පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු#

    මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි මොනවත් නොතේරෙන පට්ට ගොබ්බයො ටිකක් නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න පුළුවන් උන්ට විතරයි , උන් කියන දේවල් කිසිම විචාර බුද්ධියකින් තොරව පිළිඅරගෙන ඒ දේවල් අපි කල යුතුයි කියලා.

    ඇත්තටම ලංකාවට ආදරේ නම් කලයුත්තේ මේ තත්වයට එන්න සියලු අතින්ම උදව් කල තමන්ගේ දෙමාපියන් පවා තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ තනිකරලා රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න හිඟන්නාගෙන් පවා එකතුකළ බදු මුදල්වලින් නොමිලේ උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන
    ඒ දැනුමෙන් ලංකාවට සතපහක සේවයක් නොකර පිටරටට සේවය කර උපයන ආදායමෙන් කොටසක් පවා පිටරටට බදු විදිහට ගෙවමින් අපිට රට හදන විදිහ ගැන වැදී බන කියන එක නෙමේ. පවතින ක්‍රමය වැරදි නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය ආකල්පමය වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපේ රටේ ඉඳන් කරන එකයි.

    අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. අපේ රටේ තියන සම්පත් ගත්තාම හැම අතින්ම සරු රටක්. ඛනිජ සම්පත්, අභ්‍යන්තර ජල සම්පත,රට වටේ ඇති සාගරය, හිතකර දේශගුණය, මිනිසුන්ගේ සාක්ෂරතාවය හා බුද්ධි මට්ටම වගේ දේවල් සාපේක්ෂව හොඳ මට්ටමේ තියනවා.ඉතින් අපිට බැරි ඇයි මේ රට ආපහු නිවැරදි පැත්තට හරවන්න.

    එත් මේ කියන හාල්පාරුවෝ ටික පිට රට ඉඳන් අපිට රට හදන හැටි උගන්නන්න එනවා. එක්කෝ මුන්ට ඇත්තටම guilty feeling එකක් ඇති තමන් විතරක් ආත්මාර්ථකාමීව බේරිලා ආපු එක ගැන. ඒක වහගන්න වෙන්න පුළුවන් මේ විදිහේ පොර ටෝක්ස් දෙන්නේ. මම දන්නා හුඟක් එවුන් ඉස්කොලේදිවත් කිසිම විෂය බාහිර හෝ සාමාජීය වැඩවලට ආපු නැති පොතේම ඇලිලා exam ගොඩදාගන්න දඟලපු set එකක්.

    මේ වගේ එවුන් මම මගේ FB එකෙන් block කරන්න පටන් ගත්තා . උඹලා හිතන්න එපා මම උන් ගැන jealous කියලා. ඇත්තටම මට වෘත්තීය සුදුසුකම් තියනවා වගේම සාපේක්ෂව ස්ථාවර වෙලා ඉන්න පුළුවන් හොඳ ආදායමක් තියනවා. දේශපාලකයෝ අපේ බදු සල්ලි හොරකම් කරන බව දැනගෙනත් අපි රජයට බදු ගෙවන්නේ මෝඩකමට නෙමේ. මේකෙන් සුළු කොටසක් හරි නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට, සමාජ සුබසාධනයට යෙදවෙන නිසා.

    ඔය Europe වල ඉන්න ගොඩක් එවුන්ව මචං සුද්දෝ ඇත්තටම ගණන් ගන්නේ නැහැ. brown skin එකට discrimination හරියට වෙනවා. බලපල්ලා ලංකාවේ එවුන්ගේ parties වල සුද්දෝ ඉන්නවද කියලා. හිටියොත් එකයි දෙන්නයි. මුන් පෙන්නන්නේ අපි සුපිරි සැප විඳිනවා උඹලා අපරාදේ ලංකාවට වෙලා දුක් විඳිනවා. ඒ නිසා රට හදපල්ලා . අපි දෙන්නම් advice. ඒ විදිහට කරපල්ලා වගේ. උන් කියනවා අපිත් කවදා හරි මැරෙන්න එන්නේ ලංකාවට, මිනිය වලලන්නේ ලංකාවේ කියලා. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ඇටකටු වලදාන්න තියන සොහොනක් කියලද දන්නේ නැහැ.

    sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි පට්ට ගොබ්බයො නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම උන් කල යුතුයි, උන් කියන දේවල් කිසිම විචාර බුද්ධියකින් තොරව අපි පිළිඅරගෙන කල යුතුයි කියලා.

    ඇත්තටම ලංකාවට ආදරේ නම් කලයුත්තේ මේ තත්වයට එන්න සියලු අතින්ම උදව් කල තමන්ගේ දෙමාපියන් පවා තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ තනිකරලා රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න හිඟන්නාගෙන් පවා එකතුකළ බදු මුදල්වලින් නොමිලේ උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන
    ඒ දැනුමෙන් ලංකාවට සතපහක සේවයක් නොකර පිටරටට සේවය කර උපයන ආදායමෙන් කොටසක් පවා පිටරටට බදු විදිහට ගෙවමින් අපිට රට හදන විදිහ ගැන වැදී බන කියන එක නෙමේ. පවතින ක්‍රමය වැරදි නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය ආකල්පමය වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපේ රටේ ඉඳන් කරන එකයි.

    අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. අපේ රටේ තියන සම්පත් ගත්තාම හැම අතින්ම සරු රටක්. ඛනිජ සම්පත්, අභ්‍යන්තර ජල සම්පත,රට වටේ ඇති සාගරය, හිතකර දේශගුණය, මිනිසුන්ගේ සාක්ෂරතාවය හා බුද්ධි මට්ටම වගේ දේවල් සාපේක්ෂව හොඳ මට්ටමේ තියනවා.ඉතින් අපිට බැරි ඇයි මේ රට ආපහු නිවැරදි පැත්තට හරවන්න.

    එත් මේ කියන හාල්පාරුවෝ ටික පිට රට ඉඳන් අපිට රට හදන හැටි උගන්නන්න එනවා. එක්කෝ මුන්ට ඇත්තටම guilty feeling එකක් ඇති තමන් විතරක් ආත්මාර්ථකාමීව බේරිලා ආපු එක ගැන. ඒක වහගන්න වෙන්න පුළුවන් මේ විදිහේ පොර ටෝක්ස් දෙන්නේ. මම දන්නා හුඟක් එවුන් ඉස්කොලේදිවත් කිසිම විෂය බාහිර හෝ සාමාජීය වැඩවලට ආපු නැති පොතේම ඇලිලා exam ගොඩදාගන්න දඟලපු set එකක්.

    මේ වගේ එවුන් මම මගේ FB එකෙන් block කරන්න පටන්ල ගත්තා . උඹලා හිතන්න එපා මම උන් ගැන jealous කියලා. ඇත්තටම මට වෘත්තීය සුදුසුකම් තියනවා වගේම සාපේක්ෂව ස්ථාවර වෙලා ඉන්න පුළුවන් ආදායමක් තියනවා. දේශපාලකයෝ අපේ බදු සල්ලි හොරකම් කරන බව දැනගෙනත් අපි රජයට බදු ගෙවන්නේ මෝඩකමට නෙමේ. මේකෙන් සුළු කොටසක් හරි නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට, සමාජ සුබසාධනයට යෙදවෙන නිසා.

    ඔය Europe වල ඉන්න ගොඩක් එවුන්ව මචං සුද්දෝ ඇත්තටම ගණන් ගන්නේ නැහැ. brown skin එකට discrimination හරියට වෙනවා. බලපල්ලා ලංකාවේ එවුන්ගේ parties වල සුද්දෝ ඉන්නවද කියලා. හිටියොත් එකයි දෙන්නයි. මුන් පෙන්නන්නේ අපි සුපිරි සැප විඳිනවා උඹලා අපරාදේ ලංකාවට වෙලා දුක් විඳිනවා. ඒ නිසා රට හදපල්ලා . අපි දෙන්නම් advice. ඒ විදිහට කරපල්ලා වගේ. උන් කියනවා අපිත් කවදා හරි මැරෙන්න එන්නේ ලංකාවට, මිනිය වලලන්නේ ලංකාවේ කියලා. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ඇටකටු වලදාන්න තියන සොහොනක් කියලද දන්නේ නැහැ.

    sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.

    :yes::yes::yes::cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    Oke depeththak thiyanawa bn lankawe giyahama thamai sirawatama lankawe age therenne :( ape rata wage wena kohe giyath set wenne nae e feeling eka ganna eliyata gihillama balanna ona :love: badu gewanawa wage vidisha vinimaya enawa neda
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Oke depeththak thiyanawa bn lankawe giyahama thamai sirawatama lankawe age therenne :( ape rata wage wena kohe giyath set wenne nae e feeling eka ganna eliyata gihillama balanna ona :love: badu gewanawa wage vidisha vinimaya enawa neda

    බදු ගෙවන්නේ පුරවැසිභාවය හිමි රටේ විතරයි. උන් ලංකාවට බදු ගෙවන්නේ නැහැ. ද්විත්ව පුරවැසිභාවය හිමි අයට විතරයි රටවල් දෙකේම බදු ගෙවන්න ඕනේ. රටවල් දෙක අතරේ ද්විත්ව බදු සඳහා ගිවිසුමක් තියනවානම් විතරක් පිටරටකදී බද්දක් ගෙව්වාම ලංකාවේ බදු සහනයක් දෙනවා.

    ගොඩක් එවුන් PR හරි citizenship අරන් ඉන්න නිසා උන් කිසිම බද්දක් ලංකාවේ ගෙවන්නෙත් නෑ වෙන විදේශ විනිමයක් ලංකාවට එවන්නේත් නැහැ.
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Oke depeththak thiyanawa bn lankawe giyahama thamai sirawatama lankawe age therenne :( ape rata wage wena kohe giyath set wenne nae e feeling eka ganna eliyata gihillama balanna ona :love: badu gewanawa wage vidisha vinimaya enawa neda
    Mu kiyana category eka
    Nemeyi bn e salli ewanne
    Kulu wada wage krna minissu
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ හරි......

    ඒ වගේම මේ පාර ඉතාම ඉහල සංඛ්‍යාවක් රට ඉදන් චන්දෙ දාන්න ලංකාවට එනවා.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    lol samaharu mehe helpless widiyata indala migrate wela thawa mehen ammala thattalagen sallith gennagena gewal aragena FB eke politics karala apita rata hadana hati pennanawa :P

    anika ung kamatiy mehe prashna awussa awussa athal ekak ganna, mokada ehe life eka chater unath mehe prashna balala hitha hadaganna puluwanne ;)

    (pita rata weda karala, thamange pawula gedarata meheta salli ewun ehema kalata kamak naha)
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    ඕක නම් සිරා කතාවක්, ඔහොම රට හදන්න කතා කරන ගොඩක් උන් එක්කෝ පිටරට, එක්කෝ අවුරුදු 18ක් වත් පිරිලා නැති චන්ද බලයක් නැති පොඩි එකෙක්, :P
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕක නම් සිරා කතාවක්, ඔහොම රට හදන්න කතා කරන ගොඩක් උන් එක්කෝ පිටරට, එක්කෝ අවුරුදු 18ක් වත් පිරිලා නැති චන්ද බලයක් නැති පොඩි එකෙක්, :P

    නැත්නම් පට්ටම පට්ට හොරෙක් :P
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    උබ හරි......

    ඒ වගේම මේ පාර ඉතාම ඉහල සංඛ්‍යාවක් රට ඉදන් චන්දෙ දාන්න ලංකාවට එනවා.....

    හැබැයි dual citizens ලාට විතරයි චන්දෙ දාන්න පුළුවන්. ඒ රටේ PR/ citizenship විතරක් තියන අයට ලංකාවේ චන්දය දාන්න බැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවට නං එන්න ඕනෙ නෑ පින් සිද්ධ වෙයි අපි මෙහෙ ජනගහනෙ වැඩි වෙලා අඩු කරගන්න විදිහක් නැතුව දඟලනව. යංතං වැහැපු ගමං ඇඳ උඩ දෙන්නයි ඇඳ යට දෙන්නයි ඉස්පිරිතාල වල. තව දාල ගිය උන් ගෙන්නගන්න හදනව. ගෙන්නගන්න නෙමේ පුලුවන් තරම් ලංකාවෙන් මිනිස්සු export කරන්න ක්‍රමයක් ගැන කතා කරපං. ජනගහනෙ අඩුම ගානෙ කාලක් අඩු කරගත්ත නං ලංකාවෙ ගොඩක් ප්‍රශ්න විසඳෙනව.
     
    නෑ බං. ජන ඝනත්වය වැඩි චීනේ වගේ රටක් ගනින්කෝ. යම් යම් සාමාජයීය ප්‍රශ්න ඇති වුනත් උන්ගේ රට අපිට වඩා ආර්ථික වශයෙන් දියුණු නැද්ද? අපේ රටේ කොහෙද බං මිනිස්සු වැඩි. ඕන තරම් හිස් ඉඩම් කොළඹින් පිට තියන්නේ. ප්‍රශ්නේ පහසුකම් තියන්නේ නාගරික ප්‍රදේශ වල විතරක් නිසා මිනිස්සු ඒවාට ගාල් වෙලා ඉන්න එක. අපේ ඇත පළාත් හොඳට සංවර්ධනය කලොත් මිනිස්සු කොළඹ වගේ නගර වටා කේන්ද්‍ර වෙන්නේ නැතුව විසිරිලා යයි. දැන් Singapore බලපන්කෝ ජනඝනත්වය වැඩිම රටක් නේ. දියුණු නැද්ද.
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ජොසී;24829714 said:
    Me rate inne hadanna bari tharam gobbayo kiyala therenna nam, rata gihinma balanna ona. Uba un kiyana ekath ahapan. :D

    මචං, පාකිස්ථානය ගනින්කෝ. අපිටත් වඩා සාම්ප්‍රදායික , නූගත් ජන කොට්ටාශයක් ඉඳලත් පවතින ක්‍රමය ප්‍රගතිශීලී විදිහට වෙනස් කරන්න ඉම්රාන් ඛාන් එක්ක පෙළ ගැහුනේ. ඉතින් අපේ රටේ බැරි ඇයි.