පිටසක්වල ජීවින්
පිටසක්වල ජීවින් සම්බන්ධ ප්‍රසිද්ධ සිදුවීම්
1. ලොස් ඇන්ජලීස් වල සටන – 1942.
දෙවැනි ලෝක යුද්ධය අතරමැද සිදුවුන අමුතු දෙයක් තමා මේ. ඇමරිකාවේ පර්ල් වරායට එල්ලවුන ජපන් ප්‍රහාරයෙන් පසු මාස තුනක්වත් යන්න කලින් ලොස් ඇන්ජලීස් නුවර අහසේ පියාඹන පීරිසියක් වගේ එලියක් දකින්න ලැබුනා. දහස් ගණනක් මිනිස්සු දැක්ක මේ යානයට ඇමරිකානු ගුවන් හමුදාවේ ෆයිටර් යානා ප්‍රහාරත් එල්ල කලා. ඇමරිකානු රජය මේ එලිය ඇත්තටම මොකක්ද කියල හොයාගන්න උත්සහා කලාට ඒ ගැන කිසිම හෝඩුවාවක් හම්බවුනේ නැහැ
2. කෙක්ස්බර්ග්, පෙන්සිල්වේනියා – 1965.
1965 දෙසැම්බර් මාසයේ පෙන්සිල්වේනියාවේ ජීවත්වෙන අය අමුතු එලියක් අහස හරහා ගිහිල්ලා ගමේ තියන කැලෑවකට කඩා වැටෙනවා දැක්කා. මේක පොලිස්සියට දැන්නුවම පොලිස්සිය, හමුදාවත් එක්ක ඇවිල්ල මුලු ප්‍රදේශයම වට කලා. සාමාන්‍යය ජනතාවට ඒ කැලෑවට ඇතුලුවෙන එක තහනම් කලා. මිනිස්සු කියන්නේ මොකක් හරි ලොකු දෙයක් සම්පූර්ණයෙන්ම වහල ට්‍රක් එකක් පිටිපස්සේ ගෙනියනව දැක්ක කියලයි. ඒත් අද වෙනතුරු නාසා ආයතනයවත් ඇමරිකානු රජයවත් මේ ගැන විස්තර මාධ්‍යයට දීලා නැහැ.
3. කොලරස් – 1977.
බ්‍රසීලයේ කොලරස් දූපතේදී පිටසක්වල යානා කිහිපයක්ම දැක්ක කියලා ඒ ප්‍රදේශයේ ජීවත්වුන අය කිව්වා. විකිරිණ වලින් ඒ අයට ප්‍රහාර එල්ල වුනා වගේම සමහර අයගෙන් ලේ උරාගත්ත කියලත් හෙළි කලා. මේ මිනිස්සුන්ගේ අත් කකුල් වල අමුතු විදිහෙ තුවාල දකින්න ලැබුනා. බ්‍රසීල ආණ්ඩුව මේ ගැන පරීක්ෂණයක් පටන්ගත්තට 1990දී මේ පරීක්ෂණය නවත්තල ඒ ගැන ඔක්කම තොරතුරු දැඩි ආරක්ෂක තත්ව යටතේ තැන්පත් කලා.
4. ජපන් ගුවන්යානය – 1986.
1986 නොවැම්බර් මාසයේදී ජපන් ගුවන්යානාවක් වෙන ෆ්ලයිට් 1628 වයින් තොගයක් ටෝකියෝව සිට පැරිස් නුවරට ගෙන යමින් හිටියා. ඇලැස්කා වලට ඉහල අහසේ ගුවන්යානය පියාසර කරනකොට යානයේ පයිලට් වගේම මගීන් අහසේ අමුතු එලියක් නිකුත් කරන යානයක් දැක්කා. මේ යානය ජපන් ගුවන්යානාව වගේ තුන් ගුණයක් ලොකුයි. මේ ගැන පොලොවේ ඉන්න ගුවන් නියමුවන්ව දැනුවත් කලාම ඒ අයගේ රේඩාර් වලත් මේ යානය සටහන් වුනා. ෆ්ල්යිට් 1628 මේ පිටසක්වල යානය මිනිත්තු 50ක් පුරා දැක්කා.
5. ෆීනික්ස් වල ආලෝකය – 1997.
1997 මාර්තු 13 ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ නගර 5ක අහසේ අමුතු ආලෝකයක් දකින්න ලැබුනා. ඉස්සෙල්ලම මේ ආලෝකය දැක්කේ ෆීනිකිස් වල. එක සමාන එලි 5ක් ෆීනික්ස් වල අහසේ පාවුනා. ඊට පස්සේ එකට ගමන් කරන එලි 8කුත් පසුව එලි 9කුත් දැක්කා. මේ එලි සියල්ල වී හැඩයකට තමා ගමන් කලේ. රෑ 10ට දකින්න පටන්ගත්ත මේ ආලෝකය උදේ 2ට අතුරුදහන් වුනා.
6. චිලේ – 2010.
චිලේ වල සැන්ටියාගෝ නුවර එල් බොස්ක් ගුවන් හමුදා මධ්‍යස්ථානයේදී පැවතුන වාර්ශික ගුවන්යානා ප්‍රදර්ශනයේදී ගත්ත වීඩියෝ එකක අමුතු යානයක් දකින්න ලැබුනා. මේක චිලේ ගුවන් හමුදාවට අයත් නොවූ යානයක්.
7. ජෙරුසලම – 2011.
ජෙරුසලමයේ අහසේ අමුතු ආලෝක දකින්න පටන්ගත්තේ 2011. ඒත් ඊට පසුවත් 2012 රටේ එකම ප්‍රදේශයේ සමාන එලියක් දකින්න ලැබුනා. රටේ ආණ්ඩුව කියන්නේ මේ සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලා. ඒත් ජෙරුසලමේ තියන ආගමික වැදගත්කම නිසා මේ ආලෝක වලට යම් තේරුමක් තියෙන්න පුලුවන් කියල තමා ගොඩක් අය විශ්වාස කරන්නේ.
8. ඔලිම්පික්ස් – 2012.
2013 ලන්ඩන් වල පැවත්වුන ඔලිම්පික්ස් උත්සවයේ ගිණිකෙළි සංදර්ශනය අතරතුර අහසේ අමුතු යානයක් දකින්න ලැබුනා. සමහර අය කිව්වේ මේක හෙලිකොප්ටරයක් කියලා. ඒත් සංදර්ශනය සංවිධානය කරපු අය කිව්වේ එහෙම හෙලිකොප්ටරයක් අහසේ තියෙන්න විදිහක් නැහැ කියල.
9. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය – 2012.
පෘථිවියෙන් පිට පිටසක්වල යානයක් දැකපු අවස්ථා කිහිපයක්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමින් වාර්තා කරලා තියනවා.
10. මෙල්බන් – 2013.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කාර්ල්ටන් ගාර්ඩන්ස් වලට ඉහල අහසේ අමුතු යානයක් ගමන් කලා. මේක සාමාන්‍ය ජනතාව ඒ අයගේ ෆෝන් වල පටිගත කරගත්තා.
අනෙකුත් ලිපි
මොරටුවෙ අරටුව
ලී බඩු ඕනද?
මහත්මා ගාන්ධි
භයානකම පාරවල්
නපුරුම ගෑණු
බය හිතෙන කරුණු
SAW Films
බරක් ඔබාමා
මෙහෙමත් වැසිකිළි
පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල්
ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද?
අමුතුම සත්ව හයිබ්‍රිඩ්
වැඩිම වියදමක් දරපු බිල්ඩින්ග්ස්
සතුන්ට තියන පුදුම හැකියා
එයාර් බැලුන් ඉතිහාසය
හැරී පොටර් ඇල්ෆබට් එක RAP
රුසියාවේ මිනිස්සු
අලුත්ම ෆයිටර් ජෙට් එක
ලංකාවේ රසම කෑම මොනවද?
ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක්
කාටවත් හොයාගන්න බැරි රහස් පහක්
මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි
අදහගන්න බැරි සුව වීම් 5ක්
ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
කෙසෙල් ගෙඩි ගැන
හොන්ඩා වෙසල් උන්මාදය
මුල්ම පරිගනකය
පන්ච න්‍යාම ධර්ම
ලෝන් ගන්න බයද?

Last edited: