පියාණෙනි මා නැවත උපන්නොත්

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පියාණෙනි මා නැවත උපන්නොත්

    මේ කියන්න යන්නේ film එකක් ගැන. අපේ හුගක් අය films බලනවනේ ඒත් ඒවා අතරින් ඇත්තටම ඇස්දෙකට කදුලක් නංවන්න පුලුවන් සංවේදී කාථා තියෙන්නේ අතළොස්සක විතරයි. මේ කියන්න යන්නෙත් ගිය අවුරැද්දේ නිකුත් වෙච්ච ඒ වගේ අතිශයින්ම සංවේදී පිය සෙනෙහසක් ගැන කියවෙන චිත්‍රපටියක් ගැන. සමහරැ දැනටමත් බලලා ඇති බලපු නැති කටිටියත් අනිවාර්්‍යෙයන්ම බලන්න මොකද ඔයගොල්ලන්ගේ චිත්‍රපටි එකතුවේ තියෙන්න ඕනේ film එකක් මේක. පොඩි අය ඉන්න තාත්තලානම් බලන්නම ඕනේ.

    Film එකේ නම Instructions Not Included

    MV5BMTUyNjI3ODI0N15BMl5BanBnXkFtZTcwMTQ1NTY5OQ@@._V1_SY755_SX509_.jpg


    මේක මෙක්සිකානු චිත්‍රපටියක්. හුගක් දෙබස් තියෙන්නේ Spanish වලින් ඉංග්‍රීසිත් තියෙනවා. ඒ වුනත් කිසිම අවුලක් නැතුව මුල ඉදලා අගටම බලන්න පුලුවන්. මේකේ කතාව දිගහැරෙන්නේ Valentín කියන තාත්තයි Maggie කියන එයාගේ දුවයි අතර.
    instructions-not-included.jpg


    Valentín කියන්නේ බොහොම සෙල්ලක්කාර ඇගේ ඇදුම් මාරැකරනවා වගේ එක එක කෙල්ලෝ ආශ්‍රය කරන චරිතයක් නමුත් එක දවසක මෙයා කලින් ආශ්‍රය කරලා අතඇරපු කෙල්ලෙක් පොඩි බබෙකුත් අරගෙන මෙයාව හම්බවෙන්න එනවා ඇවිත් ඒ බබාගේ තාත්තා Valentín කියලා කියනවා. ඒ එක්කම එයා ආපු taxi එකට සල්ලි ගෙවන්න ඕනේ කියලා Valentín ගෙන් $10 ඉල්ලගෙන යනවා නමුත් ආපහු එන්නේ නෑ (මේ සිද්ධිය තමයි මේ චිත්‍රපටියේ පෙරලියට හේතු වෙන්නේ). ඊට පස්සේ වෙන දේවල් චිත්‍රපටිය බලලම දැනගත්තොත් හොදයි නේද.


    tumblr_mti176AlKU1qzkg8ro8_500.jpg


    INSTRUCTIONS+NOT+INCLUDED+1.jpg


    මේකේ එක විශේෂත්වයක් වෙන්නේ මේ පොඩි ලමයව, Valentín (තාත්තා) හදාවඩා ගන්නේ අමුතුම fantasy ලෝකයක් මවා පාලා. ඔබට හිතා ගන්න බැරි වෙයි ඇයි එහෙම කරන්නේ කියලා ඒක අපිට දැනගන්න වෙන්නෙත් චිත්‍රපටියේ අවසාන කොටස් වලදි. පියෙක් තමන්ගේ දරැවා වෙනුවෙන් කොයි තරම් සෙනෙහසක් දක්වනවද කැපකිරීමක් කරනවද කියලා කියන්න මේ කතාව ඕනෙවටත් වඩා වැඩියි. ඒ වගේම කාන්තාවන්ගේ ආත්මාර්ථකාමීත්වයත් මේකේ එක පැත්තකින් පෙන්නුම් කරනවා. මමනම් තාත්තා කෙනෙක් නෙවෙයි නමුත් මගේ ඇස් දෙකට කදුලක් නම් ආවා මේක බලලා.


    මේක IMDB වල 7.7 ක් අරන් තියෙනවා

    චිත්‍රපටිය Download කරගන්න torrent hash එක
    3962ec8e23491f06ed042ca0321ad8ee5185adb2

    torrent link එක
    http://thepiratebay.se/torrent/9474539

    download කරලා බලන්න. බලලා ඔයගොල්ලන්ගේ අදහස් thread එකේ දාන්න.
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔන්න මචන් මමත් film එක download කරගෙන බැලුවා. කියල තිබුන වගේම පට්ටයි. අන්තිම වෙනකම් මම හිතාගෙන හිටියේ තාත්තට මොකක් හරි ලෙඩක් තියනවා කියල....
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අල මල්ලි;16220464 said:
    ඔන්න මචන් මමත් film එක download කරගෙන බැලුවා. කියල තිබුන වගේම පට්ටයි. අන්තිම වෙනකම් මම හිතාගෙන හිටියේ තාත්තට මොකක් හරි ලෙඩක් තියනවා කියල....

    ඒක ඇත්ත මටත් මුලින්ම හිතුනේ ඒක. බලන්න පොඩි එකාගේ ලෙඩේට දොස්තර හම්බවෙන්න නිතරම යන එක ගැන සැකයක් නොහිතෙන්න තාත්තත් පොඩි එකත එක්කම injection එකක් ගහ ගන්නවා, එතකොට පොඩි එකා හිතන්නේ ඒක හැමෝටම කරන දෙයක් කියලා. පොඩි එකාගේ හිත කැඩෙයි කියලා හිතාගන්න බැරි උඩක ඉදලා stunt කරනවා. ඒවා දැක්කම හිතෙන්නේ තාත්තගේ පොඩි අවුලක් තියෙනවා කියලා නමුත් අන්තිමේදී තමයි ඒ ඇයි කියලා තේරෙන්නේ.
     
    • Like
    Reactions: prageeth119lk