පිනට ලද රූපය පවට යෙද වූ සාපය

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    පිනට ලද රූපය පවට යෙද වූ සාපය

    කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.

    තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.

    මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.

    ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය. ඇයගේ ලැම ප්‍රදේශය ලැල්ලක්‌ සේ තිබිණි. ඒ කියන්නේ පියයුරු නොමැත. ඔබට උදාහරණයක්‌ දෙන්නම්. මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම ඉවත් කළ රෝගී පිංවත් කාන්තාවක්‌ ඔබ දැක ඇතිනම් එම ප්‍රේතිය ද මෙම ස්‌වභාවයෙන් යුක්‌තය. මෙම ප්‍රේතිය දකින්නට අප්‍රසන්න නමුත් ප්‍රේත ලෝකයේ කාමය යදිමින් ජීවත් වේ. එහෙත් ඇයගේ කාමගින්න නිවීමට කිසිවෙක්‌ ඇය වෙත නොඑයි. මෙය කර්ම විපාකයක්‌ය. කර්මය නම් මනුෂ්‍ය ආත්මයේදී තමන්ට ලැබුණ රූපය වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සහ අනුනගේ සිත් දූෂණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. එය එසේ නොවීමටද හැකිය. මනුෂ්‍ය ලෝකයේදී පෙර පින්කම් නිසා ලැබුණු ලස්‌සන ශරීරය ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමානයේ ඇය ප්‍රදර්ශනය කිරීමට කිසිත් නොමැතිව විරූපීව පියයුරු නොමැති ශරීරයකින් යුක්‌තව දුක්‌ විඳින්නීය.

    සංසාරයේ ඔබ කළ පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය 'ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' ලැඡ්ජාව භිය දෙක ඇතිව....

    එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත.

    ධර්ම දානය පිණිසයි
    තෙරුවන් සරණයි..

    උපුටා ගැනීම : බෞද්ධයා - The Buddhist

    Original Post : https://www.facebook.com/photo.php?fbid=219074395630185&set=a.115008686036757&type=3&theater
     

    mr_been

    Member
    Feb 2, 2011
    12
    3
    0
    උඹලගේ ඔය සුරංගනා කතා මිත්‍ය විශ්වාස ආගමික ෆෝරම් එකේ දාපන්කො.ඕවා විශ්වාස කරන හරක් මේකේ දැන් නෑ.එහෙම නැත්නම් ජෝක් සෙක්ෂන් එකට දාපන්.:rofl:
     
    • Like
    Reactions: Dishta Didin

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය


    Mokadda yako me kathawa ?