ගෙවල් ගැනිල්ල බිස්නස් එකක් මෙහේ නම්, පලවෙනි ගේ ගත්තම අවුරුදු දෙකක් වගේ යද්දි ඒකෙ ගාන වැඩිවෙනව, ඊට පස්සෙ ඒ වැඩි උන ගාන re-finance කරල අරගෙන වෙන ගෙයක් ගන්නව ඒ ගාන down payment දාල, ඊට පස්සෙ රෙන්ට් කරනව, රෙන්ට් එකෙන් ලෝන් එක ගෙවනව...ඒ ලෝන් එකේ මාසෙ installment එකට රෙන්ට් එකෙන් එන ගාන මදිවෙලා උබට අතින් සල්ලි දාන්න වෙනව නම් ඒ negative යන ගානෙ interest portion එක ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන් (Negative cash flow), කෑශ් ෆ්ලෝ එක පොසිටිව් නම් ගන්න ගෙවල් ගාන සීමාවක් නෑ ඔහොම ගෙවල් 10-20 තියෙන අය ඉන්නව, අන්තිමේ ඔය ටික කාලෙකින් ඔය ගෙවල් බාගයක් විතර විකුනලා (Annually ගෙවල් 4% වගේ මිල වැඩි වෙනව) ඉතුරු ලෝන් ඔක්කොම සෙට්ල් කරාම හොඳ outright portfolio එකක් තියෙනව...
තව ඔය ගෙවන interest එක අඩු කරගන්න විදි තියෙනව මෙහේ, savings සල්ලි තියෙනව නම් ඒව ලෝන් එකේ redraw හරි offset අකවුන්ට් වලට දාල, එතකොට ඒ ගාන අඩු කරල තමා පොලිය හැදෙන්නෙ ලෝන් එකට, interest calculate වෙන්නෙ daily basis, තව මාස්පතා ගෙවන ලෝන් එක සති දෙකෙන් දෙකට ගෙවන්න හදාගත්තොත් ඒකෙන්ම විතරක් අවුරුදු තිහේ ලෝන් එක අවුරුදු විසි හතර හමාර වෙනකන් අඩු වෙනව, ඒ කරල අරම ඕෆ්සෙට් දැම්මොත් තව අඩු වෙනව,investment property අරං ගේමක් ගැහුවොත් තවත් අඩු වෙනව, ගොඩක් උන් අවුරුදු 10-12 යද්දි ගෙට ගෙවල ඉවරයි අවුරුදු දෙකෙන් දෙකට ලෝන් එක පොලී අඩු වෙන බැංකුවක් එක්ක refinance කරන්න පුළුවන්, no hidden fees, සමහර උන් කෑශ් බැක් එහෙමත් දෙනවා උන් එක්ක refinance කරොත්.... lol
ලංකාවේ ඔය එකක් වත් නෑනෙ බැංකු වල, බැංකු ටික මිනිස්සු පාවිච්චි කරල පොහොසත් වෙනව, එච්චරයි, කිශූ කාරයත් මෙතන opportunities තියෙන ඒව පෙන්නන්නෙ නෑ හැබැයි ඌ ඒව දන්නවා,නැත්තම් අර උඩ කියල තියෙනව වගේ ඌ ඔසී වල investment properties අරන් දාවිද lol

පොඩි තෙලක් මේ ගහන්නෙ
රටකට ආව කියල හම්බ කරන සල්ලි ඔක්කොම ලෝන් ගහල වාහන ෆෝන් අරං කකා බිබී පාටි දදා විතරක් හිටියොත් ඉතිං කරගත්ත දෙයක් නෑ, වටේ පිටේ ඉඳපු උන් එකෙක්වත් නෑ (උන්ටත් වෙන වැඩ තියෙනවනෙ)