වගන්තියේ කියනවා මෙම පහත පුද්ගලයන් බදු කටයුතු සදහා ලංකාවේ වාසික තැනැත්තන් වෙනවා කියලා
1) ඔහු ලංකා වාසය කරයි නම්
2) ඔහු යම් බදු වසරක් තුල ලංකාවේ කායිකව (physically) සිටී නම් සහ එම කායිකව සිටීමේ කාල සීමාව හෝ කාල සීමාවල එකතුව මාස 12ක කාල සීමාවක් තුලදී ,දින 183ක් සපුරයි නම් හෝ ඊට වැඩි නම්
3) ඔහු ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු හෝ නිලධරයෙකු වේ නම් සහ ඔහුගේ කලත්‍රයා අදාළ බදු වර්ෂයතුල විදේශයක සිටී නම්
4) ඔහු ශ්‍රී ලංකා නෞකාවක සේවයේ නියුක්තව සිටී නම් එම සේවයේ නියුක්තව සිටින කාල සීමාව තුළ
ඉතින් ඔයා මේ උඩ කියන කැටගරි එකකවත් නැත්නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Resident) නෙමේ. එහෙනම් ඔයාට TIN එකක් ඕනා නෑ. උඩ කියපු (2) වෙනි කාරණාවනේ ගොඩක් අයට අදාල නිසා ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. හිතන්න ඔයා පසුගිය මාස 12 තුල (මෙතනදි මාස 12 කියල කිව්වම ඒක ජනවාරි සිට දෙසම්බර් වෙන්න ඕනම නැහැ, ඕනම මාස 12ක කාලයක් හොඳේ. ඒ කියන්නේ 2022 නොවැම්බර් ඉඳන් 2023 ඔක්තෝබර් වගේ කාලයක් තුළ වෙන්නත් පුළුවන්) දින 183 කට වඩා ලංකාවේ කායිකව (physically) ඉදලා තියෙනවා නම් ඔයා ලංකාවේ වාසිකයෙක් (Sri Lankan Resident). එහෙනම් ඔයාට TIN එකක් ගන්න වෙනවා.
මේ වාසිකභාවය (Residency status) IRD එකෙන් ප්‍රැක්ටිකලි චෙක් කරන්නේ ඔයාගෙ පාස්පෝට් එකේ Immigration එකෙන් තියල තියන සීල් වල දිනේ බලලා සහ අනිකුත් උපකාරක ලියවිලි වලින්. ඉතින් ඔයා නිතර ලංකාවට යන එන කෙනෙක් නම් පොඩි වෙලාවක් අරන් හදල බලන්න ඔයා පසුගිය මාස 12 තුළ දින කීයක් ලංකාවේ ගත කරලා තියෙනවද කියලා. ඒ අනුව ඔයාටම තීරණය කරන්න පුළුවන් මට TIN එකක් ඕනද නැත්ද කියලා.
ඔයා රට ගියේ ලඟකදී එන්න නෙමෙයි නම් ඉතින් බය නොවී ඉන්න. හැබැයි ලංකාවේ ඉන්න ඔයාගේ පවුලේ අයට TIN එක ලබා ගැනීම අනිවාර්ය බවත් අමතක කරන්න එපා. කොහොම වුනත් බදු සම්බන්දව කටයුතු කරද්දී කවුරුවත් කියපු දෙයක්, දැකපු දෙයක් හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරනවට වඩා සුදුසුකම් ලත් බදු උපදේශකයෙක්ගේ උපදෙස් ලබා ගන්න එක නුවණට හුරුයි කියලත් මතක් කරනවා.
Inland Revenue Act 24 : http://www.ird.gov.lk/en/publications/Acts_Income%20Tax_2017/IR_Act_No._24_2017_E.pdf
Note: @0_dhanushka උස්සලා දැම්මෙ!

Last edited: