පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද..?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:eek::eek:
මේවා දෑකලද කට්ටිය මෙච්චර කෑගහන්නේ.. :lol::lol::lol:
ගොඩක් වෙලාවට මෙවා වෙන්න ඔනෙ:lol:හෙතුව දන්නෙ නැ මේ මාස 2 ඇතුලත ගොඩක් එවුන් ඔවා යැව්වා :)

අනේ ද කියන්නෙ.. උඹලා ඕක ලයිව් ඇට් එයිට් එකට දුන්නා නම් ඕකත් පෙන්නනවා උන් පිටසක්වල යානයක් කියලා.. :lol:
සිරාවට බන් ඔකුන් නම් මහ ගොං යක්කු:angry:
මමත් එකක් විඩිඔ කලා එලකිරියෙ දාලා උබලට පෙන්නන්න කියලා ඒක කලෙත් අපෙ එවුන් සැට් එක බොරුවට යූ ඇෆ් ඕ එකක් දැකලා එක ගැන කියවන විදියට පොඩි පසුබිම් හඩත් එක්ක:P කොහෙද අන්තිම හරියෙදි අපෙ ටියුබ් ලයිට් බුවෙක් ඇවිල්ල කියොනවා ඔය බැලුම් කියලා:frown: අන්තිමට ඌට කුනුහරුපෙන් බැනලා නිකන් හිටියා:(
 

c&k

Member
Mar 27, 2012
107
5
0
Mama Hitanne Hita Diunu karagatta aya Awa kiyala.., Hariyata Ape Buduhamuduruwo Wediya wage...:confused: shabdayak ehila ne ni katawath, ehenam, godak denekuta ehenna ona. Hitanna api kalayata ida demu.. :confused::confused::confused:
 
Last edited:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    මම දන්න විදිහට නම් පිටසක්වල උන් අපිට කිට්ටුව නැහැ. අනික උන් අපි දිහා බැලුවත් උන්ට පේන්නේ අලෝක වර්ෂ ගණනක් දුර ඉදන් අවුරුදු 2000 විතර පරණ පෘතුවිය මිසක් වර්ථමාන එක නෙවෙයි. ඉතින් එහෙම දියුණු පිරිසක් ඉන්නවා නම් පෘතුවියට එන එක බොරු වැඩක්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මම දන්න විදිහට නම් පිටසක්වල උන් අපිට කිට්ටුව නැහැ. අනික උන් අපි දිහා බැලුවත් උන්ට පේන්නේ අලෝක වර්ෂ ගණනක් දුර ඉදන් අවුරුදු 2000 විතර පරණ පෘතුවිය මිසක් වර්ථමාන එක නෙවෙයි. ඉතින් එහෙම දියුණු පිරිසක් ඉන්නවා නම් පෘතුවියට එන එක බොරු වැඩක්
    සිරාවට අපි හිතුවට සමහර විට විශ්වයම ගත්තහම ජීවය සුලබ ඇති,
    ආලෝක වර්ෂ ගානක් ඈත ඉන්න මෙහෙට එන්ඩ පුලුවන් තාක්ෂනය තියන උන්ට මේකට එන එකේ වැඩක් නැතුව ඇති,අපි වගේ උන්ට එන්ඩ තාක්ෂනය නැතුව ඇති.


    පරණ ත්‍රෙඩ් එකක්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දන්න විදිහට නම් පිටසක්වල උන් අපිට කිට්ටුව නැහැ. අනික උන් අපි දිහා බැලුවත් උන්ට පේන්නේ අලෝක වර්ෂ ගණනක් දුර ඉදන් අවුරුදු 2000 විතර පරණ පෘතුවිය මිසක් වර්ථමාන එක නෙවෙයි. ඉතින් එහෙම දියුණු පිරිසක් ඉන්නවා නම් පෘතුවියට එන එක බොරු වැඩක්

    එතකොට අපිට පේන්නෙත් ඒවගේ අවුරුදු ගානක් පරණ ග්‍රහලෝක නේද? මේ විදිහට හිතුවාම කාලය කියන කන්සෙප්ට් එකත් බිඳ වැටෙනවනෙ. අලෝකයේ වේගයෙන් යන වාහනයක් තිබ්බා නම් කාල තරණය කළෑකි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එතකොට අපිට පේන්නෙත් ඒවගේ අවුරුදු ගානක් පරණ ග්‍රහලෝක නේද? මේ විදිහට හිතුවාම කාලය කියන කන්සෙප්ට් එකත් බිඳ වැටෙනවනෙ. අලෝකයේ වේගයෙන් යන වාහනයක් තිබ්බා නම් කාල තරණය කළෑකි.
    එහෙම නෙවෙයි බන් ආලෝක වර්ෂ 100 කර එහා ග්‍රහලෝකයක් කියන්නේ අපි ආලෝකයේ වේගයෙන් ගියහම අවුරුදු 100ක් යනවා ඒ ග්‍රහලෝකයට යන්ඩ කියන එක නේ.
    ඒ කියන්නේ අපිට පේන්නේ අවුරුදු 100 පරන ග්‍රහලෝකයක්.
    අපි ආලෝකයේ වේගයෙන් ඒ ග්‍රහලෝකයට ගියානම් අපි යන්නේ ඒ ග්‍රහලෝකයේ වර්තමානයට.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    එහෙම නෙවෙයි බන් ආලෝක වර්ෂ 100 කර එහා ග්‍රහලෝකයක් කියන්නේ අපි ආලෝකයේ වේගයෙන් ගියහම අවුරුදු 100ක් යනවා ඒ ග්‍රහලෝකයට යන්ඩ කියන එක නේ.
    ඒ කියන්නේ අපිට පේන්නේ අවුරුදු 100 පරන ග්‍රහලෝකයක්.
    අපි ආලෝකයේ වේගයෙන් ඒ ග්‍රහලෝකයට ගියානම් අපි යන්නේ ඒ ග්‍රහලෝකයේ වර්තමානයට.
    :yes::yes::yes::yes:
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    1701160286c89f8f309efc1ece108a14ba91daf6.jpg



    පිටසක්වල ජීවීන් ලංකාවටත් ඇවිල්ලා, හැම තැනම නිල් පාට ආලෝකධාරා, පියාඹන පීරිසි පේනවා, එයාලා මෙහෙට ඇවිත් පර්යේෂණ කරනවා ඇති. මෙහේ ගහකොළ, සතා සිව්පාවා එයාලා එයාලගෙ ලෝකෙට අරගෙන යනව ඇති. කොයි වෙලේ අපිට ප්‍රහාර එල්ල කරයිද දන්නෑ.


    දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මිනිසුන් පිටසක්වල ජීවීන් පිළිබඳ අනියත බියක් ඇති කරගන්නේ වරින් වර ප්‍රදේශ කිහිපයක දර්ශනය වූ ආලෝකධාරා යා පියාඹන ආකාශ වස්තු හේතුවෙනි.

    වසර කිහිපයක් පුරාම දිගින් දිගටම මෙවැනි අත්භූත සිදුවීම වාර්තා වද්දී පසුගිය මාස කිහිපය තුළ දිඹුලාගල, මහියංගණය, වැල්ලවාය, මොනරාගල ප්‍රදේශවලටද මෙම ආලෝක ධාරා පෙනී නොපෙනී ගියේ මිනිසුන් භීගියට පත් කරවමිනි. එම තත්වය මඳක් සමනය වත්ම මෙම පිටසක්වළ භීගිකාව නැවත ඇතිවන්නේ 2012.11.27 දින හලාවත ඉරණවිල ප්‍රදේශයේ ජනතාව අලුයම අහසෙන් මතුවූ අධිබලැති අලෝක කදම්බයක් දැකීමත් සමඟය. මෙම අබිරහස් ආලෝකය සියැසින්ම දුටුවෝ කිහිප දෙනෙකි. ඒ අතුරින් ප්‍රබල සාක්ෂිය ඉදිරිපත් කරන්නේ ඉස්සන් වගාකරුවෙකු වූ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තාය.

    එදින අලුයම 5.30ට පමණ ප්‍රියන්ත ඉස්සන් ගොවිපොළට පැමිණ තිබුණේ තම ඉස්සන් කොටුවල තත්වය දැන ගැනීමේ අටියෙනි.

    හදිසියේම වැටුණු ආලෝකයෙන් ප්‍රියන්තගේ දෑස් ගිණි කණ වැටී ගියේය. දෑස් දෙඅතින් ආවරණය කොටගෙන ඔහු ආලෝකය වැටුණ ඉහළ අහස දෙස බැලුවේය. දැඩි ආලෝකය මැද ඔහු දුටුවේ කළු පැහැ යානයක් ඒ මැද තිබූ ආකාරයයි.
    “මං එකපාරට එළියක් දැක්කා. මගෙ ඇස් ගිණිකන වැටිලා ගියා. අර බලන්න අර තියෙන්නෙ..”

    ඔහු සෙසු සේවක පිරිසට පෙන්වූයේය. වික්ෂිප්ත වී සිටි සේවකයෝද එම ආලෝකයට දෙසට විදුලි පන්දම් අල්ලන්නට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ පරිදි ආලෝක කදම්බය විදුලි පන්දම් එළියත් සමග බිමට පාත්වීමයි.
    ඉරණවිල ඉස්සන් කොටුවේ මතු වූ අබිරහස් ආලෝකය හා අත්භූත යානය පිළිබඳ ප්‍රියන්ත සිය අදහස් දිග හැරියේ මේ අයුරිනි.

    “මං වෙනද වගේ පාන්දර ගොවිපොලට ගියා. සාමාන්‍යයෙන් මං ගොවිපොළට ගියාම ඉඩම වටේම ඇවිදිනවා. එකපාරටම මගේ ඇස් නිලංකාර වෙලා ගියා. ආලෝකයත් එක්ක. ඒ එළිය ගොඩක් ප්‍රබලයි. මං මගේ ගොවිපොලේ සේවකයින්ට කතා කළා. එයාලා ඇවිත් ටෝච් එළි ගැහුවා. හිතා ගන්න බැරි වුණා. ටෝච් එළිය දිගේ ආලෝකය අස්සෙන් අපි දැක්කෙ යානාවක්..

    මාත් එක්ක හිටපු අය එකිනෙකා පෙරළගෙන දුවන්න පටන්ගත්තා. මං ආයෙත් ටෝච් එක ගහල බලද්දි ඒ යානාව ආපේ දිහාට එන්න ගත්තා.අපි දුවන්න පටන් ගත්තා. මං පස්ස හැරිලා බලන කොට ඒ යානය අපේ පස්සෙන් එනවා මං දැක්කා..
    මේ සියල්ල මං මගේ ජංගම දුරකථන කැමරාවෙන් පටිගත කරගත්තා. මං කවදාවත් මේ වගේ දෙයක් දැකල නැහැ..”

    ඉරණවිල අත්භූත ආලෝකය පිළිබඳ කතාවේ උණුසුම මැකී යන්නටත් පෙර 2012.12.05 දින රුහුණේ අම්බලන්තොට ප්‍රදේශයේ ඉහ අහසේ විශාල නිල්පාට අලෝක කඳම්බයක්දැක ප්‍රදේශවාසීන් විමතියට පත් වූහ. රාත්‍රී 7.00ට පමණ අහසෙන් මතු වූ දීප්තිමත් නිල් පැහැ ආලෝකය පැය කිහිපයකට පසුව ඈතට ගමන්කොට නිවී ගොස් තිබේ.

    එම ආලෝකය සියැසින් දුටු අම්බලන්තොට බෝලාන ප්‍රදේශවාසීහූ ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

    “ඒක මුලින්ම පෙනුනෙ හරියට ලොකු තරුවක් වගේ. අපි හිටියෙ උච්ඡාලික රජමහා විහාරයේ බෝධි පූජාවකට සහභාගී වෙමින්. පස්සෙ ටික ටික පුංචි වෙලා ඈතට ගියා. අපි ඇස් දෙකෙන් බලනකොට ඒක දැක්කෙ හරියට පහනක තිරයක් නිවි නිවී දැල්වෙනව වගේ. කැමරාවෙන් ඡායාරූප අරන් බැලුවම පෙනුණෙ නිල්පාට බෝලයක් වගේ.”

    අම්බලන්තොට ප්‍රදේශවාසීන් පවසන අන්දමට එය සැබැවින්ම අද්භූත සේ පෙනී නොපෙනී ගොස් තිබේ.

    මීඨ පෙරද දිවයින පුරා මෙවැන් අද්භූත සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. පසුගිය මාසයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ඇදහැලුනු රතු වැස්සද ඉන් ප්‍රමුඛස්ථානයක් දරයි. රතු වැස්ස සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර රට පුරා පැතිරෙද්දී බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළේද පිටසක්වල ජීවීන් වෙතටයි.

    මේ පිළිබඳ ගැඹුරින් පර්යේෂණ වල නිරත වුනු මහචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පැවසුවේ රතු වැස්ස 2008 වසරේ ඉන්දියාවේ කේරළයේ ප්‍රදේශයකට ඇද වැටුණ රතු වැස්සට බොහෝ සේ සමාන බවත් එය පිටස්තර ග්‍රහ ලෝකයකින් පතිත වූ වැස්සක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්ය.

    බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් කළ පිරිසක් පෙරවරු 7.30 පමණ දියතලාව අහසේ අද්භූත ආලෝකයක් දකින්නේද පසුගිය මාසයේ දිනකය. එම බස් රථයේ රියදුරා වශයෙන් සේවය කල තිස්ස කුමරාගේ මහතා තමා දුටු විස්මිත සිදුවීම පිළිබඳ ප්‍රකාශ කලේ මේ අයුරිනි.
    “මං දියතලාවෙ ඉඳලා වැල්ලවායට බස් එක අරන් යන ගමන් හිටියෙ.. උදේ 7.15ට විතර වගේ දියතලාව හපුතලේ වයි හන්දියට බස් එක ආවා. දෙපැත්තෙන්ම ෆයිනස් කැලේ විතරයි. මම නිකමට ඒ කැලෑව පැත්ත බලනකොට කැලේ අස්සෙන් විශාල ආලෝක ගුලියක් ආවා.

    එකපාරටම මගේ අතින් බස් එකේ තිරිංග තද වුණා. බස් එක නතර වුණා. සේරම මිනිස්සු බස් එකෙන් බැහැලා ඒ ආලෝකය ඡායාරූප වලට නැඟුවා.. වීඩියෝ කලා.. අපිට පුදුම හිතුනා, උදේ 7.15ට ඉර මුඳුන් වෙන්නෙ නෑ කවදාවත්. ඒ වෙලාවට ඉර පායනවා.අපි කවදාවත් දැකල නෑ. ඒ පැත්තෙ විශාල කන්දක් තියෙන නිසා අපි ඉර දකින්නෙ 11.00ට විතර. අනිත් එක හොඳටම මීදුමක් තිබුණ වෙලාවකයි මේක සිද්ධ වුණේ. ඒ ආලෝකය අපේ ඔළුවලට උඩින් නැගෙනහිර අහසට ගියා. අපි බය වුණා. සේරම දුවලා ඇවිත් ආයෙත් බස් එකට නැග්ගා.”

    හපුතලේ අභිරහස් නිල් පැහැ ආලෝක ගුලිය පිළිබඳ හපුතලේ ප්‍රදේශවාසීන් එසේ පවසද්දී මොනරාගල ප්‍රදේශයෙන් වාර්ථා වන්නේ පිටසක්වල ජීවීන්ට සමාන අමුතු පුද්ගලයෙක් හා ඔවුන්ගේ අඩි සලකුණු පිළිබඳවය.

    එම සිදුවීම සියැසින්ම දැක තිබුණේ මොනරාගල ප්‍රදේශයේ විසූ 13 හැවිරිදි උදිත තරංග හා 17 හැවිරිදි උදේශිකා හා ඔවුන්ගේ වයෝවෘද්ධ මිත්තණියයි. උදිතත්, උදේශිකාත් මිත්තණියත් සමඟ උදෑසන 6.00 පමණ කිරිඳිඔයට ගොස් තිබුණේ දියනා ගැනීම සඳහාය. හදිසියේම කිරිදිඔය අසල තිබූ ලඳු කැලෑව සෙලවෙන හඬක් ඇසී ඔවුන් ඒ දෙස බලන විට දුටුවේ අඩි 2.5ක් පමණ උස කළු පැහැ අමුතු ස්තතු විශේෂයක් කැලය තුළට දිවයන ආකාරයයි.

    “අපි දැක්කා ඒ අමුතු මිනිස්සු කැලේ ඇතුලට දුවනවා. එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති. එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා.. කුඩාකටක් තිබුණා. කොල පාට දීප්තිමත් ඇස් තිබුණා. ඒ වගේ සත්තු ජාතියක් අපි කවදාවත් දැකල නැහැ. එයාලා අපිව දැක්කට පස්සෙ තමා කැලේ ඇතුළට දිව්වෙ. එයාලා අතුරුදන් වුණා.”

    මොනරාගල ප්‍රදේශයේම විසූ 20 හැවිරිදි චාමර නමැත්තාද මෙම අරුම පුදුම ජීවීන් සියැසින්ම දුටු අතර ඔවුන්ගේ පා සලකුණුද සියැසින්ම දැක බලා ගත්තේය.

    “මං පදිංචිවෙලා ඉන්නෙ තණමල්විල. උදේ 6.00ට විතර මං කිරිදිඔයට ගියා. කැලේ පැත්තට කළු පාට ගුලි වගේ දුවනව දැක්කා. උන්ට ලොකු ඔළු තිබුණා. ලොකු නිල් පාට ඇස් තිබුණා. උන් දුවපු අඩිපාරවල් ගාවට මං ගිහින් බැලුවා. මඩේ උන්ගෙ අඩි සලකුණු හිටලා තිබුණා. මං ඒවා ෆොටෝ ගත්තා. ඒවගේ සටහන් වෙලා තිබුණෙ තාරාවන්ගෙ කකුල්, ඇඟිලි තුනයි තිබුණෙ. ඒවා දැක්කම මට බය හිතුණා.”
    මොණරාගලට පැමිණි මේ අද්භූත සත්වයන් දුටු තවත් ගම්වාසීන් පැවසුවේ මෙම අඟුටු මිටි සත්ව විශේෂයට හිසකෙස් හා කැපී පෙනෙන නාසයක් හෝ සිරුරේ කිසිඳු වස්ත්‍රයක් නොතිබූ බවය.

    2011 වසරේ කඩුවෙල අහසේ මතු වූ අභිරහස් ආලෝකය හා මහියංගණයේ කෝවිල්යාය ප්‍රදේශයට සපැමිණි ආලෝකයත් තවමත් කතා බහට ලක් වෙමින් පවතී.

    මායාවරුන්ගේ දින දර්ශනයට අනුව 2012.12.21 ලෝකය විනාශ වීමට නියමිතය. ඔවුනට අනුව මේ ගෙවී යන්නේ පෘථිවියේ අවසන් දින කිහිපයයි. මායාවරුන්ගේ මෙම මතය පදනම් කොටගෙන ලොව වටා විවිධ පර්යේෂන කන්ඩායම් සිය පර්යේෂණ දියත්කොට ඇත.

    එම විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම් හා ප්‍රකට ජ්‍යෙතිශ්‍යවේදීන් පවසන්නේ මෙම අවසාන දින කිහිපය තුප පෘථීවියට පිහ ග්‍රහලෝක වලින් බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවකි.ඔවුනට අනුව පිටසක්වළ ජීවීන් හා ඔවුන්ගේ අද්භූත යානා හා අද්භූත වස්තූ පෘථීවි වැසියන්ට දෘශ්‍ය වීමට ඉඩ තිබේ. පිටසක්වල ජීවීන් පිළිබඳ විවිධ සොබා බැලීම් වල නිරතවන පර්යේෂකයන් පවසන්නේ පිටසක්වල ජීවීන් අභ්‍යවකාශයේ හා පොලෝ කුහරය යට සැඟවී පෘතුවියේ පැවැත්මට විරුද්ධව සටන් කිරීමට සැලසුම් දියත් කරමින් සිටින බවකි.

    දිවයින පුරා ප්‍රදේශවාසීන්ටවිටින් විට දර්ශණය වූ මෙම අබිරහස් පුද්ගලයන්, අබිරහස් කතා, අබිරහස් ආලෝකධාරා පිළිබඳ සලකා බලනව මෙම පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ මෙම සෑම සිඳුවීමක්ම පිටුපස අද්භූත පිටසක්වළ ග්‍රහවස්තුවක බලපෑම් ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණසේකර මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.

    “පෘතුවිය ආසන්නයේම තිබෙන ග්‍රහවස්තුවටත් ආලෝක වර්ෂ 14ක දුරක් තිබෙනවා.. ඒ තරම් දුරක් තරණය කරල මේ වගේ දේවල් කරනව කියන එක හිතාගන්නට බැහැ. ඇමෙරිකාවේ නාසා ආයතනයෙන්වත් සෙට් ආයතනයෙන්වත් පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණි බව තහවුරු කරල නැහැ.”


    -අරුණි මල්ලවආරච්චි-


    ටෞකණඩඅරුණි 😂
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    What if blackhole is connected to whitehole and if what ever fallen into the blackhole is comes out from a whitehole, so if those two are billion years apart then probably whatever fallen in to a blackhole will travel higher than speed of light, because any of the physical law's are not govern in side them?