පින්වත් ස්වාමීන් වහන්ස, ලස්සන වීමට හේතු වෙන පින් මොනවා ද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දවසක් මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කැත වෙන්නේ ඇයි කියලා. එහෙනම් අපි ඒක ඉස්සෙල්ලා ම සැලකිල්ලට ගන්න ඕන. අපි සියලු දෙනා ම අකමැති එකක් තමයි කැතවීම. උන්වහන්සේ වදාළා චුට්ටක් කිව්වත් ගොඩක් බණිනවා නම්, හොස්ස ළඟින් මැස්ස යන්න බැරි නම්, නපුරු නම්, නිතර නපුරු විදිහට අනුන්ට බැණ බැණ ඉන්නවා නම් උපනූපන් ආත්මවල අවලස්සන වෙනවා. බලන්න අප්පිරියයි.

    ඊළඟට මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ලස්සන වෙන්නේ කොහොම ද? ගොඩක් බැන්නත් නිශ්ශබ්ද ව ඉන්නවා තරහා ගන්නේ නැතුව. එතකොට කොහොමත් ටිකක් බැන්නට තරහවෙන්නෙ නැහැනෙ. එතකොට ඇඟේ හැප්පීගෙන ගියත් හිනහා වෙනවා. නපුරු සිතින් තොරව වාසය කිරීමෙන් උපනූපන් ආත්මවල සුන්දර වීමේ පින් රැස් වෙනවා.

    ඒ වගේ ම ඒ මල්ලිකා සූත්‍රයේ තවත් කරුණු කීපයක් සඳහන් වෙනවා. ඒවාත් දැනගෙන සිටීම ප්‍රයෝජනවත්. මල්ලිකා බිසව ඊ ළඟට ඇහුවා කිසිම පිළිගැනීමක් නැති කෙනෙක් බවට පත්වෙන්නේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඊට හේතුව සසරේ ඊර්ෂ්‍යා කිරීම බවයි. අන් අයගේ දියුණුව දෙස බලා ඒවාට කෙනෙහෙලිකම් කිරීම. ඊර්ෂ්‍යාවෙන් අනුන්ගේ ගුණ මැකීම. ඒ නිසා එයාට සසරේ උපනූපන් ආත්මවල කිසිම පිළිගැනීමක්
    ලැබෙන්නේ නැහැ.

    ඊළඟට මල්ලිකා බිසව විමසා සිටියා සසරේ පිළිගැනීම ඇතිවෙන්නේ කොහොම ද කියලා. ඊර්ෂ්‍යා නො කිරීම, අනුන්ගේ ගුණ දැක සතුටුවීම. අනුන්ගේ සැපත දැක සතුටු වීම නම් වූ මුදිතාව ඇතිකරගැනීම තමයි පිළිගැනීමක් ඇති කෙනෙක් බවට පත්වීමට හේතුව. එනම් ඉහළ සමාජ තත්ත්වයක් හිමිවෙනවා. ඊළඟට මල්ලිකා බිසව ඇහුවේ දිළිඳුබව, දුප්පත්බව ඇතිවන්නේ මක්නිසා ද කියලයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ දන් නො දුන් නිසා බවයි.

    ධනය ලැබෙන්නේ කුමක් නිසා ද කියලා මල්ලිකා බිසව ඇසූ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ විදිහටයි. දන් දුන් නිසා බවයි.

    මේ විදිහට කර්මය සහ විපාකවල රටාව බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ ‘යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං’ කියලයි. ඒ කියන්නේ බිජු වපුරන්නේ යම් අයුරින් ද, ඵල නෙළන්නේ ද ඒ අයුරිනි කියලයි. ඒක ලෝකයේ තියෙන ධර්මතාවයක්.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    වර්තමාන යුගය වන විට ශරීරය හැඩ කර ගැනීමට විවිධ තාක්ෂණ ක්‍රමත්, ඒ සම්බන්ධ වෛද්‍ය ක්‍රමත්, ඊට සාපේක්ෂව ආලේපන, ක්‍රීම්, දියර, සායම් ආදියත් ශරීරයට නිමක් නැතිව සම්බන්ධ කරන අයුරු දැක ගැනීම සුලබ කරුණකි. ඒ කරණ සෑම දේකින්ම අපේක්ෂාව වී ඇත්තේ අන්‍යයාට සමාජයට නිතර ලස්සනක් පෙන්වීම බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා සූත්‍රානුසාරයෙන් දේශනා කොට ඇත.

    මිනිසුන් ගත් කල්හි විවිධ විෂම අයුරින් උපදිති. ඒ පිළිබඳ සුබ මානවක බුදුරදුන්ගෙන් ප්‍රශ්න කළ පසු බුදුරදුන් දේශනා කළේ “කම්මස්සකා මානව සත්තා කම්මයෝනි, කම්ම බන්ධු කම්ම පටිසරණා කම්මං සන්තෙ විභජති යදිදං හිනප්පණිතතායානි යනුවෙන් ම.නි. චුල්ලකම්ම විහංග සූත්‍රය තුළින් සුබ මානවකට පහදා දෙන්නේ මානවකය සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුය. කර්මය තුළින් සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදෙන්නේය යනුවෙනි.

    කරන ලද කුසලාකුසල කර්ම සත්ත්වයාගේ සියලුදේ ම නිර්ණය කරන අයුරු අමුතුවෙන් කිව යුතු නැත. ඒ බවට සූකර මුඛ ප්‍රේතයාගේ කතාව ඉතා වැදගත්වේ. ශරීරය රන්වන් වුවත් මුහුණ සුකරයෙකුගේ මෙන් අසෝභනය. එලෙසම රූප සම්පත්තිය ගත් කල්හි විශාඛා, කෝසල, මල්ලිකා, උප්පලවන්නා, ආනන්ද හාමුදුරුවො ආදී චරිත කතා කියවීම වැදගත් වේ. ඒ අනුව කර්ම ශක්තිය රූප සම්පත්තියටත් සෘජුවම බලපාන බව බුද්ධ දේශනාවලට අනුව පැහැදිලි වේ.

    අද බහුල වශයෙන් ලස්සන වීමට උත්සාහ කළ ද එය සසර කරන ලද පිනත් සමඟ මිනිසෙකුට ලැබෙන දායාදයෙකි. බුදුරදුන්ගේ රූප සම්පත්තියට සම කළ හැකි කිසිවෙකු නැති තරම්ය. උන්වහන්සේ දෙතිස් මහා ලක්ෂණවලින් හා අසීති අනුව්‍යංජනවලින් සැදුම්ලත් උත්තමයෙකි. වක්කලී ඇතුළු බොහෝ පිරිස් රූප සම්පත්තිය නිසා ම නිවන් මඟට පිළිපන් අය වූහ. එයට හේතුවන්නේ සසර කරන ලද අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියයි. නමුදු මෙම ආත්මයේ දී වුවද කෙනෙකුට ලස්සන වීමට අවශ්‍ය නම් බාහිර වශයෙන් විකෘති වීම් නොකොට ගෙන ධර්මයෙන් අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට පුළුවන. ඒ සඳහා ධර්මයේ උගන්වා වදාළ කරුණු කාරණා උපදෙස් පිළිපැදිය යුතු ය.

    බුදුරදුන් මෙත්තානිසංස සූත්‍රය තුළින් මෛත්‍රී වැඩීමේ අනුසස් දේශනා කිරීමේ දී “මුඛ වන්ණෝ විප්පසීදති” යනුවෙන් මුහුණ පැහැපත් වීම පිළිබඳ දේශනා කොට ඇත. කෙනෙකුගේ හදවත මුහුණෙන් කීමට පුළුවන. හදවත පිරිසුදු නම් එහි අකුසල මල අඩු නම් එය ශරීර වර්ණය සඳහා බලපානු ඇත. විශේෂයෙන් මුහුණ ලස්සන වීම සිදු වේ. විවිධ ආලේපන, ක්‍රීම් වර්ග, දියර වර්ග, පුයර ආදිය තුළින් අද සිදු කරන ලස්සන වීමේ උත්සාහය නිස්ඵල දෙයකි. එයින් ලස්සනයි කියා සිතා සිටිය ද ප්‍රඥාවෙන් බලන කල්හි මුහුණ එවැනි ලස්සනකට යොමු වූයේදැයි සිතා බැලිය යුතු ය.

    දන් දීමේ අනුසස් අතර වුව ද “වණ්ණ” යනුවෙන් වර්ණය සම්බන්ධව දේශනා කළේ ශරීර වර්ණයයි. ශරීරය සීයට සීයක් අංග සම්පූර්ණව පිහිටීම කලාතුරකින් දැකිය හැකි ලක්ෂණයකි. කුමන හෝ අඩුවක් ඉස්මතු වී ඇත. සියලුදෙනාගේ ම මුහුණ ඇස්, කන්, නාස, කට තිබුණට මුහුණට මුහුණක් වෙනස්ව පවතී. “නානත්ත කායා නානත්ත සඤ්ඤා” ලොව සියල්ලෝම එක්කෙනෙකුට එක්කෙනක් වෙනස් වේ. රූප කාය අතින් ටිකක් හෝ සමාන වූවත් මිනිසුන් සිතින් නම් බොහෝ වෙනස්කම් දක්වති. එය බුද්ධ දේශනයයි.

    උපතින් මේ සිත ප්‍රභාස්වර වුවද බාහිරව එන කෙලෙස් තුළින් සිත අපවිත්‍ර වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම වැනි සිත කිළිටි කරන සිතිවිලි ශරීරයට ද බලපානු ඇත. ඒ තුළින් ලේ ධාතුව ද අපවිත්‍ර වී රූපය ද විරූපි වේ. ඒ අනුව මෛත්‍රිය ප්‍රගුණ කිරීම තුළින් ලේ ධාතුව පිරිසුදු කොටගෙන රූපය ද වර්ණවත් කර ගැනීමට පුළුවන. ලෝවැඩ සඟරාවෙහි 111, 112 වෙනි කවිවලින් ද මෛත්‍රීය වැඩීමේ අනුසස් දක්වා ඇත. එහි 112 තුළින් මෛත්‍රී වැඩීම හා මෙලොව පරලොව කායික මානසික සුවය සලසා දෙන අයුරු පැහැදිලි කොට ඇත.

    යහපත නොසිතන සැටි මේ දනයා
    කිපිසත උනුනට දෙති වේදනයා
    හැම සත වෙත කළ මෙත් භාවනායා
    සැක නැත සඟමොක් සැප සාදනයා

    ලෝකයා යහපත ගැන නොසිතන සැටි බලව්. කෝප වූ අය උනුනුන් හට දුක් වේදනා දෙත්. හැම සතන් වෙත කළ මෛත්‍රී භාවනාව ස්වර්ගමෝක්ෂ සම්පත් සාදා දෙනු නිසැකයි.

    ඉහත කරුණු සැලකිල්ලට ගෙන ලස්සන වීමට කැමැත්තෝ මෛත්‍රී භාවනාව නිතර ප්‍රගුණ කළ යුතුව ඇත. බාහිර වශයෙන් ශරීරයට අගුණ ආලේපන දල්වා වියදම් දරනවාට වඩා නොමිලයේ ම මහන්සියකින් තොරව ලස්සන වීමට බුදුරදුන් අවශ්‍ය කරුණු දේශනා කළහ. ඒවා සිතට ගෙන පුළුවන් තරම් සිතම පවිත්‍ර කරගත යුතු ය. තමන්ටත් ලෝක සත්වයාටත් නිතර මෛත්‍රීය පැතිර විය යුතු ය. ඒ තුළින් මනස ලස්සන වීමත් එය සෘජුව ම කයට සම්බන්ධ වී රූප කායත් ලස්සන වෙනු නියතය. එපමණක් නොව මෙලොව දිවිය සේ ම පරලොව දිවිය ද රූපවත්ව හා සැප සම්පත්වලින් අනූනව ඉපදීමට ද එය බලපානු ඇත. ලස්සන පිවිතුරු නිර්මල සිතිවිලි තමනට පමණක් නොව මුළු විශ්වයටම දැනෙනවා සේම ඒ තුළින් තමන්ටත් ලෝ සතුනටත් යහපත්කම සිදු වනු ඇත.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    psychology බන් psychology. ඕන මිනිහෙක්ට "බඩු ගහන්න එපා, බඩු ගහන්න එපා" කියල උදේ ඉඳන් හවස් වෙනකන් 24/7 උපදෙස් දුන්නොත් ඒ මිනිහා අනිවා බඩු ගහනවම තමයි. ඒ තමයි මිනිස්සුන්ගෙ psychology එක. දැන් බෞද්ධයොන්ටත් වෙලා තියෙන්නෙ ඔය ටික තමයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    thoge wel baila kiyawanna ona neha.

    lassana wenna ona nam hemada dama hodata hukanna ona, sathutin inna ona , hoda kanna ona echcharai.

    owata monawatada ponnayo thoge rachana