පිටිදූවේ සිරිදම්මට පිස්සුද?
අනේ කාලේ වනේ වාසේ
අර කොසොල් රජතුමා දැකපු සිහින තමයි ඔය සිද්ද වෙන්නෙ
අනේ කාලේ වනේ වාසේ
අර කොසොල් රජතුමා දැකපු සිහින තමයි ඔය සිද්ද වෙන්නෙ
මෙයා තාම ඉන්නවද?,සාසණයෙන් නෙරපුව කියල කවුද ආච්චි කෙනෙක් කියනව ඇහුන!![]()
මේ මහා පුරුෂ ලක්ෂණ කියන්නෙ කුමක්ද?
බුදුන් වහන්සේ පහල වීමට කලින් සිටම භාරතීය සමාජයේ මේ මහා පුරුෂ සංකල්පය තිබුනා. ඒ අනුව "මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය" යනුවෙන් වෙනම විද්‍යාවක් සංවර්ධනය වුණා. මේ ගැන දීර්ඝ වශයෙන් දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථා වලදී බ්‍රාහ්මණයෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉඳලා මහා පුරුෂ ලක්ෂණ එකින් එක හඳුනාගන්න උත්සාහ කලා. නමුත් ඒ එක්කෙනෙකුටවත් මහා පුරුෂ ලක්ෂණ 32 ක් පෙනුනෙ නැහැ. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පුරුෂ ලකුණු 2ක් සැඟවිලයි තියෙන්නේ.
මේ නිසා ඔවුන් බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැන සැක පහල කලා. මෙවැනි අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ ඔවුන්ට නොපෙනෙන මහා පුරුෂ ලක්ෂණ 2ත් පෙනෙන්නට සැලැස්සුවා. ඒ මහා මහා පුරුෂ ලක්ෂණ 2 තමයි "පහූත ජිව්හෝ" සහ "කෝස ගුයිහ" කියන ලක්ෂණ දෙක. "පහූත ජිව්හෝ" කියල කියන්නේ දිව එළියට අරගෙන පළල් කොට මුහුණ වැසෙන සේ තබා පෙන්වීමයි. "කෝස ගුයිහ" කියන්නේ බුදුවරුන්ගේ පුරුෂ ලිංගය කෝෂයක් තුලට ගිලා බැහැලා පැවතීමයි. ඇයි එහෙම වෙන්නේ? ඕනෑම කෙනෙක් තමන්ගේ කාමාශාවන් නැතිකරගත් විට ලිංගය ගිලා බහිනවා. ඒක අද ලෝකයේත් දකින්න පුළුවන් සාමාන්‍ය කරුණක්.
බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා බැලුවම සුපතිට්ඨිත පාද තල, යටිපතුලේ චක්‍ර ලක්ෂණ, දික් විලුඹ ඇතිබව, දිග ඇඟිළි, මෘදු තරුණ අත් පා, ජාල හත්ථි පාද, උත්සංඛ පාද, ඒණිජංගා, දීඝ ජාණු, කෝසෝහිත වත්ථ ගුයිහ, රන්වන් හා පහන් බව, සියුම් සමක් ඇති බව,ඒකෙකලෝමෝ, උද්ධග්ගලෝම, බ්‍රහ්මුජ්ජුගත්තෝ, සන්තුස්සදෝ, සීහ පුබ්බද්ධකායෝ, විතංතරංසෝ, නීග්‍රෝධ පරිමණ්ඩලෝ, සමවන්තක්ඛන්ඪෝ, රසග්ගාසග්ගි, සීහහනු, වත්තාලිසදන්කෝ, සමඩන්තෝ, අවිවර ඩන්තෝ, සුසුක්ඛ දාඨෝ, පහුත ජිව්හෝ, බ්‍රහ්මස්සරෝ කරවිකහාණි, අභිනිලනෙත්තෝ, ගෝපමුඛෝ, ඌණ්ණහමුකන්තරේ ජාතෝ, උණ්හිස සීසෝ, යන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකගන්න පුළුවන්.
එතකොට දැන් තියන ප්‍රශ්ණය තමයි භාරතීය සමාජය තුල මහා පුරුෂ ලක්ෂණ තිබුනෙ බුදුරදුන්ට පමණක්ද කියන එක. නෑ. වේද වේදාන්ත ප්‍රගුණ කල බ්‍රාහ්මණයන්ට, විවිධ රජ වරුන් ට මහා පුරුශ ලක්ෂණ තිබුණා. නමුත් ඒ කිසිවෙකුටත් පුරුශ ලක්ෂණ 32 ක් තිබුනෙ නැහැ. දැන් අපි ගත්තොත් නිගණ්ඨනාථපුත්තට පවා මහා පුරුෂ ලක්ෂණ තිබුණා.
ඉංදියාවේ ජෛන ආගම් වල පංසල් වලට ගියෝතින් අපිට නිගණ්ඨනාථපුත්තගේ ප්‍රථිමාවකුයි, ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාවකුයි වෙන් කරල හදුනාගන්න අමාරුයි. හදුනාගන්න තියන එකම ලක්ෂණය තමයි ගෞතමයන් වහන්සේ සිවුරක් පොරවාගෙන සිටීම සහ නිගණ්ඨනාථපුත්ත සිවුරක් නැතිව සිටීම. ඒ තරමටම ඒ රූපලක්ෂණ සමානව ප්‍රතිමා තුළ තිබෙනවා. මට තේරෙන දෙය තමයි ඕනෑම කෙනෙක් තමන්ගේ සිත දියුණු කරගන්නකොට ඔවුන්ට මහා පුරුශ ලක්ෂණ පහළ වෙනවා. ඒක ඔහුගේ අධ්‍යාත්මික සාධක දියුණු කලාද නැද්ද කියන එක මණින සාධකයක්.
තෙරුවන් සරණයි