පිරිත් කියන්නේ කොහමද ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    පිරිත් කියන්නේ කොහමද ?

    මචන් පොඩි ගැටළුවක් තියනව පිරිත් සම්බන්දව :yes: දන්නා අය උදව් කරන්න

    1. පිරිත් කියන්න වෙලාවක් තිනවද ?
    2. ගෙදරදී කියනව නම් පිරිත් කියන්න හොදම තැන මොකක්ද ?
    3. පිරිත් කියද්දී අනුගමනය කරන්න ඕන පිළිවෙත් මොනවද ?
    4. ගෙදරදී කියන්න හොද පිරිත් මොනවාද ?
    5. බුදුපහන තිදද්දී පිරිත් කියන ඒක හොදයි ද ? මොනවද කියන්න ඕන පිරිත්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මංගල සූත්‍රය , රතන සූත්‍රය , කරණිය මෙත්ත සූත්‍රය . මේ පිරිත් ටික එකට කිව්වට කමක් නැද්ද ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    එහෙම ස්පෙශල් වෙලාවක් නෑ මචන්, කැමති වෙලාවක කියන්න.
    බුදු මැදුරක් හෝ බුදු පහන තියන කාමරයක නම් වඩා හොදයි. ඒත් කැමති තැනක කියන්න පුලුවන්.
    පන්සිල් රකින ගමන් නිර්මාංශව කරනවනම් යහපත්.
    ලෙඩ දුක් වලට > බොජ්ජන්ග සූත්‍ර 3, ගිරිමානන්ද සූත්‍රය.
    තව සතිපට්ටාන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, රතන සූත්‍රය හොදයි. කැමති පිරිතක් කිව්වට අව්ලක් නෑ.
    බුදු පහන තියෙනකොටම පිරිත් ටිකක් කියනවා නම් ගොඩක් හොදයි මචන්.

    හාමුදුරුවන්ගෙන් වැඩි විස්තර දැනගන්න.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    එහෙම ස්පෙශල් වෙලාවක් නෑ මචන්, කැමති වෙලාවක කියන්න.
    බුදු මැදුරක් හෝ බුදු පහන තියන කාමරයක නම් වඩා හොදයි. ඒත් කැමති තැනක කියන්න පුලුවන්.
    පන්සිල් රකින ගමන් නිර්මාංශව කරනවනම් යහපත්.
    ලෙඩ දුක් වලට > බොජ්ජන්ග සූත්‍ර 3, ගිරිමානන්ද සූත්‍රය.
    තව සතිපට්ටාන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, රතන සූත්‍රය හොදයි. කැමති පිරිතක් කිව්වට අව්ලක් නෑ.
    බුදු පහන තියෙනකොටම පිරිත් ටිකක් කියනවා නම් ගොඩක් හොදයි මචන්.

    හාමුදුරුවන්ගෙන් වැඩි විස්තර දැනගන්න.

    bohoma pin saho :yes: godak karunu danagaththa. +4
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    ඔබ මස් අනුබව කරන්නේ නම් ජලනන්දන පිරිත කියන්න එපා.තමන්ගේ ජිවිත අනතුරක් සිදුවෙන්න කියා මම අහල තියනවා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ඔබ මස් අනුබව කරන්නේ නම් ජලනන්දන පිරිත කියන්න එපා.තමන්ගේ ජිවිත අනතුරක් සිදුවෙන්න කියා මම අහල තියනවා

    mas nam anubawa karanawa machan :sorry: duka thamayi
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    කවුරු කොහොම කොතන මොන පිරිත කිව්වත් එකෙන් වරදක් වෙන්නේ නෑ මචං. තුන් ලෝකයටම මහා කාරුණිකයානං වහන්සේ නමක් උන බුදු හාමුදුරුවෝ දේශනා කරපු කිසිම පිරිතක කිසිම කෙනෙක්ට අවැඩක් අයහපතක් වෙන දෙයක් නෑ.

    මිනි මස් කන හොරකමේ යන කෙනෙක් උනත් හරි පිරිත් කියනවනම් එයින් ඒ කෙනාට අනිවාර්යෙන්ම යම් කිසි ආශීර් වාදයක් ලැබෙනවා.

    නමුත් ඒ වගේ කෙනෙක් පිරිත් කියල ලබා ගන්න ආශීර්වාදයට වඩා සිල්වත් විදිහට පන්සිල් සුරකින සුරාවෙන් සුදුවෙන් මස් මාංශ අනුභාවයෙන් තොර වුන කෙනෙක්ට එයින් ලබාගන්න පුළුවන් දේවල් බොහොමයි.

    අනික් වැදගත්ම කාරණේ තමා පිරිත් පොත බලාගෙන කෝච්චිය වගේ කියන්නන් වාලේ පිරිත් කිව්වා කියල ලොකු තේරුමක් නම් නෑ. පිරිතේ තේරුම දන්නේ නැත්තන් අඩු ගානේ එක හරියට උච්චාරණය කරල පැහැදිලව කියවන්න ඕනේ. බුදුන් වහන්සේ නිකන් අවට ගියාට පිරිත් වලට වචන එකතු කරලා නෑ. ඒ හැම වචනයක් ගානෙම මහා තේරුමක් වගේම ඝන පිහිටු වීමකුත් තියෙනව. ඒ පිහිට ලැබෙන්න නම් හරියට කියවන්න ඕනේ. තේරුම දැනගෙන පිරිත් කියනවනම් එයින් ලබන්න පුළුවන් දේ අපමණයි.

    අනික ලෙඩක් හැදුනම කරදරයක් උනාම විතරක් පිරිත් පොත අතට ගන්න එපා. නිතරම පන්සලකට යන්න. පින් දහම් කරන්න. වයසට යනකන් ඉන්න එපා. තමන් ගාව තියෙන දේවල් වලට ලෝබයෙන් බැඳෙන්න එපා.

    සමහර මිනිස්සු අතර මතවාද තියෙනව මේ පිරිත ගේ ඇතුලේ කියන්න හොඳ නෑ අරකයි මේකයි කියල. ඕව ඔක්කොම මිනිස්සුන්ගේ විකාර අදහස්.
     
    • Like
    Reactions: redcafe