පිරිමින්ට_අභියෝගයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පිරිමින්ට_අභියෝගයක්

පිරිමින්ට අභියෝගයක් වූ ඉන්දියාවේ පළමුවැනි දුම්රිය රියදුරුවරිය

55-6.jpg

පුරුෂයාට සාපේක්ෂව කාන්තාව මෘදු ගතිගුණවලින් සහ සියුමැලි ළඳ බොළඳ භාවයෙන් යුක්ත ය. එහෙත් වර්තමානයේ දී කාන්තාවන්, පුරුෂයින් සිදු කරන කාර්යයභාර්යයන් ඒ අයුරින්ම ඉටු කිරීමට දක්ෂ වී තිබේ. ඇතැම් අවස්ථාවලදී කාන්තාවන් පුරුෂයින් අභිබවා සමාජ ගෞරවයට සහ ප්‍රසංශාවන්ට පාත්‍ර වී ඇත.ඉන්දියාවේ මහාරාෂ්ටයේ ගොවි පවුලක සහෝදර සහෝදරියන් 04 දෙනෙකුගෙන් යුක්ත පවුලක උපත ලැබු පනස් දෙහැවිරිදි සුරේකා යාදව් ඉන්දියාවේ පළමුවැනි දුම්රිය රියදුරුවරිය ලෙස ඉතිහාස ගත වී ඇත්තේ තවත් බෝහෝ කාන්තාවන්හට සිය ශක්තිය පෙන්වමිනි.

55-5.jpg

"මම විතරයි එදා විභාගයට ලියපු එකම ගැහැණු ළමයා, ඒ කාලේ කිසිම ‍ගැහැණු ළමයෙක් දුම්රිය රියදුරුවරියක් හෝ දුම්රිය ස්ථානයක සේවය කරන්නට කැමැත්තක් දැක්වුයේ නැහැ. ඒත් මම මගේ ප්‍රථම පියවර තැබුවා. ඒකෙන් මට අවස්ථාවක් හම්බ වුණා මගේ රටේ ජනතාවට විශාල කාර්යයභාර්යක් කරන්න පුළුවන් වුණා. "

අනෙක් කාන්තාවන් නොකරන කර්තව්‍යක් සිදු කිරීමට ඇය කිසි විටකවත් පැකිලුණේ නැත. ඒ මන්ද යත් ඇගේ ආත්මශක්තිය අනෙක් කාන්තාවන්ට සාපේක්ෂව වැඩි වීම ය. පාසල් සමයේ දී සුරේඛා ක්‍රීඩා සහ සංවිධානාත්මක කටයුතුවලට දැඩි උනන්දුවක් දැක්වුවා ය.

උසස් අධ්‍යාපනයෙන් පසුව ගුරුවරියක වීමේ බලාපොරොත්තුව ඇය සතුව තිබුණ ද පසුව ඇගේ අසාමාන්‍ය හැකියාවන් හේතුවෙන් ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හැදෑරීමට යොමු විය.

ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාව හිමි කර ගැනීමෙන් පසු තාක්ෂණික සිසුවියක ලෙස තම වෘත්තීය සුදුසුකම සම්පුර්ණ කර ගත්තා ය. 1987 වර්ෂයේ දී දුම්රිය රියදුරු දෙපාර්තමේන්තු රැකියා ලබා ගැනීමේ ප්‍රවේශ විභාගයට පිළිතුරු ලීවා ය. එයින් සමත් වු ඇය ඉන්දියා රේල්වේස්හි ප්‍රාදේශීය මට්ටමේ සහකාර රියදුරුවරියක ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹුවා ය.

2011 වර්ෂයේ දී ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ කාන්තා රියදුරුවරියන් පනස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් පුහුණු කිරීමට සුරේඛාට අවස්ථාව හිමි විය. තමන් ආරම්භ කළ පියවර ඔස්සේ තවත් කාන්තාවන් බොහෝදෙනකු දෙනා පියවර තබන විට සුරේඛා කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දුන්නා ය.

L- 50 දුම්රියෙහි එන්ජිම ක්‍රියාකාරීභාවය පිළිබඳව සහ සිග්නල් හසුරුවන ආකාරය පිළිබඳව බෙහෝ දෑ ඉගෙන ගන්න පුළුවන් වුණා. මේ හැමදේම ප්‍රායෝගිකව සිදු කර මනසෙහි ධාරණය කර ගැනීමට ලැබීම නිසා වෘත්තීයක් වශයෙන් යහපත් වෘත්තියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ දී නිවෙස්වලට වී නිකරුණේ කාලය අපතේ දමන කාන්තාවන් මෙන් නොව ඇය තමන් උගත් දෑ පිළිබඳව ප්‍රායෝගිකව අත්හදා බැලීමට ප්‍රියතාවක් දැක්වුවා ය. නිරන්තරයෙන්ම යන්ත්‍රසුත්‍ර භාවිතයෙන් සිදු කළ හැකි වන්නේ කුමක් ද? යන්න පිළිබඳව අවධාණයෙන් සිටීමට ඇය උත්සුක වුවා ය. .රාජකාරිය අතරතුරේදීත් සුරේඛා තමන් සතු දැනුම ප්‍රායෝගිකව නිසි අයුරින් භාවිත කිරීමට උනන්දු වුයේ ඉන්දීයාවේ කාන්තාවන්ට සිදු කළ හැකි වෘත්තීයක් හඳුන්වා දීමේ කාර්යයට පෙරමුණ ගනිමින් කාන්තාවක සතු යුතුකම ඉටු කිරීමට ය.

1990 වර්ෂයේ දී සුරේකා රජයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන ශංකර් යාදව් සමඟ විවාහ විය. ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන අජින්ත සහ අජිතේෂ් ඉංජිනේරුවරුන් වීම සඳහා අධ්‍යාපනය ලබමින් සිටිති. තමන්ගේ රාජකාරීය කොතරම් බෑරෑරුම්සහගත වුවත් සුරේකා තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ රාජකාරී ජීවිතය පටළවා ගත්තේ නැත. 2010 වර්ෂයේ Western Gltat railway line නමැති දැවැන්ත දුම්රිය භාරගත් ඇය කැපවීමෙන් යුක්තව තම රාජකාරී ඉටු කිරීමට කටයුතු කළා ය. ඉන් අනතුරුව 2011 වර්ෂයේ මැයි මාසයේ දී අධිවේගී දුම්රිය රියදුරුවරියක ලෙස රාජකාරීය භාරගත් ඇය DTC ( Driver's Training Centre) හි ජේෂ්ඨ උපදේශිකාවක් ලෙස ද වෘත්තියෙහි නියලුණා ය.
2011 වර්ෂයේ මාර්තු 08 වන දින කාන්තා දිනයේ දී ආසියාවේ ප්‍රථම දුම්රිය රියදුරුවරිය ලෙස සම්මානයට පාත්‍ර විය. තවත් පුද්ගලයෙකු සිදු කරන නිසා යම් කාර්යයක් සිදු නොකර ස්වකීය අධිෂ්ඨානයෙන් යුක්තව අභීතව නැගී සිටිමින් කාර්යයභාර්යයන් සිදු කිරීම වඩාත් අගනා දෙයක් බව සුරේකා යාදව් මුළු ලොවටම එදින ප්‍රකාශ කළා ය.
"ඔබ සැමට ප්‍රථම වරට ගුරුවරියක්, ලිපිකාරිනියක්, හෙදියක් , සෙබලියක් , සහ ගුවන් නියමුවරියක් වීමට පුළුවන්. කාන්තාවන් සැම විටම හිතන්න ඕනේ අපිට හිතට ගත්තොතින් කරන්න බැරි දෙයක් නෑ කියලයි. කාන්තාවකගේ සහ පුරුෂයෙකුගේ කායික මානසික අවශ්‍යතාවන් විවිධ වෙන්න පුළුවන්.ඒ වුනත් කාන්තාවකට සහ පුරුෂයෙකුට දැක්විය හැකි කුසලතා එක සමානයි කියලයි මම නම් කියන්නේ. " 2011වර්ෂයේ කාන්තා දිනය දවසේ ඇය මුළු මහත් සමාජයක් ඉදිරියේ ප්‍රතාපවත් කාන්තාවක බවට පත් වුයේ පුරුෂයින් දහස් ගණනක් ඉදිරියේ දී කීර්තිය සහ පැසසුම ලබමිනි.

අන්තර්ජාලය ඇසුරිණි
 
Last edited:

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි මචන් ඉන්දියාවෙ ලංකාවෙ වගේ රටවල උන්ට හෙන මැජික් එක ගෑනියෙක් කෝච්චියක් අරන් යනකොට. ඒවගේ තව මොකක් හරි ලොකු වැඩක් ගෑනියෙක් කරොත් මෙහෙ රටවල උන්ට පට්ටම මැජික්. ඒත් මචන් බටහිර රටවල ඕව හෙනම සුලු දේවල්. මොකද ඒ රටවල කිසිම වැඩකදි ගෑනු පිරිමි කියල බේදයක් නෑ. එහෙ කෙල්ලො කෝච්චි අරන් යනව ලොකු බස් අරන් යනව. ඒ කෙල්ලො යුද්ධ වලටත් යනව. මේ රටවල ගෑනුන්ට ඔය මුකුත් කරන්න බෑ මචන්. ඉතින් කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඔහොම වැඩ කරද්දි හැමෝටම මැජික්. එක්පාරක් ලංකාවෙ කෙල්ලෙක් ලොකු බයික් එකක් පදිනව වීඩියෝ එකක් යූටියුබ් එකේ දාල තිබ්බෙ මහා ලොකු එකක් වගේ. ඒ ලංකාවෙ ගෑනුන්ට පදින්න පුලුවන් ස්කූටර් විතරක් හින්ද එකෙක් ලොකු බයික් එකක් පැද්දොත් හැමෝටම මැජික්. මචන් මේවලින් පෙන්නන්නෙ අපේ රටවල ගෑනුන්ගෙම බැරිකම.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුරුෂයාට සාපේක්ෂව කාන්තාව මෘදු ගතිගුණවලින් සහ සියුමැලි ළඳ බොළඳ භාවයෙන් යුක්ත ය...

    රනිල්
    මෘදු යි නේද කාන්තාවකට වැඩිය ?

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මෙහෙමයි මචන් ඉන්දියාවෙ ලංකාවෙ වගේ රටවල උන්ට හෙන මැජික් එක ගෑනියෙක් කෝච්චියක් අරන් යනකොට. ඒවගේ තව මොකක් හරි ලොකු වැඩක් ගෑනියෙක් කරොත් මෙහෙ රටවල උන්ට පට්ටම මැජික්. ඒත් මචන් බටහිර රටවල ඕව හෙනම සුලු දේවල්. මොකද ඒ රටවල කිසිම වැඩකදි ගෑනු පිරිමි කියල බේදයක් නෑ. එහෙ කෙල්ලො කෝච්චි අරන් යනව ලොකු බස් අරන් යනව. ඒ කෙල්ලො යුද්ධ වලටත් යනව. මේ රටවල ගෑනුන්ට ඔය මුකුත් කරන්න බෑ මචන්. ඉතින් කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඔහොම වැඩ කරද්දි හැමෝටම මැජික්. එක්පාරක් ලංකාවෙ කෙල්ලෙක් ලොකු බයික් එකක් පදිනව වීඩියෝ එකක් යූටියුබ් එකේ දාල තිබ්බෙ මහා ලොකු එකක් වගේ. ඒ ලංකාවෙ ගෑනුන්ට පදින්න පුලුවන් ස්කූටර් විතරක් හින්ද එකෙක් ලොකු බයික් එකක් පැද්දොත් හැමෝටම මැජික්. මචන් මේවලින් පෙන්නන්නෙ අපේ රටවල ගෑනුන්ගෙම බැරිකම.

    උනවටුනේ ගල් දෙබොක්කාවක හැන්ගිලා බලන් ඉද්දී ඔහොම සුද්දියෙක් කියනවා ඇහුනද බන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුරුෂයාට සාපේක්ෂව කාන්තාව මෘදු ගතිගුණවලින් සහ සියුමැලි ළඳ බොළඳ භාවයෙන් යුක්ත ය.

    මොන පිස්සුද? හැඩිදැඩි ගෝරිල්ලො වගෙ ගෑණු ඕනෙ තරම් ඉන්නෙ.:baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උනවටුනේ ගල් දෙබොක්කාවක හැන්ගිලා බලන් ඉද්දී ඔහොම සුද්දියෙක් කියනවා ඇහුනද බන්.
    යම් කෙනෙකු තර්කයක් ඉදිරිපත් කළවිට ප්‍රතිවාදියාට එම තර්කය බිද හෙලන්න නොහැකිව තර්කය ඉදිරිපත් කල තැනැත්තාට මඩ ගසයිනම් එය බන්කොලොත් තර්කයක් වේ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    මෙහෙමයි මචන් ඉන්දියාවෙ ලංකාවෙ වගේ රටවල උන්ට හෙන මැජික් එක ගෑනියෙක් කෝච්චියක් අරන් යනකොට. ඒවගේ තව මොකක් හරි ලොකු වැඩක් ගෑනියෙක් කරොත් මෙහෙ රටවල උන්ට පට්ටම මැජික්. ඒත් මචන් බටහිර රටවල ඕව හෙනම සුලු දේවල්. මොකද ඒ රටවල කිසිම වැඩකදි ගෑනු පිරිමි කියල බේදයක් නෑ. එහෙ කෙල්ලො කෝච්චි අරන් යනව ලොකු බස් අරන් යනව. ඒ කෙල්ලො යුද්ධ වලටත් යනව. මේ රටවල ගෑනුන්ට ඔය මුකුත් කරන්න බෑ මචන්. ඉතින් කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඔහොම වැඩ කරද්දි හැමෝටම මැජික්. එක්පාරක් ලංකාවෙ කෙල්ලෙක් ලොකු බයික් එකක් පදිනව වීඩියෝ එකක් යූටියුබ් එකේ දාල තිබ්බෙ මහා ලොකු එකක් වගේ. ඒ ලංකාවෙ ගෑනුන්ට පදින්න පුලුවන් ස්කූටර් විතරක් හින්ද එකෙක් ලොකු බයික් එකක් පැද්දොත් හැමෝටම මැජික්. මචන් මේවලින් පෙන්නන්නෙ අපේ රටවල ගෑනුන්ගෙම බැරිකම.
    100% true....anith eke ganiyek fail wunama kawuruth mokuth kiyanne naaa ....success wunama media eken mara pblicity ekek denawa.

    lankawe....AL island first gann kollo one tharam innawa...last 20 years gattama...habai ok kellek eke parak gattama...hena media show ekek denawa hariyata nikan magic wage:rolleyes::rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ තැපැල් කාර්යාලවල, රජයේ කාර්යාලවල ඉන්න ඔතෑනි ගෑනුත් එක්ක බැලුවම සිරාවට මේවා මැජික් බ්‍රෝ