පිටසක්වල_ජීවින්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පිටසක්වල_ජීවින්



    aliens-3.jpg




    විශ්වයේ ඈත ග‍්‍රහලෝකවල සිට මෙයට වසර ලක්‍ෂ ගණනකට උඩ දී පෘථිවියට පැමිණියේ යැයි කියන බුද්ධිමත් ජීවින් පිළිබඳ කථා පුවත ඇතැම් ආගමික මතවාද සමඟ ද බැඳී පවතින බව අපි පසුගිය ලිපියේ අවසානයට සඳහන් කළෙමු. මෙම කථා පුවත් ලෝකය මැවූ බව කියන සර්වබලධාරී දෙවියන් වහන්සේ සමග මෙන් ම අද ලෝකයේ ප‍්‍රචලිතව පවත්නා වෙනත් ආගම් සමඟ ද බැදී පවතින බව පුරාවිද්‍යාත්මක සාදකවලින් ඔප්පුවන්නේ යැයි විද්‍යාඥයන් කියති.

    කිතුනු දහමේ කියවෙන ආදම් හා ඒවා පිටසක්වල ජීවින්්්ගේ නිර්මාණයක් ය යන කල්පිතයක් අපි මීට කලින් ඉදිරිපත් කලෙමු. හින්දු ආගමේ කියවෙන නාගලෝකය සහ විමාන ද විශ්වචාරින්ගේ ගමන් බිමන් හා බැඳුණු නිර්මාණයක් ද යන කල්පිතය විමසා බැලිය යුතු කාර්යයකි.මෙයට වසර 233,000 කට පෙර ගෝලාන් කඳුකරයෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක සාධක හා වසර 250,000 කට පෙර දී යුරෝපීය ගල්ගුහාවලින් සොයාගත් අපූරු චිත‍්‍රවලින් සර්වබලධාරී දෙවියන් වහන්සේ සම්බන්ධ ආගමික මතවාද පිළිබිඹු වන්නේ යම් සේ ද ආසියාකරයෙන් හා මැදපෙරදිගින් සොයාගත් එවැනි පුරාවස්තු වලින් හින්දු හා වෙනත් ආගමික ශිෂ්ටාචාර පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි.

    අප මීට කලින්් සඳහන් කළ වසර 225,000 කට උඩ දී පෘථිවියට පැමිණි පෙලේඩියන්වරු පෘථිවියේ සීලාචාර නොවූ ජනකොටස් 3 ක් සොයාගෙන ඇත. මෙයින් එක් කොටසක් නම් ඈත අතීතයේ විශ්වයේ සිදු වී යැයි කියන ලයිරන් නැමැති යුද්ධයෙන් බේරී පලා ආ පැහැපත් සමක් ඇති මිනිස් කොට්ඨාසයකි. බාලි හවායි, සමෝවා සහ ඉන්දියාව යන රටවල මොවුන් එදා ජීවත් වී ඇත. මෙසේ පැමිණි ලයිරන්වරුන් ශිෂ්ටාචාර 4 ක් ගොඩනඟා ඇති බව කියනු ලැබේ. ලුමේරියා, මායා ඉන්කා සහ මවුපිච්චු යනු ඒ ශිෂ්ටාචාර 4 යි. මෙම ශිෂ්ටාචාර ගැන අදටත් ඉතිහාස පොතපතේ සඳහන් වේ.දෙවැනි කණ්ඩායම වන්නේ අනුනාකිවරුන් ගොඩනැගූ දෙවියන්ගේ නගරය ලෙස හැඳින් වූ නගරයේ ජීවත් වූ මිනිසුන් ය. මේ ප‍්‍රදේශයේ පාලකයින් 4 දෙනෙක් විසූහ.මානව ශිෂ්ටාචාරයේ හදවත ලෙස සැලකෙන ගෝබි කාන්තාරයේ රාජධානිය බිහි වී ඇත්තේ මීට වසර 200,000 කට ඉහතදී ය. මේ කාලසීමාව තුළ පෘථිවියට පැමිණි සිටි වෙනත් සක්වල ජීවීන් සමඟ යුද්ධ ඇතිවී තිබේ. මෙම යුද්ධවල ප‍්‍රතිඵලයක් වශයෙන් එක් කණ්ඩායමක් විසින් තවත් කණ්ඩායමකට එරෙහිව කෝබෝලට් නැමැති රසායනික ද්‍රව්‍ය යෙදූ යුද ශීර්ෂ යැයි සැලකිය හැකි සුපිරි අවියක් අත්හදා බැලීම නිසා ඉන් ඇති වූ පිපිරීමෙන් පෘථිවි කක්ෂය වෙනස් වී ඇති බව තවත් විද්‍යාත්මක කල්පිතයකි.

    මෙම කක්‍ෂ පෙරලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් එතෙක් අර්ධඝර්ම කලාපීය ප‍්‍රදේශයක් වශයෙන් පැවති ඇන්ටාක්ටිකාව හිමවලින් වැසී යන්නට විය. එහි සිටි වැසියෝ ආරක්‍ෂාව පතා පොලව යටට ගියහ. මේ අනුව නේපාලය හා ඉන්දියාවේ බෙනාරිස් (බරනැස) සහ ටිබෙටයේ මොනසෝවර් විල අතර පොලව යට තට්ටු කිහිපයක යෝධ නගරයක් බිහි වී ඇත. එහෙත් මෙම නගරයට ඇතුළුවන දොරටු බෙහෙවින් සුපරීක්‍ෂාකාරී ලෙස සඟවා තැබූූ බව කියනු ලැබේ. ඈත අතීතයේ තවත් අවස්ථාවක දී පෘථිවියට පැමිණි බවට සටහන් වී ඇති නෝර්ඩික්වරු ද පොලව යට ආරක්‍ෂිත ස්ථානයක් සොයා ගියහ. මොවුන්ගේ පොලව යට වාසස්ථානය නිර්මාණය කෙරුණේ වර්තමාන මොංගෝලියාව සහ මධ්‍යම ආසියාව අතර ය. මෙම නගරයේ ද දොරටු වසන් කොට නිර්මාණය කර තිබේ.මෙසේ පොළොව යට ආරක්‍ෂිත නගර සාදාගත් දෙපාර්ශවය අතර වරින් වර සටන් ඇවිලී ඇත. නොර්ඩික්වරු බටහිර දෙසට සංක‍්‍රමනය වූහ. වර්තමාන ස්කැන්ඩිනේවියන්වරුන් බිහි වී ඇත්තේ මෙම නෝර්ඩික්වරුන්ගේන් බව මෙම කල්පිතය ඉදිරිපත් කරන අයගේ විශ්වාසයයි.

    විශ්වයේ සිට පැමිණි බුද්ධිමත් ජීවීන් අතුරින් වඩාත් සීමාන්තික වූ කොටසක් ඉන්දියාව ආක‍්‍රමනය කල බව කියැවේ. වර්තමාන ආර්යයන් ලෙස හැඳින්වෙන්නේ මෙම පිරිස යැයි කියනු ලැබේ. මෙම කල්පිතය ඉදිරිපත් කරන අය කියන්නේ හින්දු ආගමික මතවාද වල ආරම්භය මෙය බවයි. හින්දු දෙවිවරුන් අජටාකාශගාමීන්ට සමාන කළ හැකි බවත් හින්දු ඉතිහාසය සමඟ බැඳී ඇති විමාන සංකීර්ණ තාක්‍ෂණයක් තුළින් බිහි වූ අජටාකාශ යානා බවත් ඔවුහු පෙන්වා දෙති.නාගයන් ගැන හින්දු ආගමේ නිරන්තයෙන් සඳහන් වෙයි. ඔවුහු නාගලෝකයක් ගැන ද කථා කරති. වර්තමාන මානවයා බිහිවීමට කලින් සිටි මානව උරග වර්ගයේ ජීවීන්ගෙන් මෙම නාග ලෝකය සෑදුනු බව කියනු ලැබේ. පෙර ලිපියේ සඳහන් අනුනාකි විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ රෙප්ටීලියොයිඩ් හියුමනොයිඩ් නම් මානව විශේෂය හින්දු ආගමේ එන නාගයින් බවට විශ්වාසයක් ඇත. “වේද” ග‍්‍රන්තවල අපූරු විමාන ගැන සඳහන් වෙයි. මෙම විමානවලට බලය ලබා දී ඇත්තේ රසදිය මුල්කරගත් සංයෝගයකින් බව ද සඳහන් වේ. නෝර්ඩික්වරුන් ඉන්දියාව ආක‍්‍රමණය කරන විට න්‍යෂ්ටික යුද ශිල්පය ද රැගෙන ආ බව තවත් මතයකි.මෙයට වසර 176,000කට පෙරාතුව ඔස්ටේ‍්‍රලියාවේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි හමුවී ඇත.

    මෙය ගෝබි ප‍්‍රදේශයේ පොළවයට සිටි නෝර්ඩික්වරුන්ගෙන් සහ නේපාල ප‍්‍රදේශයේ පොළොව යට ජීවත් වූ නාගයින් ලෙස හැඳින් වූ ජනකොටස්වලට උරුමකම් කියන ශිෂ්ටාචාරයකි. නේපාලයේ පොළවයට තිබී ඇති තට්ටු 7 කින් සමන්විත උරග මානව කොටස් විසූූ මෙම ප‍්‍රදේශය හඳුන්වන්නේ පාතාලය නමිනි. එහි අගනුවර “බෝගාවිටා” නමින් හඳුන්වා ඇත. මොවුන් පසු කලෙක හින්දු ආගමික දේව කතාවලට පදනම් වී ඇත්තේ මෙම විශ්වයේ වෙනත් ග‍්‍රහලෝකවලින් මෙහි පැමිණි විශ්ව ජීවින්ගේ මෙවැනි කි‍්‍රයාකාරකම් ය. අධිමානසිකත්වය සහිත මානවයින් යෝධයින්, යක්‍ෂයින් සහ අර්ධ දෙවිවරුන් පිළිබඳ හින්දු ආගමික කථා පුවත්වලට පදනම් වී ඇත්තේ මෙම විශ්වය හා බැඳුනු විද්‍යාත්මක කල්පිතයන් යැයි මේ දෙපාර්ශවය සන්සන්දනය කරන විශ්ලේශකයෝ කියති.මේ අනුව පෘථිවියේ ජීවින් බිහිවීම කෙරෙහි පමණක් නොව පසු කලෙක ඔවුන් අදහන්නට පටන්ගත් ආගමික මතවාදවලට ද විශ්වයේ සම්බන්ධයක් ඇත. විශ්වය සක්වල ජීවින් හා ආගමික මතවාද පිළිබඳ මෙම කල්පිත නවීන විද්‍යාත්මක මතවාද සමඟ සන්සන්ධනාත්මකව විමසා බැලිය යුත්තේ ඒ නිසා ය.

    චාමර පීරිස්


    aliens1.jpg
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    hmmm oya auruduwala thiyana bindu gana gana hodatama sure da ? oya kiyana widiye thakshanayak haa balayak ochchara kalekata issara thibbanam api mokada thama BUS eke yanne ?
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මේ පිලිබඳව අපිට සෑම විටම වාද කර හැකි මාතෘකාවකි. හේතුව තමයි කිසිම අයෙකුට ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැ.

    බුදුරජානන් වහන්සේ ගෙන් පෘථිවියෙන් එපිට ජීවීන් ගැන විමසා සිටිය විට උන්වහන්සේ වදාලේ කිසිම දවසක නිශ්චිත පිලිතුරක් ලබා ගත නොහැකි දෙයක් ලෙසය....
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේ පිලිබඳව අපිට සෑම විටම වාද කර හැකි මාතෘකාවකි. හේතුව තමයි කිසිම අයෙකුට ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැ.

    බුදුරජානන් වහන්සේ ගෙන් පෘථිවියෙන් එපිට ජීවීන් ගැන විමසා සිටිය විට උන්වහන්සේ වදාලේ කිසිම දවසක නිශ්චිත පිලිතුරක් ලබා ගත නොහැකි දෙයක් ලෙසය....

    :yes: