ඔබ දැනටමත් නිරයට පාර කපා ගෙන ද?

hpalpola

Well-known member
  • ඔබ දැනටමත් නිරයට පාර කපා ගෙන ද?

    සෑම ආගමකම අපාය ගැන කථා කරයි. මෙනිසා සමහරුන් කියන්නේ අපායක් නැහැ කියාය. එය ඉතින් ඒ ඒ අයගේ විශ්වාසය වෙයි. බුද්ධ ධර්මය පිළිගන්නා අයට අපාය එලෙසින් බැහැර කර නැත. මන්ද යත්, බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති ධර්මය තුළ නිරය ගැන සඳහන්ව ඇති නිසාවෙනි. ඉතින් බුද්ධ ධර්මය අනුව ජීවත්වන කෙනෙකුට නිරය ප්‍රතික්ෂේප කළ නොහැකි අතර එය ප්‍රතික්ෂේප කරමින් දේශනා, කරුණු ප්‍රකාශ කිරීමට නොහැක. මතක තබා ගන්න, මේ සීමාව ඇත්තේ බුද්ධ ධර්මය අනුව ජීවත් වන්නකුට පමණි. ඕනෑම අයකුට බුද්ධ ධර්මය අනුව ජීවත් වීමට හෝ නොවීමට ඇති කැමැත්ත බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කර නැත.

    බුදු දහම තුළ නිරයට ගමන් කළ හැකි මාර්ග කීපයක් විස්තර කර ඇත. එයින් එක් විස්තරයක් අංගුත්තර නිකායේ මචල වග්ගයේ
    දුතිය චතුධම්ම සමන්නාගත සූත්‍රයෙහි සඳහන් වේ. ඒ අනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙසේ යි.

    “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?

    “බොරු කියන්නේ වේද, පිසුණු කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”

    අපි සන්නිවේදනය කරද්දී වචන ඊට මාධ්‍ය කර ගනිමු. මේ වචන වලින් විය හැකි අකුසල හතරක් ගැන බුදුරජාණන්වහන්සේ පෙන්වා දී තිබේ. ඒ බොරු කීම, පිසුණු වචන කීම, ඵරුෂ වචන කීම සහ සම්ප්‍රප්ඵලාප කීම ලෙසිනි. බොහෝ අවස්ථාවලදී තමුන් ප්‍රසිද්ධ වීමට නැත්නම් ලොකු මිනිසකු යැයි පෙන්වීමට නැත්නම් යම් කාර්යයක් කර ගැනීමට වැනි නොයකුත් හේතු මත මිනිස්සු බොරු කියයි. නැති දෙයක් ඇති බව පෙන්වීමට නැත්නම් ඇති දෙයක් නැති බව පෙන්වීමට වචන යොදා ගැනීම තුළින් බොරුව සිදු කර ගනී. අනුන් කෙටවීමට, නැත්නම් අනුන්ගේ නුගුණ ප්‍රසිද්ධ කරවීමට කේලාම් කීමෙන් පිසුණා වාචාව කර ගනී. නිකමට සිතා බලන්න ඔබ මෙවැනි සාකච්ඡා වලට එක් වරක් හෝ සම්බන්ධ වී නැත් ද කියා. අනෙක් අතට ඵරුෂ වචන කීම. සමහරු හිතන්නේ ඵරුෂ වචන යනු කුණුහරුප පමණක් ලෙසිනි. නමුත් ඵරුෂවචන යනු කුණුහරුපම නොවේ. හිංසාවක් ඇති කිරීමේ අරමුණෙන් නැත්නම් ද්වේශයෙන් යුතුව භාවිතා කරන වචන ඵරුෂ වචන වේ. කෙනෙක්ට ‘බල්ලා, බූරුවා, කොටා, ගඳයා‘ ලෙසින් ද්වේශයෙන් යුතුව අන්වර්ථ නාමයෙන් ඇමතීම ද ඵරුෂ වචන වේ. ඔබ ඵරුෂ වචන කියාම නැද්ද කියා ඔබම සිතා බලන්න. අවසන් එක නැත්නම් ප්‍රලාප කීම ද එසේය. මෝඩ කමට කිසි තේරුමක් නැතිව ඔහේ කාලය කා දමමින් තමුන්ට වැඩක් නැතිව අනුන්ටත් වැඩක් නැතිව කතා කිරීමට අඩුම තරමේ දවසකට යම් වේලාවක් අපි වෙන් කර නොගන්නේ ද? අපේ හැටි එසේ යි. නමුත් එයින් අපි කරගන්නේ සම්ප්‍රප්ඵලාප අකුසලය යි.

    මේ ආකාරයට අපි කථා කරන දේ තුළ බොරුව, ඵරුෂ වචන, පිළුණු වචන සහ සම්ප්‍රප්ඵලාප ඇතුළත්ව ඇද්ද නැද්ද යන්න ඔබට නිගමනයකට පැමිණිය හැක. ඉතින් ඔබ භාවිතා කරන්නේ එම වචන නම් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ඔබට අයිති නිරය බවයි. නමුත් බුදුරජාණන්වහන්සේ මෙසේ ද දේශනා කරයි.

    “මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්? බොරු කීමෙන් වෙන්වූයේ වේද, පිසුණු වචන කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.”

    ඉතින් නිරයට යනවා ද දෙව්ලොව යනවා ද යන්න තෝරා ගැනීම ඔබගේ වැඩකි. ඔබ බුද්ධ ධර්මයට අනුව ජීවත් වන කෙනෙක් නම් ඒ තෝරා ගැනීම ඔබට වැදගත් වනු ඇත. මන්දයත්, බුද්ධ ධර්මයට අනුව නිරයත් දෙව්ලොවත් පවතින බැවිනි.

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    7edd55b6ade693e2d280a63da592c7a5.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ආකාරයට අපි කථා කරන දේ තුළ බොරුව, ඵරුෂ වචන, පිළුණු වචන සහ සම්ප්‍රප්ඵලාප ඇතුළත්ව ඇද්ද නැද්ද යන්න ඔබට නිගමනයකට පැමිණිය හැක. ඉතින් ඔබ භාවිතා කරන්නේ එම වචන නම් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ඔබට අයිති නිරය බවයි
    තෝ නිරයේ @2osama @N A K A M U R A
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    “මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්? බොරු කීමෙන් වෙන්වූයේ වේද, පිසුණු වචන කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.”

    ඉතින් නිරයට යනවා ද දෙව්ලොව යනවා ද යන්න තෝරා ගැනීම ඔබගේ වැඩකි. ඔබ බුද්ධ ධර්මයට අනුව ජීවත් වන කෙනෙක් නම් ඒ තෝරා ගැනීම ඔබට වැදගත් වනු ඇත. මන්දයත්, බුද්ධ ධර්මයට අනුව නිරයත් දෙව්ලොවත් පවතින බැවිනි.
    මේකේ හැටියට සිංහලු බහුතරයක් අපායේ යනවා.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පාර කපන්ඩ ඩෝසරයක් ගෙන්න ගත්ත. කපල ඉවර නැ තව.
    රෑත් වෙනවා. තාම ඉවර නැද්ද?
    එහෙනම් අර දේ තමයි කරන්න තියෙන්නෙ.
     
    Last edited:
    • Haha
    Reactions: NRTG and Candid-B