පිටසක්වළ නටබුන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පිටසක්වළ නටබුන්

    විශ්වයේ ග්‍රහකයක පිටසක්වළ නටබුන්​

    ඩයිනසෝරයන් වඳවී ගියා සේම, පෘථිවියේ ආධිපත්‍ය පතුරුවා සිටින අප මනුෂ්‍යයන් ඇතුළු සියලු ජීවීන්ගේ අභාවය යළිත් වරක් ග්‍රහකයක් නිසා සිදුවීමේ ඉඩ කඩ පවතී. මේ වනවිටත් පෘථිවියේ හැපීමට නියමිත ග්‍රහක මොනවාදැයි හඳුනා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් වී සිටිති. ලෝක විනාශය සිදුකරනු ඇතැයි අනුමාන කෙරෙන එවැනි එක් ග්‍රහකයක් වන්නේ ‘බෙන්නු’ ය.​

    g3yxwitwyqohi42vss7j.png

    බෙන්නු ග්‍රහකයේ ඡායාරූප කිහිපයක් පසුගිය දා ප්‍රසිද්ධියට පත් කිරීමට නාසා ආයතනය පියවර ගත්තේය. ඒ, ඡායාරූප අනුව, බෙන්නුගේ මතුපිට නටබුන් වූ යමක් දකින්න ලැබේ. ඒවා මොනවාදැයි නාසා විද්‍යාඥයන් දන්නේ නැත. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මේ නටබුන් පිටසක්වළයන්ගේ විය හැකි බවය.​

    පැයට සැතපුම් 63,000 ක වේගයකින් හිරු වටා යන බෙන්නු ග්‍රහකය සැබැවින්ම අබිරහසකි. එය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ඔසයිරිස් රෙක්ස්’ නමැති රොබෝ ගවේෂණ යානයක් යවා ඇත. එම යානය සෙමින් සෙමින් ග්‍රහකයට ළං වෙමින් පවතින අතර, ග්‍රහකයේ ඡායාරූප ලබා ගනිමින් ඒවා පෘථිවියට එවීම සිදු කරයි. පිටසක්වළයන්ගේ යැයි පැවැසෙන නටබුන් ඇත්තේ එසේ එවනු ලැබූ ඡායාරූපවලය. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන ස්කොට් සී. වෝනින් පවසා ඇත්තේ ග්‍රහකය මතුපිට දකින්න ලැබෙන්නේ ‘පිටසක්වළ තාක්ෂණයේ’නටබුන් කොටස් කියාය. ග්‍රහකයේ පාෂාණ ඇති නමුත් විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කළ මෙම කොටස් තද කළු පැහැයෙන් සහ රිදී පැහැයෙන් දිස්වෙයි. ඒවා හරියට ගොඩනැගිලි එසේත් නැතිනම් පිරමීඩ වැනිය. මෙම නටබුන් අධ්‍යනය කළ ඇතැමුන් පවසන්නේ පිටසක්වළ යානයක දසුන් පවා ඔවුන්ට දකින්න ලැබුණු බවය. වසර මිලියන ගණනක් තිස්සේ ඒවා නටබුන් වී තිබෙන්න ඇත. බෙන්නු ග්‍රහකයක් බැවින්, ඊට වායුගෝලයක් නැත. එපමණක් නොව අප දන්නා තරමින් එහි ක්ෂුද්‍ර ජීවීන් හෝ නැත.​

    20170923bennu4.jpg

    බෙන්නු කාබන් අධික ප්‍රමාණයකින් සුසැදි ග්‍රහකයකි. මෙම ග්‍රහකය මුලින්ම සොයා ගැනීම සිදුවූයේ ‘ලීනියර්’ ව්‍යාපෘතිය යටතේ, 1999 සැප්තැම්බර් 11 වැනිදාය. බෙන්නුගේ නිල නාමය ‘101955 බෙන්නු’ ය. විශ්වයේ ඈත ඇති ග්‍රහක වර්ග දෙකකි. මෙම වර්ගීකරණය කරන්නේ ඒවා හිරු වටා ගමන් කරන ගමන් මාර්ගය අනුවය. බෙන්නු සහ තවත් ග්‍රහක කිහිපයක මඟ වැටී ඇත්තේ පෘථිවිය ආසන්නයෙනි. බෙන්නුගේ ගමන් මාර්ගය පෘථිවියට සමීප වෙයි. වර්ෂ 2175 දී හෝ 2199 දී බෙන්නු ග්‍රහකය පෘථිවියේ හැපීමට ඉඩ ඇති බව ගණනය කිරීම්වලින් සොයා ගෙන ඇත. ‘101955 බෙන්නු’ ග්‍රහකයේ විශ්කම්භය මීටර් 492 කි. බෙන්නු ගැන විමසිල්ලෙන් සිටින්නේ ඇරිස්බෝ තාරකා නිරීක්ෂණාගාරයයි. ඒ, එම නිරීක්ෂණාගාරයේ ඇති රේඩාර් යන්ත්‍රවල ආධාරයෙනි.

    මෙම ග්‍රහකය බෙන්නු යන නමින් නම් කර ඇත්තේ ‘බෙන්නු’ පක්ෂියා සිහි ගන්වමිනි. ‘බෙන්නු’ පක්ෂියා කොකෙකි. මේ පක්ෂියා ගැන මිත්‍යා කතාවල සඳහන් වෙයි. බෙන්නු කොකාගේ කතාව ඊජිප්තු මිත්‍යා කතා හා බැඳේ. එම කතා අනුව, හිරු දෙවියන් වන්නේ රා ය. රාගේ පණිවුඩකරුවා වන්නේ බෙන්නුය. බෙන්නු ගින්නෙන් දැවී අළු වී, එම අළු අතරින් යළි පණ ලැබූ පක්ෂියෙකි. ගින්නෙන් දැවී අළු වී, එම අළු අතරින් යළි පණ ලැබූ පක්ෂියෙකු ගැන තවත් මිත්‍යා කතාවක් පවතී. මේ පක්ෂියා කවුරුත් හොඳින් දන්නා ෆීනික්ස් පක්ෂියාය. බෙන්නු යනුවෙන් ද ෆීනික්ස් යනුවෙන් ද හැඳින්වෙන්නේ එක් පක්ෂියෙකි.​

    bennu ග්‍රහයා තුල ඇති නටබුන්

    2019-02-25_regolith_image_compilation-800x532.png

    121018-closeup-bennu.jpg

    1541838214_bennu-asteroid-alien-structures.jpg

    අනාගතයේ දිනෙක පෘථිවියේ අවසානය සනිටුහන් කිරීමට ‘බෙන්නු’ ග්‍රහකය සමත් වේවි යැයි තාරකා විද්‍යාඥයෝ අනාවැකි පළ කරනු ලැබ ඇත. බෙන්නුගෙන් පෘථිවිය බේරා ගැනීමට නම්, බෙන්නු ගැන අධ්‍යනයක් කළ යුතුය. ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන්, කැනඩා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් ද සමඟ එක් වී, පසුගිය 2018 වසරේ දෙසැම්බරයේ රොබෝ ගවේෂණ යානයක් බෙන්නු වෙත යැවීම සිදුවිය. මේ යානයේ නම ‘ඔසයිරිස් රෙක්ස්’ ය.​

    වසර දෙකක කාලයකින් පසු මෙම රොබෝ යානය බෙන්නු ග්‍රහකයට ළං වනු ඇත. යානය ග්‍රහකයට සමීප වී, ග්‍රහකයේ වේගයෙන් ම ගමන් කරමින්, සුදුසු වේලාවක් බලා ග්‍රහකය මතුපිටට පතිත කිරීමට නියමිතය. ඉන්පසු බෙන්නුගේ පස් සාම්පල ලබා ගැනීම සිදුකෙරේ. විශ්වය ආරම්භයේ සිට පවතින ග්‍රහකයක් ලෙස බෙන්නු සැලකෙයි. එහෙයින්, විශ්වයේ රහස් බෙන්නු තුළ ඇතැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. පස් සාම්පල ලබා ගනිමින්, ඡායාරූප ගැනීම් ද සිදු කරමින්, ‘ඔසයිරිස් රෙක්ස්’ ගවේෂණ යානය යළි පෘථිවිය බලා පැමිණෙන බව පැවැසෙයි. ඇමෙරිකා නාසා යානයක් මේ අයුරින් ග්‍රහකයකට ගොස් සාම්පල රැගෙන ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය වෙයි. මෙය සිදුවන්නේ 2023 වසරේදීය.

    ‘ඔසයිරිස් රෙක්ස්’ ගවේෂණය මෙහෙයුම වෙනුවෙන් වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 800කි. ගවේෂණ යානය උඩු ගුවනට තල්ලු කිරීම සිදු කළේ ඇට්ලස් වී රොකට්ටුවකිනි. ඒ සඳහා තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 183.5 ක මුදලක් වැය වුණු බව පැවැසෙයි. ‘ඔසයිරිස් රෙක්ස්’ ක්‍රියාත්මක කරනු ලැබුවේ නාසා ආයතනයේ ‘නිව් ෆ්‍රන්ටියර්’ විශ්ව ගවේෂණ වැඩසටහන යටතේය. ඒ, ‘ජූනෝ’ සහ ‘නිව් හොරයිසන්’ යානා සිදු කළ ගවේෂණ මෙහෙයුම්වලින් පසුවය.​
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මේකේ තියෙන සමහර දේවල් නාසා එකෙන් කියපු දේවල් නෙමේ. නාසා එකේ පින්තුර බලලා වෙනින් උදවිය කියන දේවල්. නාසා එකෙන් එව්වා සතේකට ගනන් ගන්නේ නැහැ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ තියෙන සමහර දේවල් නාසා එකෙන් කියපු දේවල් නෙමේ. නාසා එකේ පින්තුර බලලා වෙනින් උදවිය කියන දේවල්. නාසා එකෙන් එව්වා සතේකට ගනන් ගන්නේ නැහැ.
    තෝ හැමදේම දන්නවා වගේ රඟන්න එපා ඌරෝ..:rofl:.. තොගේ ගඳ කොහේ ගියත් දැනෙනවා සෙනාල්:lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඔසයිරිස් රෙක්ස් ග්‍රහකයට බැහැලා පස් අරන් 2023 දි පෘතුවියට එනවා.එත් ග්‍රහකය පෘතුවියට එන්නෙ 2199 විතර:confused::confused::confused::confused:
     
    blue_in_rio

    Well-known member
  • ඔසයිරිස් රෙක්ස් ග්‍රහකයට බැහැලා පස් අරන් 2023 දි පෘතුවියට එනවා.එත් ග්‍රහකය පෘතුවියට එන්නෙ 2199 විතර:confused::confused::confused::confused:

    උබ හිතුවේ ග්‍රාහකය මෙහෙට එන්න ඔච්චර පරක්කු වෙන්නේ දුර වැඩි නිසා කියලද ? නෑ බන්, ඒක වෙන්නේ මෙහෙමයි.ඔය ග්‍රාහකේ දැනට තියෙන්නේ පා වෙවී.නිකන්ම නෙමෙයි.සූර්ය්‍යාගේ ගුරුත්වයට අහුවෙලා, ඒකාකාර ප්‍රවේගයකින් ඉර වටා යම්කිසි කක්ශයක් වටා ගමන් කරමිනුයි තියෙන්නේ.ඒ ගමන් මාර්ගයෙ එක අවස්තාවක ග්‍රාහකය පෘථිවිය ආසන්නයට එනවා.අන්න එහෙම ළං වෙන්න, මේකට 2199 වෙනකම් කාලයක් යනවා.ඒත් අපේ යානය කරන්නේ, කෙලින්ම පෘථිවියෙන් ග්‍රාහකය වෙතට ගිහින්, පස් අරන් හැරෙන තැපෑලෙන් එන එක.යානය කෙලින්ම ගිහින් අනිත් පැත්තට එන නිසාත්, ඒකේ වේගේ පාවෙවී තියෙන ග්‍රාහකයට වඩා වැඩි නිසාත්, යානයට ගිහින් එන්න, අවුරුදු හතරක් විතර ප්‍රමාණවත්. :cool::cool:

    තේරුණාද මංදා, නොතේරුණු තැනක් තියෙනව නම් අහන්න. :sorry::sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    eloooooooooooo
     
    පැහැදිලි කිරීමට ස්තුතියි.ග්‍රහකය පැයට කි.මි.62000 වෙගෙන් එනව නම්.අපේ යානයේ වෙගය කීයක් වගේ වෙන්න ඕනෙද ?

    ඔබ නැවතත් blue_in_rio නැවත ලබා දීමට පෙර ඔබ වටා යම් තැනක පැතිර යා යුතුය.
     
    Last edited: