පිය - පුතු ගැටුම
පිය - පුතු ගැටුම
වෙන්වෙන්න හදද්දී ඉවෙන් මෙන් ඇදෙනා
මරාගන්නට නිතර මරාගෙන මැරෙනා
ආදරයකි පිය - පුතු ගැටුම
අප නිතර විඳිනා
හිත නිතර මොර දෙනා
විප්ලවය හඬ නගා
ගැයූමුදු රළු වෙලා
නුඹ දිටියෙම් පරළු වෙලා
සොයුරකුද විලසින
හතුරකුගෙ වුවනින
දෙඩූවද රුදු වචන
මිතුරෙක්ද නුඹ සිතිණ
තනිකමට හුරු වෙන්ට
හරිබරිව තනිවම
නුඹෙන් දුර ඈතට
යන්න හිතුවද හිතත් ඩැහැගෙන
වෙනදා හිනාව
වෙනදා බැණුම
කෝ අද පුරුද්දට
දැනුණි මට මේ අරුම
- මාලන් විදානපතිරණ
පිය - පුතු ගැටුම
වෙන්වෙන්න හදද්දී ඉවෙන් මෙන් ඇදෙනා
මරාගන්නට නිතර මරාගෙන මැරෙනා
ආදරයකි පිය - පුතු ගැටුම
අප නිතර විඳිනා
හිත නිතර මොර දෙනා
විප්ලවය හඬ නගා
ගැයූමුදු රළු වෙලා
නුඹ දිටියෙම් පරළු වෙලා
සොයුරකුද විලසින
හතුරකුගෙ වුවනින
දෙඩූවද රුදු වචන
මිතුරෙක්ද නුඹ සිතිණ
තනිකමට හුරු වෙන්ට
හරිබරිව තනිවම
නුඹෙන් දුර ඈතට
යන්න හිතුවද හිතත් ඩැහැගෙන
වෙනදා හිනාව
වෙනදා බැණුම
කෝ අද පුරුද්දට
දැනුණි මට මේ අරුම
- මාලන් විදානපතිරණ