ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින.
මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.
මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.
මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.
මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද? ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.