මෑත කාලයෙ දවසක එක්තරා ස්වාමීන්වහන්සේ නමක් සිදු කළ ක්‍රියාවක් නිසා මේක ලියන්න හිතුවා. සමහරවිට ඔබටත් මේ අත්දැකීම ලැබිලා ඇති. සිදධිය වුනේ මේකයි. දානයක් තිබුනා. දානේ වළඳලා අවසන් වුන ස්වාමීන්වහන්සේලාට නිවැසියො පිරිකර පූජා කලා. පිරිකර පූජා කරද්දි එක්තරා ස්වාමීන්වහන්සේ නමක් පිරිකර ප්‍රතික්ෂේප කලා. ඒකට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කලේ නැහැ. දානෙ අවසන් වෙලා ඒ ගැන කතිකාවතක් ඇති වුනා. සමහරු කිව්වා ඒ ස්වාමීන්වහන්සේ අනෙක් අයට වඩා විශේෂයි, ශීලවන්තයි කියලා. තවත් සමහරු ඒ කළ ක්‍රියාව නිසා තමුන්ට ඇති වුන අපහසුතාවය ගැන කතා කලා. ඒ වෙලාවෙ තවත් සමහරු කිව්වා ඒ ස්වාමීන්වහන්සේ විතරක් නෙමෙයි තවත් ස්වාමීන්වහන්සේලා එහෙම පිරිකර ප්‍රතික්ෂේප කරනවා කියලා. මේ සිදුවීම එක්ක මගේ මතකයට ආවේ අංගුත්තර නිකායෙ තියෙන යථාගතාවාසික සූත්‍රය. ඒ සූත්‍රය මෙහෙමයි.
මේ සූත්‍රයෙ කරුණු කීපයක් තියෙනවා. එයින් එකක් තමයි ශ්‍රද්ධාවෙන් දෙන දේ ඉවත දමන ආවාසික භික්ෂුව නරකයෙහි උපදිනවා කියන එක. දායකයො මහන්සියෙන් උපයන දෙයින් ශ්‍රද්ධාවෙන් පූජා කරන ද්‍රව්‍යයක් පැහැදිලි හේතුවක් ඉදිරිපත් නොකර ප්‍රතික්ෂේප කිරීම මේ කියන කරුණට අදාලයි කියන එකයි මගේ අදහස. ඔයාලට වෙනස් මත ඇති. ඒවත් මෙතන සටහන් කරන්න පුළුවන් නම් හොඳයි.
| “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. “කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, නොදැන නොසොයා පැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය ඉවත දමාද, යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී. “කවර පසකින්ද යත්? දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, දැන සොයා පැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.” “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්ගයෙහි උපදී. |
මේ සූත්‍රයෙ කරුණු කීපයක් තියෙනවා. එයින් එකක් තමයි ශ්‍රද්ධාවෙන් දෙන දේ ඉවත දමන ආවාසික භික්ෂුව නරකයෙහි උපදිනවා කියන එක. දායකයො මහන්සියෙන් උපයන දෙයින් ශ්‍රද්ධාවෙන් පූජා කරන ද්‍රව්‍යයක් පැහැදිලි හේතුවක් ඉදිරිපත් නොකර ප්‍රතික්ෂේප කිරීම මේ කියන කරුණට අදාලයි කියන එකයි මගේ අදහස. ඔයාලට වෙනස් මත ඇති. ඒවත් මෙතන සටහන් කරන්න පුළුවන් නම් හොඳයි.