පිපෙන මල් රකිමු අපි මැණිකේ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පිපෙන මල් රකිමු අපි මැණිකේ...

    තුරුණු ගස් වැල් අතිනත වෙලා
    අලුත් මල් පුබුදන්න සැරසේ
    හාදුවක් විඳ ගන්න රිසිසේ
    වසන්තෙට ඉඩ දෙන්න මැණිකේ
    අමාවක පෝය දා වාගේ
    අමනාපයෙන් ඉන්නෙපා මැණිකේ...

    හීන් රන්වන් ළදලු පැද්දිලා
    හුරතලයෙන් බලා හිනැහේ
    උන්ගෙ ඉඟි බිඟි පාන රහසේ
    ඉරිසියා හිතෙනවද මැණිකේ...
    ඉස්සරම අපි දෙන්න වාගේ
    උන් තාම ඒ තරුණ වයසේ....

    මහ ගෙදර යට අහස ඔරවලා
    විදුලියෙන් දැවුන හැම දවසේ
    නුඹ හැලුව කඳුළු කැට වැස්සේ
    අපි තෙමුන අමතකද මැණිකේ
    නුඹත් අද ඒ අහස වාගේ
    ඔරවන්නෙපා මාගේ මැණිකේ ....

    අවාරේ අසනි වැස්සෙන් මිදී
    ඉපනැලි නොවී ගිම්හානයේ
    තනන්ට උන්ගේම ලෝකේ
    වසන්තය අරන් එමු මැණිකේ...
    විස පිරුණු රුදුරු වන වදුලේ
    පිපෙන මල් රකිමු අපි මැණිකේ...


    දෙව්රංගි

    දෙව්රංගි@එළකිරි.කොම්@2014
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් අක්කෙ..:love:

    අකුරු කරනවද මගෙ දුව
    පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව
    හිත අරගෙන ගිය කුමරාන
    පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද කුමරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර
    කූඩුවෙ දොර අපි මුරදාන
    සිතින් දුවන නුඹ අල්ලා
    නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන
    නවතාගෙන ඉන්නද කොහොම

    සිතින් සිතට තහංචි නෑ
    නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා
    නුඹ එයි ගෙට කඳුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම
    නුඹ ලෝකය දැනගත්තාම

    :)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් අක්කෙ..:love:

    අකුරු කරනවද මගෙ දුව
    පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද මගෙ දුව
    හිත අරගෙන ගිය කුමරාන
    පාඩම් පොත අතේ තියාන
    සිතින් දකිනවද කුමරාන

    වදෙන් පොරෙන් නුඹ සිරකර
    කූඩුවෙ දොර අපි මුරදාන
    සිතින් දුවන නුඹ අල්ලා
    නවතාගෙන ඉන්නද කොහොම
    කූඩුවෙ දොර අපි මුරදාන
    නවතාගෙන ඉන්නද කොහොම

    සිතින් සිතට තහංචි නෑ
    නුඹ ලෝකය දැනගත්තාම
    අකල් පෙමින් තැවුල් සදා
    නුඹ එයි ගෙට කඳුළු පුරෝන
    තහංචි නෑ දුව හැමදාම
    නුඹ ලෝකය දැනගත්තාම

    :)

    ගොඩක් ස්තුතියි මල්ලි. මේක ඔයාගේ නිර්මාණයක්ද? කවුරු ලිව්වා උනත් හරිම අර්ථවත්. හරිම සුන්දරයි.
     
    • Like
    Reactions: crazybuddy

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කිව්වේ මල්ලි. අදහස පැහැදිලි නැද්ද?
    නෑ නෑ එහෙම එකක් නෙවෙ‍යි.......:no:
    වර්තමාන‍යේ සිදුවෙන දෙ‍යක් සහ අතීත‍යේ සිදුවුන දෙ‍යක් අතර ගැලපීමක් ගොඩනංවලා ති‍යනවනේ.......අන්න ඒක ගැන‍යි කිව්වේ........
    :dull::)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නෑ නෑ එහෙම එකක් නෙවෙ‍යි.......:no:
    වර්තමාන‍යේ සිදුවෙන දෙ‍යක් සහ අතීත‍යේ සිදුවුන දෙ‍යක් අතර ගැලපීමක් ගොඩනංවලා ති‍යනවනේ.......අන්න ඒක ගැන‍යි කිව්වේ........
    :dull::)

    පැහැදිලියි :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    me dawaswala kawi liyaneth na kiyawaneth na ,,hitha frizzed karala thiyenne tika kalekata
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගොඩක් ලස්සන කවියක් අක්කේ. හිතට වැදුනා.
    රෙප් ++

    ලඟදි දවසක මටත් අතීතයේ දවසක් මතක් වුනා.


    තැඹිලි පාට අහස යටින් වෙගෙන් යනකොට
    හමන සුලඟ මදින් අහෙනව ඇගේ හඬම​
    බහින හිරු මුවදොරින් පෙනෙන ඒ වැහි මේකලාවට
    එබී අහයි ඔච්චමට මෙන් මොකද අද තනියම​


    අතීතය තුල මොහොතකට සිර වුනා මම
    (っ◔◡◔)っ ♥ . . . . . . .♥(ˆ⌣ˆԅ)


    බැන්ද පෙම් අහස යට පුරුදු ඒ සුලඟට
    පෙනුන ඒ අන්දරය පුරුදු ලෙස වෙරලම​
    හඬන හඬ ගෙනෙයි ඒ පරන සිදුවීමට
    යන්න අවසරයි මට ආපු වෙගෙන්ම​


    මගේ මල පරවුනත් පිපුනු මල් ගොඩක් දුටිමි
    කිසි දිනක පර (පර) නොවන ලෙස ප්‍රර්තනා කරමි
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ලස්සන කවියක් අක්කේ. හිතට වැදුනා.
    රෙප් ++

    ලඟදි දවසක මටත් අතීතයේ දවසක් මතක් වුනා.


    තැඹිලි පාට අහස යටින් වෙගෙන් යනකොට
    හමන සුලඟ මදින් අහෙනව ඇගේ හඬම​
    බහින හිරු මුවදොරින් පෙනෙන ඒ වැහි මේකලාවට
    එබී අහයි ඔච්චමට මෙන් මොකද අද තනියම​


    අතීතය තුල මොහොතකට සිර වුනා මම
    (っ◔◡◔)っ ♥ . . . . . . .♥(ˆ⌣ˆԅ)


    බැන්ද පෙම් අහස යට පුරුදු ඒ සුලඟට
    පෙනුන ඒ අන්දරය පුරුදු ලෙස වෙරලම​
    හඬන හඬ ගෙනෙයි ඒ පරන සිදුවීමට
    යන්න අවසරයි මට ආපු වෙගෙන්ම​


    මගේ මල පරවුනත් පිපුනු මල් ගොඩක් දුටිමි
    කිසි දිනක පර (පර) නොවන ලෙස ප්‍රර්තනා කරමි


    ගොඩක් ස්තුතියි මල්ලි. මේ නිර්මාණයත් සුන්දරයි.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    me dawaswala kawi liyaneth na kiyawaneth na ,,hitha frizzed karala thiyenne tika kalekata


    freeze karapu hitha ayimath yatha thathweta path unama, wadi wadiyen nirmana karanna saha vidinna labewa kiyala prathana karanawa.