පිටරට විස්තර

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඔන්න පලවෙනි පාරට මටත් හිතුන පොඩි ලිපියක් ලියන්න.. හොදද දන්නේ නෑ මුල්ම එක නිසා.
    ගොඩක් අය හිතන්නේ පිටරට ජීවිතේ හරි සුන්දරයි කියලනේ..
    මම ලංකාවෙන් පිටවෙලා දැන් අවුරුදු හතරක් විතර වෙනවා. ඔය අවුරුදු 4ට සැහෙන්න චාටර් සීන් වෙලා තියනවා. ඒවත් ටික ටික ලියන්න හිතාගෙන ඉන්නේ. කොහොමහරි රට ඉන්න උන්ගේ හෙන පොරත්වය කියලා හිතන උන් ලංකාවේ ඉන්නවා කියලා මම දන්නවා. ඒකට හේතුව තමයි සමහර රටවල් වල ඉන්න අපේ රට හරක් ලංකාවට ගිහින් දෙන පොර ටෝක්. උන් ලංකාවට ගිහින් කියන්නේ හරියට හිටිය රටේ උන් ඌට සුරසැප දුන්නා කියලා. ඒ විතරක් නෙවෙයි සමහරු ඒ කරලා තමන්ගේ රටත් බාල්දු කරනවා. මම එහෙම කියන්නේ මෙහෙත් ඉන්නව එහෙම අයියලා. උන්ට රටින් පිට වෙලා අවුරුද්දක් යද්දි ආවෙ ලංකාවෙන් කියලා අමතකයි. කවුරු මොනවා කීවත් ඉන්න එකා දන්නවා ඇත්ත තත්වේ. මම මේ කියන්න යන දේවල් ඉන්න රට හැටියට වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි මම දන්න විදිහට පොදුවේ ගත්තහම ගොඩක් රටවල් වල ඇත්ත තත්වේ මේකයි.

    මම මෙහෙට පාත් උනේ ඉගෙන ගන්න කියලා. නොමිලේ ලංකාවේ ඉගෙන ගන්න දෙන චාන්ස් එක ලබන්න තරම් වාසනාව නැතිවුන නිසා ඉතින් මේ කට්ට කන්න උනා. කවුරු මොන පොර ටෝක් දුන්නත් රට ඉන්නවා කියන එක හෙන කට්ටක්. මුලින්ම කියන්න ඕනේ දියුණු හැම රටකම ඉන්න ජාතියක් තමයි ඉන්දියන් උන්. උන් ගිහින් ඔය රටවල් වල කරලා තියන චාටර් සීන් නිසා ගොඩක් රටවල උන් ඉන්දියන් උන් දිහා බලන්නේ අවුලෙන්. කරුමෙට අපේ හමත් ඒ පාට නිසා අපිටත් උන් බෙදන්නේ එකම හැන්දෙන් තමයි. ඒ නිසා අපි පය තිබ්බ ගමන්ම උන් අපිව ඉන්දියන් උන්ගේ මට්ටමින් මැනලා ඉවරයි. ඒ නිසා අපි ගැන ඔය රටවල් වල ඉන්න උන්ට හොඳ ප්‍රතිරූපයක් නෑ. ඔය ලංකාවට ගිහින් කයිය ගහන උන් මෙහෙ ඉගෙන ගන්න කාලේ පිඟන් හොදලා, අතු ගාලා එහෙම නැත්නම් ඔය වේටර් වගේ චාටර් ජොබක් කරලා තමයි ජීවත් වෙන්නේ. පට්ටම සල්ලි තියන උන් නම් පාර්ට් ටයිම් ජොබ් කරන්නේ නෑ. උන් කොහොමත් පොර ටෝක් දෙන්නෙත් නෑ. උඹලට කීවහම මොකද මමත් ඉගෙන ගන්න අවුරුදු 3ම කලේ වේටර් ජොබ් එකක්. ඒ කට්ට ගැන නම් කියලා වැඩක් නෑ. හවස ලෙක්චර්ස් ඉවර උනහම එහෙන්මම වැඩට. වැඩ ඇරිලා එන්නේ රෑ 2 විතර වෙලා. ඊට පස්සේ තියන වැඩ ඉවර වෙලා නිදා ගන්නේ මහ පාන්දර. උදේ නැඟිටලා ආයෙත් යනවා. නිදාගන්න වෙන්නේ පැය 4ක් 5ක් තමයි උපරිම. ඒ වෙලාවට තමයි නිදහස් අධ්‍යාපනයේ තියන වටිනාකම තේරෙන්නේ. මොනවා කියලා කරන්නද?

    අනික බං උපන් රටේ තියනවා වගේ නිදහසක් කොහෙද අනුන්ගේ රටවල් වල. උන් මොනවහරි කීවා කියලා අපිට අතදිග ඇරලා ගහන්න කියලද? අනික මේ රටවල් වලට ඉන්න උන්ට ලංකාවේ අපේ උන්ට වගේ මනුස්සකම් නෑ. මූණක් බලලා හිනා වෙන්න දන්නෙ නෑ. අනිත් කාරණය කෑම. ගෙදර ඉන්නකොට අම්මා උයලා දෙන කෑම වේලක් වගේ කෑම වෙලක් හම්බවෙනවද අපිට? මොනවිදිහේ නානාප්‍රකාර කෑම ලැබුණත් වැඩක් නෑ බං. අම්මා උයලා දෙන කෑම ටික වගේ පත්තියන් වෙන්නෙ නෑ.අසනීපයක් උනහම බලන්න කියලා එකෙක් නෑ. තව එකෙක් වෙනුවෙන් ඇරෙන්න අනිකට වෙලාවක් නෑ. අනික මචංලා මොකා සෙට් උනත් මෙහෙදි ඕලේවල්, ඒලෙවල් කරන කාලේ සෙට් උන කොල්ලො වගෙ බොක්ක තියන උන් හම්බ වෙන්නේ නෑ. අඩු ගානේ ලංකාවේ හිටියනම් උන්ව මාසෙකට සැරයක් හරි සෙට් වෙනවනෙ. තවත් චාටර් ලංකාවෙ කෙල්ලො ඉන්න උන්ට. අනෙ පව් උන්ට මාසෙට කනවට වඩා වියදම් වෙනවා ටැලිපොන් වලට. කෙල්ල එහෙ කොල්ල මෙහෙ. ඔය වගේ චාටර් සීන් ගොඩක් එක්ක තමයි රට ඉන්න උන් ජීවත් වෙන්නේ.

    තාත්තා මට මෙහෙට එන්න කලින් එලකිරි කතාවක් කීවා. තේරුම තේරුනේ ආවට පස්සේ. තාත්තා කීවා ” පුතා උඹට පිට රටවල් වල ජීවත් වෙන්න ඕනේ නම් බීරි කනකුයි, ඌරු කටකුයි, බූරු පිටකුයි, අස්ස ගමනකුයි තියෙන්න ඕනේ ” කියලා. බීරි කන මොකා මොනවා කීවත් ඇහුනේ නෑ වගේ පාඩුවේ ඉන්න. ඌරු කට අහුවෙන දෙයක් කාලා ඉන්න. බූරු පිට ඕන බරක් අඳින්න, එහෙම නැත්නම් ඕන පරිප්පුවක් කාලා ඉන්න. අස්ස ගමන කීවේ හැමවෙලේම හැම වැඩක්ම පුලුවන් ඉක්මනට කරන්න ඕන. එහෙම නැත්නම් කඩිසර කම කියමුකො.

    මම මේ කියන්න හැදුවේ පිටරටවල් වල ඉන්න හැමෝම කටු කනවා කියලා නෙවෙයි. ඒත් බහුතරය කන්නේ කටු. හැබැයි දියුණු රටවල් වල ජීවත් වෙන එක ශාරිරිකව හරි පහසුයි. නැත්නම් උඹලා කියයි කොල්ලො රට එනවට ඊරිසියාව නිසා මම කටු ගැන කියනවා කියලා. අනේ නෑ. ශාරිරිකව ගත්තහම නම් අවුලක් නෑ. මොකද හැම පහසුකමක්ම ඕනවටත් වඩා තියන නිසා. අනික ආතල් එහෙමත් තියනවා. හැබැයි මොනවා තිබ්බත් මට නම් ලංකාවේ ගන්න ආතල් වගේ ආතල් ආයේ ලොවෙත් නෑ. කොහොමත් මචං මානසිකව නම් ඔය කට්ටිය කියන තරම් ආතල් එකක් මට නම් නෑ. මොන රටේ හිටියත් මට මගේ රට රත්තරං. ආපු කාරණා ඉෂ්ඨ කොරගෙන මේ තියන ආර්ථික අවපාත අඩු උන ගමන් මම එනවා ලංකාවට. මම දන්න විදිහට එළකිරි එකෙත් ඉන්නවා රටවල් වල ජීවත් වෙන හෙන සෙට් එකක්. මම කීවේ බොරුද නැත්ද කියලා උඹලා දන්නවා. මම කීවෙ බොරු නම් ඔන්න උඹලාට පුලුවන් කොමොන්ටුවක් දාන්න.විස්තරේ කීවේ ලංකාවට ඇවිත් පොර ටොක් දීපු උන් නිසා මෙහෙ ඇවිල්ල කටු කන උන් ඕන තරම් ඉන්න නිසා සහ රට ඉන්න උන්පොර ටොක් දෙනවා කියලා චෝදනාවක් නිතරම ඇහෙන නිසා.

    ඇත්තම කීවොත් ඔන්න ඕකයි පිටරට වල තත්වේ.
    :sorry:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    In that case studying in Italy is better . Even I wanted to study in UK :P . But since I had the chance to do an internship in an engineering department ( I'm getting paid ) , I planned to stay here and this September I'm enrolling to a Uni in Milan to do Aerospace Engineering.
    Lot of my friends in UK told me the same like you . stay strong brother.
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..

    තාත්තා මට මෙහෙට එන්න කලින් එලකිරි කතාවක් කීවා. තේරුම තේරුනේ ආවට පස්සේ. තාත්තා කීවා ” පුතා උඹට පිට රටවල් වල ජීවත් වෙන්න ඕනේ නම් බීරි කනකුයි, ඌරු කටකුයි, බූරු පිටකුයි, අස්ස ගමනකුයි තියෙන්න ඕනේ ” කියලා. බීරි කන මොකා මොනවා කීවත් ඇහුනේ නෑ වගේ පාඩුවේ ඉන්න. ඌරු කට අහුවෙන දෙයක් කාලා ඉන්න. බූරු පිට ඕන බරක් අඳින්න, එහෙම නැත්නම් ඕන පරිප්පුවක් කාලා ඉන්න. අස්ස ගමන කීවේ හැමවෙලේම හැම වැඩක්ම පුලුවන් ඉක්මනට කරන්න ඕන. එහෙම නැත්නම් කඩිසර කම කියමුකො.

    මෙන්න මේක නම් සිරාම කතාව
    11.gif
    රට ගියාම ඉන්න ඕන විදිය තාත්තා එක පේලියෙන් කියල තියෙනවා
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ජීවිතය තුල දුකයි සැපයි දෙකම තියෙනවා ...යාළුවා . දුකක් වින්දා නම් අනිවාර්යෙන්ම ඉස්සරහට ඔයාට සැප කුත් ලග එනවා කියලා මතක තියාගන්න යාළුවා..... :)
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම මේ ලගදී ලක්බිම පත්තරේ ඔය අපේ කොල්ලෝ ඉගෙනගන්න කියල රට ගිහින් කන කට්ට,උන් ජීවත් වෙන විදිය,උන්ට තියෙන මානසික ආතතිය ගෑන ලස්සන කතාවක් කියෙව්වා,අපේ අම්මා තමයි මට පත්තර පිටුව ගෙනත් දුන්නේ ආ කියවල බලන්න කියලා,මොකද මගෙත් ලොකු ආසාවක් තියෙනව වෑඩිදුර අධ්‍යාපනයට රට යන්න,ඒකේ තීයෙනවා මචන් බොක්කටම වදින කතා ටිකක්,ඈත්ත තමයි අපි පිට රට ගිහින් ආවම මුලු ලංකාවම අපේ කියල හිතුවට එහෙට ගියාම තමයි අපි කොච්චර අසරනද කියලා හිතෙන්නේ,කොච්චර ලොකු මානසික වදයකින්ද ඉන්න ව්න්නේ,,කොහොමද ඊලග semester 1ට සල්ලි හොයගන්නේ,Uni යන ගමන් ගොඩක් වෙලාවට lectures cut කරලා ඒ පෑය කිහිපය තුලත් කීයක් හරි හොයාගන්න දගලලා දගලලා,අන්තිමේදි exam ලං උනාම තමයි ලොකු මානසික බරක් ඔලුවට එන්නේ,මෙහෙදි තමන් කන පිගාන වත් හෝදන්නේ නෑති හොද සල්ලි කාර කෙල්ලොත් එහෙ ගිහින් ආප්ප පුච්චනවා,ඕක තමයි බන් ඈත්ත,,ඒත් කවුරුත් ඕක අනික් උන්ට කියලා දෙන්නේ නෑහෑ,
    හෑබෑයි කොහොම හරි ඉවසීමෙන් කට්ට කාලා හිතේ හයියෙන් තමන්ගේ වෑඩේ කරන් ආපහු ලංකාවට ආවොත් ඌ ගොඩ,උන්ගේ දිහා බලලා පිටින් පේන සුදට රෑවටිලා තමයි අපේ කොල්ලො රොතු පිටින් රට ගිහින් නන්නත්තාර වෙන්නේ
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඔව් බන්, මු කිව්ව දේවල් සම්පුර්න අත්ත.