පිරවුම්හල්වලට පාතාලයෝ රිංගලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_2dfc338568.jpg


    (සුජිත් හේවාජුලිගේ)

    දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් පාතාලයේ රජදහන් බවට පත්වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

    ඇතැම් පාතාල ක්‍රියාකාරීන් සහ දාමරිකයන් ඉන්ධන පිරවුම්හල්වලට රිංගා විවිධ තර්ජන ගර්ජන සිදුකරමින් බලහත්කාරයෙන් සිය හිතවතුන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පවසති.

    සමහර දාමරිකයන් එසේ කටයුතු කරන්නේ පොලිස් නිලධාරින් සහ හා හමුදා නිලධාරීන් බලා සිටියදී බව දැනගන්නට ඇත.

    සමහර ඉන්ධන පිරවුම්හල්වල ජනතාව හසුරුවන්නේද දාමරික පිරිස් බව පවසන ජනතාව එම පුද්ගලයන් බලහත්කාරයෙන් පෝලිම්වලට වාහන රිංගවීම ජයටම කරගෙන යන බවද සඳහන් කරති.

    තවත් ඇතැම් ප්‍රදේශවල පෝලිම්වලට විවිධ ආපදාවලට ලක් වූ යතුරු පැදි රිංගවා පසුව ඒවා ඉවත් කරගෙන වෙනත් යතුරුපැදිවලට අවස්ථාව ලබාදීමෙන් මුදල් ගරන කණ්ඩායම් පිළිබඳවද තොරතුරු අනාවරණයවී ඇත.

    එසේම ඉන්ධන ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා හැඳුනුම්පත අවභාවිතා කරන පිරිස් සම්බන්ධයෙන්ද පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    ඉන්ධන පිරවුම් හල්වල ක්‍රියාත්මක වන පාතාල සහ දාමරික කණ්ඩායම් සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව ජනතාව රජයට පෙන්වා දෙති.

    එසේ නොවුණහොත් පෝලිම් වල දින ගණනාවක් ගත කරන ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවද ඔවුහු සඳහන් කරති .

    මේ අතර ඉන්ධන ලබාදීමේදී විධිමත් ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය නොකළහොත් පෝලිම්වල තදබදය තවදුරටත් උග්‍ර විය හැකි බව පෙන්වා දෙන ජනතාව වාහන අංක තහඩුවේ අග ඉලක්කම පදනම් කරගෙන ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසටද යෝජනා කරති.

    https://www.lankadeepa.lk/news/පිරවුම්හල්වලට--පාතාලයෝ-රිංගලා/101-615095