පිටසක්වලයින් සෙවීමට නව ව්‍යාපෘතියක්.

පිටසක්වලයින් සෙවීමට නව ව්‍යාපෘතියක්.

ap17-eratosthenes-crater-fullres-ex.jpg


පෘතුවියට අයත් චන්ද්‍රයා මත පැරණි පිටසක්වල ශිෂ්ටාචාරයක් පැවතී බවට මත පල වෙන්නේ අද ඊයෙක ඉදන් නෙමෙයි.මේ පිටසක්වල ශිෂ්ටාචාරය ගැන තියෙන මතය ඇත්තක්ද? එහෙම තිබුනා නම් ඔවුන්ට මොකද වුනේ? මේ සියලු ගැටළු වලට පිළිතුරු සොයන්න SETI ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයෙකු විසින් නව ව්‍යාපෘතියක් පිළිබඳව යෝජනා කරලා තියෙනවා.

නාසා ආයතනය ප්‍රසිද්ධ කල චන්ද්‍ර ඡායාරූප බොහොමයක විවිධ අසාමාන්‍යතා දකින්න තියෙනවා.මේ අසාමාන්‍යතා බහුතරයක තියෙන්නේ පැරණි එහෙත් දියුණු ශිෂ්ටාචාරයකට අයත් නටබුන් වල සලකුණු.

SETI ව්‍යාපෘතිය ඇමෙරිකාව විසින් ආරම්භ කලේ පිටසක්වල සිට එන රේඩියෝ සංඥා ග්‍රහණය කර ගන්න.මේ ව්‍යාපෘතියට සම්බන්ධව වැඩ කරන භෞතික විද්‍යාඥයෙකු වන පෝල් ඩේවිස් (Paul Davies) තමයි මේ සඳ පිටසක්වලයින් සෙවීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියා.

ඔහු අදහස් කරන විදියට පිටසක්වල ජීවින් ගැන උනන්දුවක් දක්වන දහස් ගණනක් වන අන්තර්ජාල පරිශීලකයන් එකතු කරලා ඔවුන් ලවා චන්ද්‍ර ඡායාරූප වල අසාමාන්‍යතා පරීක්ෂා කිරීම තමයි මූලික පියවර වෙන්නේ.ඔවුන් වාර්තා කරන අසාමාන්‍යතාවයන් පිළිගත් විද්‍යාඥයන් පිරිසක් විසින් පරීක්ෂා කරලා තහවුරු කිරීම තමයි දෙවෙනි පියවර වෙන්නේ.මේ දෙවෙනි පියවරෙන් ලැබෙන ප්‍රතිපල අනුව පසු කාලීනව මිනිසුන් සහිත යාන සඳ වෙත යවලා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන්නත් බලාපොරොත්තු වෙන බව කියනවා.


පිටසක්වල ජීවින් ගැන තවත් අලුත් විස්තර දැන ගන්න එන්න අපේ වෙබ් අඩවියට - http://www.ufonewzlanka.blogspot.com

ඔයාලත් මේ වගේ විස්තර වලට කැමති නම් අනිත් අයටත් කියවන්න පුළුවන් වෙන්න බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...... :D :D :D :D
 
Last edited: