පිරමීඩ වලට පණ දෙන අපේ මිනිස්සු.
ඇත්තටම මොනවද මේ "පිරමීඩ ව්‍යාපාරයක් (ජාවාරමක්)" කියන්නේ?
පිරමීඩ ව්‍යාපාරයක් යනු ඔබට මුදල් ඉපයීම වඩාත් පහසු හා විශාල මුදලක් එකවර ඉපයීමට හැකි බව හගවමින් සුරංගනා කතා පොදියක් ඔබට තුරුළු කර දී, ඔබේ මොළය සෝදන ක්‍රියාවලියකි. අහිංසක මිනිසුන් දහස් ගණනක් අමාරුවෙන් උපායා ඇති ධනය මුලාවෙන්, වංචාවෙන් ලබාගෙන පිරමීඩ ජාවාරම් කරුවන් සහ ඉහළ කළමණාකාරිත්වය පොහොසත් වන ජාවාරමක්ය. මේවා එක් අයෙකුගෙන් ආරම්භ වී ක්‍රමයෙන් පහලට පුද්ගල පුරුක් අමුනා ගෙන ගමන් කරන, ඔවුන්ගේ සම්බන්දක ගාස්තු වලින් හෝ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට සැලැස්වීම මගින් හෝ මුදල් එකතු කරනු ලබන ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා.
කවරෙකුද ඔබව මේ කරදරේ පටලවන්නේ?
ඔබේ ලඟම හිතවතෙන් හෝ ඥාතියෙක් තමයි ඔබව මේ හිසරදේ පටලවන්නේ, බොහෝ විට මොවුන් ජාවාරම්කරුවන් උගන්වා එවනු ලබන පැහැදිලි කිරීමම ඔබට කරනු ඇත. ඔවුන්ගේ හෘර්ද සාක්ෂිය දන්නවා ඔවුනුත් මේ කියන්නා වූ ගැටයට අසු වූ අය බව. ඔවුන්ගේ පාඩුව පිරිමසා ගැනීමට හෝ තව තවත් ලාභ ලැබීමට ඔබේ මුදල් දැහැ ගැනීමට මාන බලන උකුස්සන් රැසකි.
කොහොමද මෙම ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ ?
1. මෙම යෝජනා ක්රමයේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත
මෙහිදී සිදුකරන්නේ ඔබ සම්බන්දක වූවානම් ඔබ තව දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මේකට සම්බන්ද කිරීම හා ඉන්පසු ඔබ සම්බන්ද කල අය තවත් සාමාජිකයන් සම්බන්ද කිරීමයි.
2. යෝජනා ක්රමයේ අරමුදල් සංචිතය අනුව එනම් සම්බන්ද වන පුද්ගලයින් ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවීම මත හෝ බොහෝ දුරට තීරණය වන්නා වූ ක්‍රමයක් මත.
මේ ව්‍යාපාර වල ස්වරූප ලෙස
-භාණ්ඩ විකුණන ව්‍යාපාර ලෙස.
-සමාජ සේවා ආයතන ලෙස.
-සෘඡුවම මුදල් ආයෝජනය කරන ව්‍යාපාර ලෙස.
පිරමීඩ ව්‍යාපාර වල මුලිකම වෙළද උපක්‍රමය ලෙස මොළ සේදීම
" දවසක් මට මෙහෙම එක්කෙනෙක් එන්න කියලා මමත් ගිය මොකක්ද කියලා බලන්න, ටයි කොට් දාගෙන ආපු කිහිප දෙනෙක් එතන හිටියා. හැමෝගෙන්ම කරන රස්සාව අහනවා, මගෙත් ඇහුවා. මට කියනවා මේ මනුෂ්‍යයා මම වඩ විකුනන්නේ කිව්වාම... ඔයාට වඩ විකුනන්නේ වෙන්නේ නෑ වැඩි දවසක්... "
"බලන්න ඔයා මේ ව්‍යාපාරයට සම්බන්ද වුනාම ඔයාට අපිට වගේ කාර් එකක් ගන්න පුළුවන්. "
මෙවැනි සුරංගනා කතා මවාපාන්නට මේ නරුමයන් අහිංසක මිනිසුන්ගේ හැගීම් සමග කෙලිකම් කිරීම සැබැවින්ම ඛේදනීයය. මොවුන් මේ ව්‍යාපාර සදහා නොයෙක් ස්ථාන තෝරාගනු ලබයි, ඒවා බොහෝ විට හෝටල් වන්නට පුළුවන්, එසේම නිවාස වන්නට පුළුවන් මේ ස්ථාන වල සිට වැඩමුළු එකක් හෝ කිහිපයක් පවත්වනු ලබයි. එනම් බදවාගත් අය රදවා ගන්නටත්, නව අය බදවා ගන්නා අයුරු පිළිබද උපදෙස් දෙන්නටත්ය.
පිරමීඩ ව්‍යාපාර වල ආදායම් ලබන්නේ කවුද ?
මේවා බහුතරයක් විදේශිකයන්ට අයිතිය හිමිවන ජාවාරම් වන අතර මේවා වල ධනස්කන්දය නිතර නිතර පහල සිට ඉහිලට ගමන් කරයි. එනම් මේවා පවත්වාගෙන යනු ලබන හිමිකරු සහ ඉහල තනතුරු වලයන්හි වැජබෙන්නන් මෙහි ප්රතිලාභ ලබයි. පහල ස්ථර වල කිහිප දෙනෙකුත් අන් අය බදවා ගැනීම වැඩි වන තරමට සාපේක්ෂ වාසියක් ලබයි. නමුත් එය සුරගනා ලොව කලබන වාසියක් නම් කොහෙත්ම වන්නට බෑ. එමෙන්ම මේ පිරමීඩ ව්‍යාපාර බහුතරයක් ලංකාවේ මුදල් විදේශයන්ට පටවනු ලබනවා.
ඇයි අපි පිරමීඩ ව්‍යාපාර අසාර්ථකයි කියන්නේ?
- මෙම ව්‍යාපාර කිසිවක් රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්‍යාපාර නොවේ. ඒවා නීතිවිරෝධී වංචා ව්‍යාපාර වන නිසා.
- අඛණ්ඩ පැවැත්මක් නොමැති නිසා. එනම් මේවා තනි පුද්ගලයාගෙන් ආරම්භ වී පුද්ගල ජාලයක් අතු බෙදෙමින් ව්‍යාප්ත වේ.
එනම් පහත දැක්වෙන ලෙස,
imagehosting
මෙහි දැක්වෙන අන්දමට 26 වන අදියර වන විට මිලියන 30 ඉක්මවන පුද්ගල පුරුක් අමුනා ගත යුතු වේ. නමුත් අවාසනාවකට ලංකාවේ ජනගහනයද මිලියන 21 කට ආසන්න ගණනකි. ලංකාවේ සියලු කැමැත්ත ඇති අය මේවාට සම්බන්ද වුවා යනුවෙන් උපකල්පනය කලද අවසානයදී මේ අවසන් පුරුක් වලට තමන්ගේ මුදල් කුට ජාවාරමකට පුජා කර දත නියවන්නට වනු ඇත.
එවිට පිටරටක අපි ව්‍යාපාරය දියත් කරනවා...
ඔව්, එහෙමත් ඉදිරියට යන්නට හැක්කේ පියවර 30ක් (බිලියන 5.36) පමණයි. 31 වෙනි පියවර තුල බිලියන 10.7 ක පුද්ගල පුරුක් අවශ්‍ය වනවා, වත්මන් ලෝක ජනගනය බිලියන 7.3 වන බැවින් එනම් අපිට තවත් පෘතුවිය මෙන් ජීවය ඇති ග්‍රහ ලොවක් සොයාගත යුතු වනවා.
- ඔබට යම් කිසි අවැඩක් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ආයතනයක් ඔබට සහය නොදෙනු ඇත. එම නිසාවෙන් පාඩුව ඔබට දරාගන්නට සිදු වීම ඇති බරපතල අවදානමකි.
- තවද ආයතන හිමියන්ගේ නික්ම යාම කවර මොහොතක සිදු වේද යන්න සැකයකි.
- බහුතරයක් පිරමීඩ ව්‍යාපාර දේශීය ධනය විදේශ වලට පටවනු ලබන නිසා.
තීරණය ඔබ අතේය!
- පිරමීඩ වලට පණ දෙන අපේ මිනිස්සු -
කාලෙන් කාලෙට විවිධ ව්‍යාපාර වල බිහිවීම බිදවැටීම් සිදු වෙනවා. ව්‍යාපාර ලෝකයේ ගතිකත්වය යනු එයයි.
නමුත් ලාභ නොලබන ව්‍යාපාර කිහිපයක් අතර බහුතරය ලාභ ලබයි, සමහර ව්‍යාපාර කුට ලාභ ලබයි. එවැනි කුට උපක්‍රම භාවිත කරන තවත් එක් ව්‍යාපර සංවිධාන ක්‍රමයක් ලෙස පිරමීඩ ව්‍යාපාර ඔබට හදුන්වා දිය හැක.

දිනක් මම එදිනෙදා ජීවනෝපාය ලෙස වඩ විකුණමින් ජීවත් වන මැදිවියේ මහත්මයෙක් සමග මේ පිළිබද කතිකාවතකට එලබින. ඔහුවත් කවුරුන් හෝ රවටන්නට උත්සහ කර වැඩමුළුවකට සහභාගි කර ඇත.
" දවසක් මට මෙහෙම එක්කෙනෙක් එන්න කියලා මමත් ගිය මොකක්ද කියලා බලන්න, ටයි කොට් දාගෙන ආපු කිහිප දෙනෙක් එතන හිටියා. හැමෝගෙන්ම කරන රස්සාව අහනවා, මගෙත් ඇහුවා. මට කියනවා මේ මනුෂ්‍යයා මම වඩ විකුනන්නේ කිව්වාම... ඔයාට වඩ විකුනන්නේ වෙන්නේ නෑ වැඩි දවසක්... "
"බලන්න ඔයා මේ ව්‍යාපාරයට සම්බන්ද වුනාම ඔයාට අපිට වගේ කාර් එකක් ගන්න පුළුවන්. "
මෙවැනි සුරංගනා කතා මවාපාන්නට මේ නරුමයන් අහිංසක මිනිසුන්ගේ හැගීම් සමග කෙලිකම් කිරීම සැබැවින්ම ඛේදනීයය. මොවුන් මේ ව්‍යාපාර සදහා නොයෙක් ස්ථාන තෝරාගනු ලබයි, ඒවා බොහෝ විට හෝටල් වන්නට පුළුවන්, එසේම නිවාස වන්නට පුළුවන් මේ ස්ථාන වල සිට වැඩමුළු එකක් හෝ කිහිපයක් පවත්වනු ලබයි. එනම් බදවාගත් අය රදවා ගන්නටත්, නව අය බදවා ගන්නා අයුරු පිළිබද උපදෙස් දෙන්නටත්ය.
පිරමීඩ ව්‍යාපාර වල ආදායම් ලබන්නේ කවුද ?
මේවා බහුතරයක් විදේශිකයන්ට අයිතිය හිමිවන ජාවාරම් වන අතර මේවා වල ධනස්කන්දය නිතර නිතර පහල සිට ඉහිලට ගමන් කරයි. එනම් මේවා පවත්වාගෙන යනු ලබන හිමිකරු සහ ඉහල තනතුරු වලයන්හි වැජබෙන්නන් මෙහි ප්රතිලාභ ලබයි. පහල ස්ථර වල කිහිප දෙනෙකුත් අන් අය බදවා ගැනීම වැඩි වන තරමට සාපේක්ෂ වාසියක් ලබයි. නමුත් එය සුරගනා ලොව කලබන වාසියක් නම් කොහෙත්ම වන්නට බෑ. එමෙන්ම මේ පිරමීඩ ව්‍යාපාර බහුතරයක් ලංකාවේ මුදල් විදේශයන්ට පටවනු ලබනවා.
ඇයි අපි පිරමීඩ ව්‍යාපාර අසාර්ථකයි කියන්නේ?
- මෙම ව්‍යාපාර කිසිවක් රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්‍යාපාර නොවේ. ඒවා නීතිවිරෝධී වංචා ව්‍යාපාර වන නිසා.
- අඛණ්ඩ පැවැත්මක් නොමැති නිසා. එනම් මේවා තනි පුද්ගලයාගෙන් ආරම්භ වී පුද්ගල ජාලයක් අතු බෙදෙමින් ව්‍යාප්ත වේ.
එනම් පහත දැක්වෙන ලෙස,
imagehosting
මෙහි දැක්වෙන අන්දමට 26 වන අදියර වන විට මිලියන 30 ඉක්මවන පුද්ගල පුරුක් අමුනා ගත යුතු වේ. නමුත් අවාසනාවකට ලංකාවේ ජනගහනයද මිලියන 21 කට ආසන්න ගණනකි. ලංකාවේ සියලු කැමැත්ත ඇති අය මේවාට සම්බන්ද වුවා යනුවෙන් උපකල්පනය කලද අවසානයදී මේ අවසන් පුරුක් වලට තමන්ගේ මුදල් කුට ජාවාරමකට පුජා කර දත නියවන්නට වනු ඇත.
එවිට පිටරටක අපි ව්‍යාපාරය දියත් කරනවා...
ඔව්, එහෙමත් ඉදිරියට යන්නට හැක්කේ පියවර 30ක් (බිලියන 5.36) පමණයි. 31 වෙනි පියවර තුල බිලියන 10.7 ක පුද්ගල පුරුක් අවශ්‍ය වනවා, වත්මන් ලෝක ජනගනය බිලියන 7.3 වන බැවින් එනම් අපිට තවත් පෘතුවිය මෙන් ජීවය ඇති ග්‍රහ ලොවක් සොයාගත යුතු වනවා.
- ඔබට යම් කිසි අවැඩක් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ආයතනයක් ඔබට සහය නොදෙනු ඇත. එම නිසාවෙන් පාඩුව ඔබට දරාගන්නට සිදු වීම ඇති බරපතල අවදානමකි.
- තවද ආයතන හිමියන්ගේ නික්ම යාම කවර මොහොතක සිදු වේද යන්න සැකයකි.
- බහුතරයක් පිරමීඩ ව්‍යාපාර දේශීය ධනය විදේශ වලට පටවනු ලබන නිසා.
පිරමීඩයට ඔබ හසු වී හමාරනම්, අහිමි වූ මුදල ගැන අමතක කර දමන්න.
නමුත් ඔබ හසුවන්නට යන්නේ නම් ඔබ නීතියෙන් වලංගු නොවන, නීතියෙන් වැරදිකරුවෙකු වන ජාවාරමකට පණ පොවන්නට සැරසෙනු ඇත.

" තවද මිනිසත් කම හැරදා ඔබට ඔබේ හිත මිතුරෝ, ඥාතින් රැවටීමට යොමු වන්නට සිදු වනු ඇත. "
තීරණය ඔබ අතේය!
Last edited: