පිඬු සිඟා වඩින ස්වාමින් වහන්සේ නමකට ඔබ පු&#349

Senaka1985

Member
Jul 7, 2014
9
2
0
පිඬු සිඟා වඩින ස්වාමින් වහන්සේ නමකට ඔබ පු&#349

හිමිදිරි උදෑසන පිඬු සිඟා වඩින ස්වාමින් වහන්සේ නමකට ඔබ පුජා කරන දානය මහා පින් ලැබෙන පුන්යකර්මයකකි.
මැලි කම අත්හැර
බසයෙන් බැස, සයිකලයෙන් බැස, වාහනයෙන් බැස ඔබට පුජා කල හැකි යමක් වේනම් අසලම කඩයකින් හෝ මිලදී ගෙන පුජා කරන්න පසුබට වන්න එපා. එසේ පුජා කරන ඔබට ආහාර පිදීමේ අනුහස් පහත දක්වමු.
මොඝරාජ හිමි පෙර අත්ථදස්සි බුදුරජුන්ට ත්ම්පත් සිතින් නුවණ යොදා දඬුවැල් බෑයක් පුජා කල පිනින් දාහතර වාරයක් සක් දෙවිඳු වුනා. පන්සීය වාරයක් සක්විති රජ වුනා. අටවිසි වතාවක් පෘතුවි රාජ්‍යය ලැබුවේය. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රය වුයේය.
(අපදාන පාලි 35 වන අපදානය)
අධිමුත්ත හිමි අත්ථදස්සි බුදුරාජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට උක්ගස් දානයක් දුන් පනින් කල්ප එක්දාස් අට සීයක් දුගතිගාමී නොවූ බව අපදාන පාලියේ සඳහන් වේ.
(අපදාන පාලි 36 වන අපදානය)
කටච්ජුභික්ඛා දායිකා තෙරණිය පෙර එක ජීවිතයක තිස්ස බුදු රජුන්ට එක දැන් හැන්දක් පිදු පිනින් තිස් හය වාරයක් සක් දෙවිඳුගේ මෙහෙසිය වුවාය. පනස් වතාවක් සක්විති රජුට අග මෙහෙසිය වුවාය.
(07 වන Theri අපදානය)
උප්පල දායිකා තෙරණිය පියුමතුරා බුදුසමයෙහි එක භික්ෂුවකට පිණ්ඩපාත දානයක් හා වස්ත්‍රයක් පුද දහස් වතාවක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූ අතර දහස් වතාවක් සක්විති මෙහෙසිය වුවාය. එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දී මෙම විපාකයන් ලැබී ඇත්තාහ
* පැහැපත්ව ඉපදීම.
* විශිෂ්ට රුප සම්පත්තියක් ලැබීම
* දැකුම්කළු කෙනෙක් වේ.
* උසු කුලවල උපදී
* සර්වාංග සම්පන්න ශෝභමාන රුප සම්පත් ලැබේ.
ඒ වාගේම ආයුෂ, වර්ණය, සැපැය, බලය, නුවණ, යසස් භාවය යන ආනිසංස ලැබෙන බව ධර්මයෙහි සඳහන් කර ඇත්තේය.
ඔබ ජීවත් විමට දිනකට තුන් වතාවක් ආහාර ලබා ගන්නා සේම ඔබ සසරින් අපා දුකින් නිරයෙන් මිදීමට දිනපතා පින් කම් කල යුතුය. අද දිනයේ ඔබ සිහිය යොමා සිදුකරන එක් පිංකමක් ඔබගේ ඊලඟ භාවය යස ඉසුරින් ඒකාලෝක කරනු නොඅනුමානයි.
සබ්බ දානං ධම්ම දාන ජිනාති! සාදු සාදු සාදු
සම්පාදනය: පුජ්‍ය රිදීගම සුධම්මාභිවංශ හිමි.
කාර්ම විපාක නම් ධර්ම දානය වෙනුවෙන් නොමිලේ බෙදාහරින පොතෙහි අනු පිටපතකි,
ඉ සටහන : රන්දීර් රාසා හා නිල්මිණි ප්‍රනාන්දු විසිනි