පිටසක්වල ක්ෂුද්‍ර ජීවින්.

පිටසක්වල ක්ෂුද්‍ර ජීවින්.

CMarZ_550_121461.jpg


පෘතුවියේ ජිවය බිහි වුනු ආකාරය කතා කරන කොට පරිනාම වාදය හැරුනාම වඩාත් ප්‍රබලම මතය වෙන්නේ පැන්ස්පර්මියා වාදය.මොකක්ද මේ පැන්ස්පර්මියා වාදය???? මේ මතයෙන් කියවෙන්නේ විශ්වයේ කොහේ හෝ තැනක බිහි වුනු ජීවින් හෝ ක්ෂුද්‍ර ජීවින් පෘතුවියට ජිවය අරගෙන එන්න ඇති කියලයි.මේ මතයට විරුද්ධ වෙන බොහෝ දෙනෙක් කිව්වේ අභ්‍යවකාශයේ තියෙන රික්තයේ, ඔක්සිජන් රහිතව,අභ්‍යවකාශ විකිරණ වලට ඔරොත්තු දෙමින් කිසිම ජිවියෙක්ට ජිවත් වෙන්න බහ කියලයි.(කෘතීම උපකරණ හෝ උපකාරක රහිතව).එය්හ් මේ තර්කය බොරු කරමින් පැන්ස්පර්මියා වාදයට උදව් දෙන සාක්ෂි කිහිපයක් පසුගියදා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලැබුනා.

මුහුදු ප්ලාවාංග එහෙමත් නැත්නම් ප්ලන්ක්ටන්ස් කියන්නේ මුහුදේ ජිවත් වන ක්ෂුද්‍ර ජීවින් විශේෂයක්.මෙයාල සාගරයේ අහාර දාම වල වැදගත් කොටසක් ඉටු කරනවා.

ක්ෂුද්‍ර චන්ද්‍රිකාවක් මුදා හරින්න අභ්‍යවකාශයේ අවිදීමක් කල රුසියානු අභ්‍යවකාශගාමී ඕල් ආර්ටෙම්යෙව් (Olek Artemyev)සහ ඇලෙක්සැන්ඩර් ස්ක්වොර්ට්සොව් (Alexander Skvortsov)දෙන්නා ආපහු එන ගමන් රුසියානු කොටසේ ජනෙල පිහි දැම්මේ ඒවා තවත් දීප්තිමත් කරන අදහසින්.මේ පිහි දැමු උපකරණ වල රැදුණු දුවිලි වගේ අවශේෂ වලින් තමයි මෙයාලට මේ මුහුදු ප්ලවාංග ගැන සාක්ෂි ලැබුනේ.

මේ සාක්ෂි පරික්ෂා කරපු විද්‍යාඥයන් කියන්නේ මේවා කිසිසේත්ම පෘතුවියෙන් බැහැර ජීවි කොටස් නොවන බව.ඒ වගේම එයාලා සහතික කරනවා මේ ප්ලවාංග අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගුවන්ගත කරද්දී පිටත රැඳුනු ඒවා නොවන බව.එයාල කියන විදියට මේවා සුළඟ ඔස්සේ පෘතුවි වායුගෝලය පහු කරලා අභ්‍යවකාශයට ඇවිත් තියෙනවා.මේ සොයා ගත ප්ලවාංග වලට හැම අතින්ම සමාන ප්ලවාංග කසකස්තානයේ බයිකනූර් නගරයට ආසන්න මුහුදු වල සිටින බව තමයි වැඩි දුරටත් ඔවුන් කියන්නේ.

මේ ප්ලවාංග වලට පෘතුවි වායු ගෝලයෙන් එලියට ඇවිත් අභ්‍යවකාශයේ තියෙන රික්තයේ, ඔක්සිජන් රහිතව,අභ්‍යවකාශ විකිරණ වලට ඔරොත්තු දෙමින් ජිවත් වෙන්න පුළුවන් නම් වෙනත් ලෝකයක සිටින ක්ෂුද්‍ර ජිවින්ට මේ ආකාරයෙන්ම පෘතුවිය වෙත එන්න බැරි වේවිද??? ඒ වගේම පෘතුවියේ තියෙන පරිසරයට වඩා සෑහෙන වෙනස් පරිසරයක වුනත් ජීවයක් බිහි වෙන්න පුළුවන් බව මේ අනුව අපිට පෙනී යනවා.

හිට්ලර් භාවිතා කල පිටසක්වල තාක්ෂනය, පිටසක්වල ජීවින් සිටින බවට පෘතුවියෙන් ලැබුණු සාක්ෂි,පිටසක්වල යානා වල වීඩියෝ දර්ශන වගේ පිටසක්වල ජිවින්ට සම්බන්ධ ගොඩක් දේවල් දැන ගන්න එකතු වෙන්න අපේ වෙබ් අඩවියත් එක්ක. -
www.ufonewzlanka.blogspot.com
 
Last edited: