පියයුරු ගැන ඔබ නොදන්නා දේවල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පියයුරු ගැන ඔබ නොදන්නා දේවල්

    rtmtAIC.png

    පිරිමින් ගැහැණියක් දෙස බලද්දී මුල්ම අවධානය ලක්වන අවයවයක් වන්නේ පියයුරුය.එසේම වම් පියයුර දකුණු පියයුරට වඩා විශාලය.පියයුරු ගැන ඔබ නොදන්නා කරුණු කිහිපයක් පහත දක්වා ඇත.




    1.ලොව විශාලතම පියයුරු

    e9WctN4.png

    2009 වසරේ මුල් සමයේදී බ්‍රසීල ජාතික Sheyla Hershey නම් තැනැත්තිය ලොව විශාලතම කෘත්‍රීමව වර්ධනය කල පියයුරු යුගලේ හිමිකාරිය ලෙස ගිනස් වාර්තාවක් පිහිටවන ලදි.පියයුරු විශාල කිරීමට ශල්‍යකර්ම 9ක් කිරීමෙන් පසුව සහ සිලිකන් ගැලුමක් පමණ ඇතුලු කිරීමෙන් ඇයගේ පියයුරු 38KKK(bra size) ප්‍රමාණයට වර්ධනය කරගෙන තිබේ.
    ලොව විශාලතම ස්වාභාවික පියයුරු යුගලට හිමිකම් කියන්නේ Norma Stitz .





    2.උඩුකය නිරුවත්ව සිටීමේ කාන්තා අයිතිය

    nUcUtc0.png

    GoTopless.org යනු ඇමෙරිකානු සංවිධානයකි.පොදු ස්ථානවල සහ ප්‍රසිද්ධියේ උඩුකය නිරුවත්ව සිටීමට පිරිමින්ට තිබෙන අයිතිය කාන්තාවන්ටද හිමිවිය යුතුබව ඔවුන්ගේ අදහසයි.ඔවුන් තමන්ගේ එම අයිතිය කියා පෑමට නිතරම උඩුකය නිරුවත්ව රැස්වේ.




    3.වම් පියයුර සාමාන්‍යයෙන් විශාලය

    1NLQAMF.png

    පියයුරු දෙකම එක සමාන නොවන බව බොහෝවිට ඔබ නොදන්නවා ඇති.සාමාන්‍යයෙන් වම් පියයුර ප්‍රමාණයෙන් විශාලය.නමුත් ඒ වෙනස හඳුනාගැනීමට තරම් විශාල එකක් නොවේ.ඒ විතරක් නොවේ,තන පුඩු පවා ප්‍රමාණයෙන් වෙනස්ය.තවද ඒවා වෙනස් දිශාවන්ට යොමුවී පවතියි.




    4.ස්ත්‍රී දේහයේ පිරිමින්ගේ පළමු අවදානය පියයුරු වෙතටයි

    F7dKevx.png

    වෙලිංටන් හි වික්ටෝරියා විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකදී හෙළිවුනේ පිරිමින් ගැහැණුන් දෙස බලද්දී ඔවුන්ගේ අවදානය දිනාගන්නා පළමු ශරීරාංගය වන්නේ පියයුරු බවයි.ඔවුන් පියයුරු දෙස වැඩි වෙලාවක් බලාසිටින බවද කියවේ.තවත් අධ්‍යයනයකින් හෙළිවූයේ කාන්තාවන්ගේ පියයුරු දෙස දවසකට මිනිත්තුවක් බලා සිටීමෙන් පිරිමින්ගේ සෞඛ්‍යය යහපත් වන බවත් ආයු කාලය වසර 4-5කින් වැඩිවන බවත්ය.




    5.පිරිමින්ට කිරි එරේ​

    pYOYANP.png

    මෙය කලාතුරකින් සිදුවන දෙයකි.පිරිමින්ටද ගැහැණුන්ට මෙන් ක්ෂීර ග්‍රන්ථි පිහිටා තිබේ.ඔවුන්ටද කිරි නිපදවීමේ හැකියාවක් තිබේ.පිරිමින් ක්ෂීරය නිපදවන්නේ පිලිකාවලට ප්‍රතිකාර ලෙස දෙන හෝමෝනවල බලපෑම නිසා යැයි කියනු ලැබේ.




    6.යුරෝපයේ විශාලතම පියයුරු තිබෙන්නේ එංගලන්තයේය

    zlJNwo2.png

    තනපට නිෂ්පාදන සමාගමක් වන Triumphහි සමීක්ෂණයකට අනුව යුරෝපය තුල විශාලතම පියයුරු වලට හිමිකම් කියන්නේ එංගලන්තයේ කාන්තාවන්ය.එහි කාන්තාවන්ගෙන් භාගයකටත් වඩා D cup ප්‍රමාණයේ තනපට පාවිච්චි කරයි.දෙවන තැන ඩෙන්මාර්කයටද තෙවන තැන නෙදර්ලන්තයටද හිමිව තිබේ.ඒ අතර ඉතාලි කාන්තාවන් කුඩාම පියයුරු හෙවත් 68% ක් B ප්‍රමාණයේ තනපට පාවිච්චි කරයි.





    7.පියයුරක සාමාන්‍යය බර රාත්තලකි

    7QUvHRF.png

    පියයුරක සාමාන්‍යය බර කි.ග්‍රෑ. 1/2 (රාත්තලක්).පියයුරක් ශරිරයේ මේදයෙන් 4%-5%ක් දරයි.වැඩුණු ගැහැණියකගේ දේහ බරින් එය 1%ක් වේ.




    8.මේදය ලබාගන්නා පියයුරු

    PMBeWlU.png

    ඔබ වයස විසිගණන්වලදී පියයුරු මේදය.ක්ෂීර ග්‍රන්ථි සහ කොලැජන් වලින් සමන්විත වේ.තවද බන්ධනි පටක මගින් ඒවා ස්ථායිව තබාගැනේ.නමුත් ඔබ ක්‍රමයෙන් වයස්ගත වද්දී ක්ෂීර ග්‍රන්ථි සහ කොලැජන් හැකිලී යන අතර ඒවා මේදය මගින් ප්‍රතිස්ථාපනය වේ.




    9.පියයුරු වර්ධනය කිරීම සහ දිවිනසා ගැනීම

    2g5F1qH.png

    පියයුරු වර්ධනය කරගන්නා ගැහැණුන් අවම වශයෙන් දිවිනසා ගැනීමේ ප්‍රවණතාවය තුන් ගුණයකින් වැඩි කර ගනියි.2007 වසරේ ප්ලාස්ටික් ශල්‍යකර්ම වාර්තාවට අනුව මීට හේතුව සිලිකන් විශවීමට වඩා psychiatric ප්‍රශ්න විය හැකිබවයි.




    10.පියයුරු රෝපණය ඔබව මරණයෙන් ගලවාගනියි

    QrsNqAj.png

    ලෙබනන ත්‍රස්ත සංවිධානයක් එල්ල කල රොකට් ප්‍රහාරයට ලක්වූ ඊශ්‍රායල කාන්තාවක් තුවාල ලැබීය.ඇය ඊට වසර 2ට පෙර පියයුරු රෝපණය කිරීමේ සැත්කමක් සිදුකරගෙන තිබූ අතර රොකට් ප්‍රහාරයෙන් විසිවූ උණ්ඩ කොටස් ඇගේ පියයුරු වලට හානිකර තිබිණි.නමුත් ඉන් ඇගේ ජීවිතය බේරී තිබුණේ පියයුරු ඒවා කෘත්‍රීම ඒවා වු නිසා යැයි කියවේ.




    11.ඇමෙරිකාවේ අංක එකේ රූපලාවන්‍ය ශල්‍යකර්මය

    HaRWqqi.png

    එක්සත් ජනපදයේ කාන්තාවන් මිලියන 2ක් පමණ පියයූරු රෝපණය කිරීම සිදුකරගෙන තිබේ.කාන්තාවන් වැඩිපුරම කරගන්නා රූපලාවන්‍ය ශල්‍යකර්ම වන්නේ නාසය සම්බන්ධ(rhinoplasty) සහ මේදය ඉවත් කිරීම(liposuction) සම්බන්ධ ශල්‍යකර්ම වේ.මේ සඳහා කාන්තාවන් යොමුවන සාමාන්‍යය වයස අවුරුදු 34කි.




    12.තනපට ගැන උගන්වන චීනය

    qlpsPkg.png

    හොංකොං නගරයේ පොලිටෙනික් විශ්වවිද්‍යාලයෙන් ඔබට තනපට අධ්‍යනය සම්බන්ධව උපාධියක් ලබාගත හැකිය.එහිදී තනපට මෝස්තර සහ ඒවා නිර්මාණය කරන ආකාරය සම්බන්ධව හැදෑරිය හැකිය.