පිරිමින් 'සුද්ද' කරන රූමතියක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    පිරිමින් 'සුද්ද' කරන රූමතියක්

    රෝහල් පිරිසිදු කරමින් පිරිමින් 'සුද්ද' කරන රූමතියක්


    clener.jpg




    ඇය මැදිවිය නොයිඉක්ම වූ කාන්තාවකි. සාමාන්‍යයෙන් සිංහල කතුන්ට හිමි නොවන පැහැපත් රූ සපුවකින් යුතු ඇය රූමත්කම අතින්ද ඉහළ තලයක වැජඹෙන්නියකි. ඇය රැකියාව වශයෙන් අගනුවර පෞද්ගලික රෝහලක් පිරිසිදු කිරීමෙහි යෙදෙයි.
    ඒ එවනි පිරිසිදු කිරීමේ ආයතනයක් නියෝජනය කරමිනි. සාමාන්‍යයෙන් කම්කරු කාන්තාවකට නොපිහිටන අන්දමේ රූප ලක්ෂණ නිසා ඇය දෙස වරක් බැලූවෙකු නැවතත් හැරී නොබලන්නේ නම් ඒ කලාතුරකිනි. එම පෞද්ගලික රෝහලට පැමිණෙන සහ එහි නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් ගේ නිබඳ අවධානයට ලක් වීමේ අපුරු හැකියාවක් ඇය තුළ තිබේ.
    ඒ අතරින් සරාගී සිතුවිලි ඇති අතමිට වත් පොහොසත් කමින් යුතු පිරිමියෙකු ඇගෙන් වත ගොත විමසීම ද සාමාන්‍ය තත්වයකි. එවන් පිරිමින්ගේ ආර්ථික තත්වය වටහා ගැනීමේ විස්මිත හැකියාක් ඇති ඇය තම මුතුවන් දසන් පා විනාඩි කිහිපයක් තුළ ඔහු හා සමීප සුහදත්වයකට පත්වනුයේ විස්මිත ලෙසිනි.
    ඉන් පසු ඇය ඒ අමුත්තාට තම ජංගම දුරකතන අංකය ලබා දෙනුයේ 'මෙතන අපිට වැඩිපුර කතා කරන්න බැහැ සර්' කියමිනි. ඉන් පසු ඒ සරාගී අමුත්තාගෙන් ලැබෙන දුරකථන ඇමතුමට පිළිතුරු දෙමින් ඇය පවසනුයේ මෙබඳු කතාවකි.
    'ඇත්තෙන්ම මම මෙහෙම රස්සාවක් කරන්න ඕන කෙනෙක් නෙවෙයි සර්. මම ඉගෙන ගත්තේ අසවල් ඉස්කෝලේ (මධ්‍යම පලාතේ උසස් බාලිකා විද්‍යාලයක නමකි) කොහොම හරි ඒ කාලේ මගේ තිබුණු හිතුවක්කාර කමට මම පොලිසියේ රාළහාමි කෙනෙක් එක්ක යාළු වෙලා ගෙදරට හොරෙන් එයාව කසාද බැන්දා ඒ වෙන කොට මගේ මහත්තයා වැඩ කළේ අසවල් මහත්තයා (පරාජිත දේශපාලඥයකුගේ නමකි) ළඟ. පස්සේ කේස් එකකට අහු වෙලා මගේ මහත්තයගේ රස්සාව නැති වුණා. ඊට පස්සෙත් මගේ මහත්තයා අර දේශපාලඥයා ළගම වැඩ කළා. ඔය අතරේ මගේ මහත්තයා අර දේශපාලඥයගේ නෑදෑ පවුලක කෙල්ලෙක් එක්ක යාළු වුණා. ඒ මිනිස්සුන්ට හරියට සල්ලි තියෙනවා. ඊට පස්සේ මෙයා බොන්නයි කැසිනෝ ගහන්නයි පුරුදු වුණා. දැන් මගේ මහත්තයා ඉන්නේ ඒ ගෑනු ළමයා එක්ක. මට ජිවත් වෙන්න සත පහක්වත් දෙන්නෙ නැහැ. ඒ හින්දම පහුගිය කාලේ මම තැන් තැන් වලට ණය වෙලත් තියෙනවා. ඒ හින්දයි මම මේ රස්සාවට ආවේ. ඒ මදිවට මගේ මහත්තයා පසුගිය දවසක ඇවිත් මගේ කණකරත් ගලවාගෙන ගියා.'
    එම කාන්තාව එසේ පවසත්ම ඇගේ එම අසරණ කමට පිහිට වී ඇගෙන් අයුතු ප්‍රයෝජන ගත හැකිය යන සිතුවිල්ල ඉහත කී සරාගී පුද්ගලයා තුළ ඇති වීමේ කිසිදු අරුමයක් නැත.
    'ඒත් මට ඔය තැන් තැන් වල ගිහින් නම් පුරුදු නැහැ සර්. එහෙම නම් සර් මම කියන වේලාවක අපේ ගෙදර එන්න. මමයි වයසක ආච්චි කෙනෙකුයි විතරයි ඉන්නේ. මට ඒ ආච්චිව ශේප් කර ගන්න පුළුවන්. අනික එක එක මිනිස්සු ගෙදරට ගෙන්න ගෙන නම කැත කරගෙන නැති හින්දා සර් අපේ ගෙදරට ආව කියලා අහළ පහල මිනිස්සු මුකුත් හිතන්නේ නෑ. හැබැයි මේ දැන් තියෙන ප්‍රශ්න වලට සර්ට පුළුවන් විදිහට මට උදව්වකුත් ඕන.'
    තුන්වන හෝ හතරවන දුරකතන ඇමතුම් වලදී ඇය එසේ කියන්නීය. එවිට ඇය නරක ගැහැණියක නොවන බවත් ඇය වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කර ඇය කී දිනයක එහි ගොස් ඇගේ පහස ලබා ගත හැකි බවත් එම අමුත්තා වටහා ගනී.
    ඇගේ නිවහන පිහිටියේ අගනුවර පැරණිතම මහල් නිවාස සංකීර්ණයකය. ඇය කී දිනයේ ඇය කී වෙලාවට ඇය කී මඟ සලකුණු ඔස්සේම එහි යන ඔහුට එම නිවස සොයා ගැනීම අපහසු නොවේ. ඇය කී ලෙසම එහි මහළු කාන්තාවකද සිටී. 'ආච්චිව ප්‍රශ්නයක් කර ගන්න එපා සර්. මම එයාට මොකක් හරි කියන්නම්. අනෙක එයා තව ටිකකින් පන්සල් යනවා. එම කාන්තාව කියනුයේ එහි පැමිණෙන අමුත්තාගේ සිතට මහත් සහන් සුවයක් උදා කරමිනි. ඒ සමඟම ඇයට දුරකථන ඇමතුමක් ලැබේ.
    'අනේ නැන්සි අක්කේ, දැන් ඔයා එන්න එපා. මම තව විනාඩි පහකින් ඇවිත් දීලා යන්නම්.' ඇය දුරකතනයට කියන්නීය. එවිට ඒ සම්බන්ධයෙන් විමසුම් කරන අමුත්තාට ඇය මෙසේ කියන්නීය.
    'අනේ සර් මට රුපියල් 10000ක සීට්ටුවක් බේරන්න තියෙනවා. දැන් දවස් තුනක් ප්‍රමාදයි. ඔය නැන්සි අක්කා කියන්නේ ඔය සීට්ටුව දාපු ගෑනු කෙනා. එයා කොහොල්ලෑ ගුලියක්. තැනකට ආවොත් වරුවකට යන්නේ නැහැ. බැරි වේලාවත් මෙහාට කඩා වැදුණොත් සේරම කම්මුතුයි. දැනට මගේ අතේ රුපියල් 3000ක් තියෙනවා. අනේ සර් සර්ට බැරිද...?' ඇය එසේ කියා හමාර වනවාත් සමඟම අමුත්තාගේ අත මුදල් පසුම්බියට ගොස් ඉන් රුපියල් 1000 කොළ කිහිපයක් එළියට ඒම නිසක ලෙසම සිදුවන්නකි.
    ඒ එම මොහොත වන විටත් ඔහු තම දෙනිතෙන් එම කාන්තාවගේ සිරුරේ රස පහස නොමඳ භුක්ති විඳමින් සිටින බැවිනි. එසේ අමුත්තාගෙන් මුදල් ඉල්ලා ගන්නා ඇය 'මම විනාඩි පහෙන් එනවා' යැයි කියමින් නිවසින් පිටව යන්නීය. එහෙත් ඇය නිවසින් පිටවී විනාඩි කිහිපයක් තුළ එම නිවසට ගොඩ වදිනුයේ හැඩි දැඩි පිරිමියෙකි.
    'මේ මහත්තයා කවුද? කවුරු හම්බුවෙන්නද ආවේ?' ඔහු රළු පරළු හඩින් අසා සිටී.
    එවිට අමුත්තා ද තක්කු මුක්කු වී ඔහුගේ උගුර කට පවා වියළී යාම ස්වභාවිකය.
    'මම (එම කාන්තාවගේ නම) හස්බන්ඩ්...'
    'මහත්තයා මොකද මේ ගෑනු විතරක් ඉන්න ගෙවල් වලට රිගංන්නේ? අහල පහළ මිනිස්සුන්ටත් කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගමුද?'
    එම හැඩි දැඩි පුද්ගලයා එසේ කියත්ම අමුත්තාට එලව පොල් පෙනේ. එවිට ඔහු කුමක් හෝ කීමට සැරසෙන විට ඒ හැඩි දැඩි පුද්ගලයා පවසනුයේ 'ගෑනු විතරක් ඉන්න ගෙවල් වලට සෙවල හලන්න එන්නේ නැතිව නිකං අපට පව් නොදී යනවා ඕයි යන්න'ය.
    ඉන් පසු තවදුරටත් එහි රැදීමෙන් 'තත්වය හොඳටම නරක් විය හැකි' බව වටහා ගන්නා අමුත්තා වහා ඉන් පිටවී පලා යයි.
    කෙසේ හෝ මෙම 'බාඳුරා මලට' ලොල් වූ එක්තරා අමුත්තෙක් පසුව එම රෝහලේ කාර්ය මණ්ඩලයෙන් සහ එම පිරිසිදු කිරීමේ ආයතනයෙන් ඇගේ වග තුග විමසා බැලීය. එවිට දැනගත හැකි වූයේ ඇය මෙසේ දිනපතාම වගේ ප්‍රයෝගකාරී ලෙස අමුත්තන් නිවසට කැඳවා ගන්නා තැනැත්තියක බවත් ඇය අමුත්තාට පවසන තොරතුරු සියල්ල පට්ට පල් බොරු බවත් ඇගේ සැමියා ලෙසින් පෙනී සිටිනුයේ ද පිටස්තර පුද්ගලයකු බවත්ය.
    'මෙයාගෙ උගුලට අහුවෙන කිසිම කෙනෙක් ඒ ගැන කටින් කෙළ පොදක් හලන්නේ නෑ. අනික එයාගේ චරිතය කොහොම වුණත් එයා දකින දකින මිනිහත් එක්ක යන ගණිකාවකුත් නෙවෙයි. කොහෙම හරි ඉස්පිරිතාලේ පිරිසිදු කරන රස්සාවෙන් එයා මාසෙට රුපියල් 20,000ක් හොයන කොට ඔය විදිහට පිරිමි සුද්ද කරලා මාසෙකට රුපියල් ලක්සෙකට වැඩිය හොයනවා.' ඇගේ උගුලට හසුවු පෞද්ගලික සමාගම විධායක නිලධාරීයෙකු කීයේ ඇය මේ වන විටත් එම පෞද්ගලික රෝහලේ පිරිසිදු කරන්නියක ලෙස පෙනී සිටිමින් කාමුක පිරිමින්ට 'කෙමන අටවන' බවය.
    එස්.ටී.පී.සිල්වා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ' ඇගේ උගුලට හසුවු පෞද්ගලික සමාගම විධායක නිලධාරීයෙකු කීයේ ඇය මේ වන විටත් එම පෞද්ගලික රෝහලේ පිරිසිදු කරන්නියක ලෙස පෙනී සිටිමින් කාමුක පිරිමින්ට 'කෙමන අටවන' බවය.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් කිඹුලගේ නංගි මාව සුද්ද කරගෙන ගියා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Movie name pls!!:yes::P


    අඩෝ මතක නෑ කොල්ලෝ.. ගොඩක් කල් මම බලලා. ඒකිත් ඔහොම සීන් එකක් කරන්නේ ක්ලබ් එකක වගේ ඉදන්. කෙල්ල කොල්ලව සීන් එකට, මූඩ් එකට සෙට් කරලා වොෂ් රූම් ද කොහෙද යනවා. එතකොටම ඇග පත තියෙන මනුස්සයෙක් ඇවිත් අරූට බැනලා එලවනවා. :rolleyes: