පිටසක්වල නිර්මාණයක්ද?

පිටසක්වල නිර්මාණයක්ද?

wafflerockpart.jpg


ඇමරිකාව කියන්නේ ප්‍රාන්ත විශාල ගණනක් සහිත විශාල භූමි ප්‍රමාණයකට හිමිකම් කියන රටක්.මේ විශාල භූමි ප්‍රමාණය තුල පවතින නොවිසඳුණු අභිරහස් ප්‍රමාණයත් විශාලයි.මේ අභිරහස් ගැන කතාබහේදී බටහිර වර්ජිනියාවේ පිහිටන අත්භූත පාෂණයට (Waffle Rock) හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයක්.

මේ පාෂාණයේ අත්භූත බවට හේතු වෙන්නේ මෙහි පිහිටන අස්වාභාවික රටාවන්.විවිධ ප්‍රමාණයන්ගෙන් යත් චතුරශ්‍රයන් සහ ත්‍රිකෝණයන් පාශානය තුලට ඔබ්බවා කැටයම් කල බවක් පෙනෙන මෙහි වඩාත් විශ්මය දනවන කොටස වන්නේ මේවා වෙන වෙනම නිර්මාණය කර පාශානය මත සවිකළ වගක් පෙනී යාමයි.

කෙසේ නමුදු භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලෝහමය අංශු අඩංගුවන වැලිගල් පාෂාණයක් මත ස්වාභාවිකව මෙවන් රටාවන් ඇතිවිය හැකි බවයි.නමුත් ඒ සඳහා ඉතා ප්‍රභල චුම්බක ක්ෂේස්ත්‍රයක් අවශ්‍ය වන අතර මේ චුම්භක ක්ෂේස්ත්‍රය සම්බන්ධයෙන් විද්‍යාඥයන් සතුව විධිමත් පැහැදිලි කිරීමක් නැහැ.

විකල්ප මතවාදධාරීන් පෙන්වා දෙන්නේ පාශානයේ මේ අපූර්ව පිහිටීමට හේතුව පිටසක්වල ක්‍රියාකාරකමක් විය හැකි බවයි.ඇතැම් විට පිටසක්වලයින් අතින් නොදැනුවත්වම මෙම නිර්මානය බිහි වුනා විය හැකියි.එනම් මේ රටාවන් බිහි වීමට හේතු වුනු චුම්භක ක්ෂේස්ත්‍රය පිටසක්වල ක්‍රියාකාරකමක් නිසා ඇති වූවා විය හැකියි.

මේ නොවිසඳුණු අභිරහස ගැන ඔයාලා මොකද හිතන්නේ?


පෘතුවියෙන් විවිධ කාල වකවානු වලදී සොයා ගත් අත්භූත හිස්කබල් කාගේද? හිට්ලර් යනු පිටසක්වල සබඳතා පැවති පුදගලයෙක්ද? දැන ගන්න කියවන්න www.ufonewzlanka.blogspot.com

පියාඹන පීරිසි, පිටසක්වල ජීවින් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් විදියට බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා........ :D :D :yes: :yes:
 
Last edited: