ඉන්ද්‍රඛීලය
බුදුරජාණන් වහන්සේ ස්ථීරව පැහැදුණ කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ ‘ඉන්ද්‍රඛීලය.’ ඒ කාලේ නගරවල ‘ඉන්ද්‍රඛීලය’ කියලා එකක් තිබිලා තියෙනවා. ඉන්ද්රඛීල කියලා කියන්නේ පොළොවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා, ඒ වගේම පොළොවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණුවකට. ඒක තමයි ශ්රද්ධාවට උපමාව.
ඔබට මතකද ඒ ගැන රතන සූත්‍රයේ සඳහන් වෙනවා. (යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා) පොළොවේ ගැඹුරට හාරලා ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද, (චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ) හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා නම්, ඒක තමයි (පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි (කුසලාභිසන්ද) කුසල ගංගාව. ඒක තමයි (සුඛස්සාහාරා) සැපය ඇතිකරල දෙන දේ.