පියාඹන වාහන දැන් ස්ථිරයි.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පියාඹන වාහන දැන් ස්ථිරයි.

    විද්‍යාඥයන් කියන්නේ බිම දුවන වාහන පියාඹන වාහන බවට පෙරළීම දැන් ස්ථිර නිසා අහසේ වලාකුළු මත ඩිජිටල් මාර්ග සිතියම් සැකසීම අද හෙට ම පටන් ගත යුතු බවයි. දහස් ගණනක් කාර් අහසේ යන්න එන්න ගියා ම පාලනය කිරීම ලේසිපාසු කටයුත්තක් නෙවෙයි. මේ කාර්යයට දැනටමත් විශේෂඥයන් අත ගහල ඉවරයි.


    1.jpg


    අනාගතයේ දී පැල් - 5 රියක් එක්සත් රාජධානියේ රථවාහන තදබදයකට ඉහළින් මෙසේ යනු ඇති.



    ගුවන් අවකාශ ඉංජිනේරුවන් කියන්නේ මේ නව නිපැයුම නිසා දැනට යුරෝපයේ පවතින මාර්ගවල රථවාහන තදබදය අඩු වී යන එක සිකුරුයි, කියලයි.
    එය කාරයක් මෙන් මහ මඟ ධාවනය කළ හැකි යැයි කියන එහි නිෂ්පාදන සමාගම තත්පර 8ක් ඇතුළත පැ.සැ. 60ක වේගයක් ලබා ගත හැකි බව ද කියනවා. ලීටරයකින් කි.මී. 12ක් යා හැකි වන අතර වරක් ඉන්ධන පිර වූ පසු එක දිගට කි.මී. 750ක් යන්න පුළුවන්.

    ඉතාමත් කෙටි කාලයක් තුළ මහ මග තදබදයෙන් තොරව මෙයින් ඕනෑම තැනකට යා හැකියි. හැබැයි වර්තමාන මිල නම් හුඟක් වැඩියි. පවුම් ලක්ෂ එකහමාරක් විතර වෙනවා. ලොකු මිලක් ගෙවා ගුවන්යානා පැදවීම ඉගෙන ගෙන බලපත‍්‍රයක් ලබා ගන්නත් වෙනවා.

    2.jpg


    මීළඟ වසර 20 ඇතුළත මේ පැල් ගයිරොකොප්ටර අහසේ සුලබ දසුනක් වේවි.

    3.jpg

    ‘ෆිෆ්ත් එලිමන්ට්’ චිත‍්‍රපටයේ එන ඉගිල්ලෙන කාර් ඇතුළත් මේ ජවනිකාව අනාගතයේදී හැබෑවට ම දැක ගත හැකි වේවි.
     
    • Like
    Reactions: asksubhash

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඩිජිටල් සිතියම් සකසන වැඩසටහනේ මයික් ජම්ප් කියන්නේ තවත් වසර 20ක් 30ක් ඇතුළත මේ කාර් ගමනාගමනය සුලබ දෙයක් වන බවයි. ඔහු කියන විදියට නව අහස් ගමන් සැලසුම් කරන්නේ ලොකු ගුවන්තොටුපොළවල් මඟ හැර යන විදියටයි.

    ඒ හැරෙන්නට පැල් යානා අහසේ යන්නේ නවීන මගී ජෙට් යානා යන මට්ටමට වඩා හුඟක් පහළින්. එනම් අඩි 1000ත් අඩි 1500ත් අතර උසකින්.

    මෙම මාර්ග ව්‍යාපෘතියට සහය දෙන ස්විට්සර්ලන්තයේ ලවුසේන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මේ සඳහා එකවර පියාසර කර අත්හදා බැලීම පිණිස ආදර්ශ යානා 10ක් තනෙව්වා.


    4.JPG

    මේ ගුවන් කාරය අනාගතයේ පොලීසියේ වැඩට මෙන් ම අවදානම් තැන්වල එක්සත් ජාතීන්ගේ සහන කටයුතුවලටත් යොදා ගන්න පුළුවන්.



    බි‍්‍රතාන්‍ය හා යුරෝපීය අත්හදා බැලීම් මෙසේ සිදු කෙරෙද්දී ඇමරිකාවේ නාසා ආයතනයත් තනිව ඔවුන්ගේ ව්‍යාපෘතියක් පටන් අරන්.

    පැල් යානය කි‍්‍රයා කරන්නේ ගයිරොකොප්ටරයක් කි‍්‍රයා කරන ආකාරයටයි. එසවීම සිදු කරන්නේ බමනය වන රෝටරයකින්. ඉදිරියට තල්ලූ කරන වේගය ලබා ගන්නේ පසුපස ඇති අවර පෙත්තකින්.

    මේ අහස් රිය ඇතුළෙ යන්න වෙන්නෙ ටිකක් හිර වෙලා වගෙයි. මේ ති‍්‍රරෝද අහස් රියේ දෙදෙනකුට යතෑකි. කිලෝග‍්‍රෑම් 230ක බරක් ඔසවා ගෙන යන්න පුළුවන්. මහ මග යද්දී, ඉහළින් කැරකෙන, මීටර හතරක් දිග තටු අකුළා ගෙනයි යන්නෙ. මහ මග යන විට මෙහි ප‍්‍රමාණය උස හා පළල මීටර 1.6ක් විතර වෙනවා.


    5.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙහි උපරිම වේගය පැ.සැ. 112ක් වන අතර අහසේ නො වැටී රැඳී සිටීමට නම් අවම වශයෙන් පැ.සැ. 50ක වේගයකින්වත් යායුතුයි. ඉහළට නඟින්න මීටර 165ක ධාවන පථයක් ඕනෑ. බිමට බහින්න මීටර 30ක ඉඩක් ඕනෑ. අහසේ එක් වරකදී සැ. 315ක් නොකඩවා ගියෑකි.




     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    meka machan dura yanawa nam nawatta nawatta neda yanna wenne????yaddi chu barak hadunoth?????:lol:..............thnx for the info machan...lankawe ithin rajathumage set ekatama thamai owa ganna wenne:shocked:.....4 reps added
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    meka machan dura yanawa nam nawatta nawatta neda yanna wenne????yaddi chu barak hadunoth?????:lol:..............thnx for the info machan...lankawe ithin rajathumage set ekatama thamai owa ganna wenne:shocked:.....4 reps added

    :D:D:D Chu..bara hadunoth Machan..Baya nathuwa bimata atha arapan. Habai Pittaniyak wage Thanakata.