පින් අනුමෝදන් කීරීම

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    පින් අනුමෝදන් කීරීම

    පින් අනුමෝදන් කීරීම යනු කුමක්ද ?
    අනුමෝදන් කියන වචනයේ තේරුම හරියටම පැහැදිලි කරන්න පුළුවන්ද ?

    ගොඩක් අය කියන්නේ පින් දෙනවා කියල නේ.
    මගේ අදහස කාටවත් වෙනත් කෙනෙකුට පින් දෙන්න බෑ.
    තමන් විසින්ම තමාගේ පින් කරගත යුතුයි කියලා.

    කරන්න පුළුවන් දේ තමයි අනුන්ට පින් කර ගැනීමට අවස්තාවක් සලසන එක.
    එම අවස්ථාව ප්‍රයොජනයට ගෙන පිනක් කරගන්න එක තියෙන්නේ අනුන්ගේ අතේ.

    ඉතින් අපි කිව යුත්තේ,
    පින් අනුමෝදන් කරනවා කියලද,
    නැතිනම්
    පින් අනුමෝදන් වීමට අවස්තාවක් සලසනව කියලද?

    අනුමෝදන් කියන වචනේ හරි තේරුම තමයි අපැහැදිලි.

    කරුණාකරලා ඔබේ අදහස් හා පිළිතුරු දක්වන්න.
    ඉස්තුති :)
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    අනුමෝදනා කියන වචනයට පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ගේ පාලි සිංහල අකාරාදියේ දී ඇති තේරුම් තමයි
    අනුව සතුටු වෙනවා, අනුමෝදන් වීම, ඒ සඳහා කියන බණ


    පින් දීම සහ පින් අනුමෝදන් වීම දස පුණ්‍ය ක්‍රියා වලට අයිති පින්කම් දෙකක්. මේ ගැන දහම් පාසල් පෙළපොත් වල කියලා දෙනවා. ඒ පැහැදිලි කිරීමට සමාන ලිපියක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් උනා, මේ තියෙන්නේ ඒක


    4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම.
    5. පත්තානුමෝදනා - වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කල ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම.

    http://dhamma-discussions.blogspot.com/2012/08/blog-post_21.html
    මිනිසුන්ටද, පරදත්තරූප ජීවී ප්‍රේතයන්ටද, දෙවියන්ටද පින් අනුමෝදන් විය හැකි බව බුදු දහමේ දැක්වෙනවා
    තිරෝකුඩ්ඪ සූත්‍රයේ ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කළ හැටි දැක්වෙනවා, සිඟාලෝවාද සූත්‍රයේ දෙමවුපියන් කලුරිය කල පසු ඔවුන්ට පින් අනුමෝදන් කිරීම සැදැහැවත් කුල පුත්‍රයෙකුගේ යුතුකමක් ලෙස දැක්වෙනවා. ප්‍රේතයන් පින් අනුමෝදන් වී උසස් ජීවිත ලබාගත් අයුරු පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනා කිහිපයකම සඳහන් වෙනවා. මිනිසුන්ද වෙන අය කරන පින් අනුමෝදන් පසු එම අනුමෝදන් වූ පින්වලම දිට්ඨ ධම්ම විපාකය (මෙලොවදීම ලැබෙන විපාකය) තිබෙන බණ කතාවක් තිබුනා එත් ඒක ගැන දැන් හරියටම මතක නැහැ.
     
    • Like
    Reactions: eyepea

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මිය ගිය ඥාතීන්ට පින් දීමේදී එම පින ලබා ගත හෑක්කේ පරදත්තරූප ජීවී ප්‍රේතයන් ලෙස උපත ලද අයට පමනි. අනෙක් කිසිවෙක්ට පින ලබ ගත නොහෑක.උදාහරන ලෙස මිය ගිය ඥාතියා නිරය/තිරිසන්/ අසුර හෝ පරදත්තරූප නොවන ප්‍රේතයන් කොටසක උපත හෝ මනුශ්ය/දේවියෙකු හෝ බ්‍රහ්මයෙකු ලෙස උපත ලබා ඈති විට පින ලබා ගත නොහේක.

    නමුත් අපට පිනක් කර වර්තමානයේ ජීවත්වන කෙනෙකුට පින් අනුමොඅදන් කිරිමේදී දෙවියන්ට/ මනුශ්යයෙකුට අනුමොදන් කල හෑක.
     
    • Like
    Reactions: eyepea