පිරමිඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    පිරමිඩ ජාවාරම ගැන ටිකක් කතා කරමු..
    ඉස්සෙල්ල වෙන්නෙ මොකක්ද කියල රූප සටහනක් ඇඳල පෙන්නපල්ල..
    අර බඩු සෙට් එකක් ගන්නෙ රුපියල් 30 000ක් විතර දීල. :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් මේ දවස් වල පාර්ට් ටයම් ජොබ් මොනවා හරි හොයන ගමන් ඉන්නේ ,ගිය සතියේ හෝමාගම තැනක පොඩි නෝටිස් වගයක් අලවල තිබුන පාර්ට් ටයම් ජොබ් තියෙනවා කියල නො එකකුත් දාල කෝල් කලාම කතා කරපු එකා කිව්වා කිව්වා මහරගම ගුරු විද්‍යාලය ළඟ office එක තියෙන්නේ ඒකට එන්න කියල නම ඇහුවම අහල නැති මොකක් හරි නමක් කිව්වේ .OFFICE ඇරිලා යන ගමන් ගුරු විද්‍යාලය ළඟට ගිහින් කෝල් කලාම එකෙක් ඇවිත් මාත් එක්ක යමු කියල ඒ කිට්ටුවම තැනකට එක්කන් ගිහින් උන්ගේ OFFICE එකේ දොර අරිනකොටම ගහලා තියෙනවා ග්ලෝබල් ලය්ෆ් ස්ට්ය්ල් කියලා මට යකා නැග්ග .මම කිව්වා මට කිව්වේ වෙන නම්ක්නේ මේ බව දන්නවනම් එන්නෙත් නැහැ කියල හැරිලා ආව තව කට්ටියකුත් ඇවිත් හිටිය .මම හිතන්නේ ලඟදි මහරගම OFFICE 1ක් දාල උන්
     
    මේ ව්‍යාපාරයේ නිස`ග ස්වභාවය අනුවම එය ඉතා විනාශකාරී සූදුවක් මිස කිසිසේත්ම සාධාරණ හා ප්‍රායෝගික ව්‍යාපාරයක් නොවේ. ඔබ ඊයේ හෝ අද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සුළු හෝ විශාල මුදලක් උපයා ගත්තද, මේ හරහා තවත් අති විශාල පිරිසකට තමන්ගේ මුදල අහිමි වීම කෙසේවත් වලකාලිය හැක්කක් නොවේ. මේ පිළිබ`ද වැඩි විස්තර අවශ්‍ය අයෙකුට ශ්‍රී ලංකා මහ බැංකුවෙන්ද ලබාගත හැකිය. (ශ්‍රී ලංකා මහ බැංකුව, 30, ජනාධිපති මාවත, කොළඹ 1. දුරකතන - 2477418/ 2477639*
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    වංචාවේ තරම

    මේ ජාවාරම් ගැන අවශ්‍ය නම් තව ලිවිය හැකි දේ බොහෝ වුවද ලිපියේ ඉඩකඩ සලකා දැනට ඒවායේ මූලික ලක්ෂණ මෙසේ පිඩු කළ හැකිය.

    1. බොරුව, වංචාව හා සුරංගනා කතා මගින් පුද්ගලයන් පොළඹවා ගැනීම.

    2. අතිශය නොවටිනා භාණ්ඩයක් ප්‍රෝඩාකාරී ලෙස අති විශාල මුදලකට අලෙවි කිරීම.

    3. මේවා ලංකාව ඇතුළු බොහෝ රටවල තහනමට ලක්ව ඇති නීතිවිරෝධී ව්‍යාපාර වීම.

    4. නීතියේ හිල්වලින් රිංගා මේ ව්‍යාපාර ක්‍රියාත්මක කළද එයින් සිදුවන සමාජ හානියේ කිසිදු අඩුවක් නොවීම.

    5. ගණිතමය වශයෙන් ඔප්පු කළ හැකි පරිදි කෙටි කලක් තුළ සිදුවන අධික ව්‍යාප්තිය හා ජනගහනය ප්‍රමාණවත් නොවීම මත ඉතා කෙටි කළකින් මේ පිරමිඩය අර්බුදයට යාම හා බිඳවැටීම.

    6. සුළු පිරිසක් වංචාකාරී ලෙස වේගවත් ධනවතුන් බවට පත්වෙමින් මීට සම්බන්ධ වන සීයට අනූවකට වැඩි පිරිසකට තමන් යෙදවු මුදල පවා අහිමි වීම.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    how-mlm-pyramid-scheme-works.png

    main-qimg-3c3c1b15e3ea148f1e0e13bd82027c2d.webp