පිරිමින්_වඳ_කරන වල් නාශකයක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පිරිමින්_වඳ_කරන වල් නාශකයක්

    'ග්ලුෆොසිනේට් පිරිමින් වඳ කරන වල් නාශකයක්'

    ලෝකයේ ඇති ඕනෑම විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඒවා ශ්‍රී ලංකාවේ රසායනාගාර වලින් අනුමත කරවා ගැනීමට හැකිවී ඇත්තේ එම රසායනාගාර අධ්‍යක්ෂක මණ්ඩල වල පළිබෝධනාශක නාශක සමාගම් වල නිලධාරීන්ද කටයුතු කරන නිසා බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දොස්තර චන්න ජයසුමන පවසයි.
    වෙළඳපලේ ඇති ග්ලුෆොසිනේට් නම් වල් නාශකය පිරිමින්ගේ වඳ භාවයට හේතුවන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් හඳුනාගෙන ඇති බවයි බීබීසී සිංහල සේවයේ එස් එල් සෙනෙහෙධීර සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ.

    කෙසේවුවද ශ්‍රී ලංකාවට මෙම ග්ලුෆොසිනේට් නම් වල් නාශකය ගෙන්වන එක් සමාගමක් වන හේලීස් ඇග්රෝ ආයතනයේ සාමාන්‍යාධිකාරී වරයෙකු වන සෙනරත් කිරිවත්තුඩුවගේ සංදේශයට පැවසුවේ ලෝකයේ තාක්ෂණික වශයෙන් දියුණුම තත්වයේ සිටින ඇමරිකාව, යුරෝපය සහ ජපානය වැනි රටවල් අසූවක පමණ මෙම වල් නාශකය භාවිතා කරනු ලබන්නේ ඒවා පිළිබඳව විධිමත් පරීක්ෂණ කිරීමෙන් පසුව වන බැවින් එවැනි සෞඛ්‍යයට හානිදායකවීමේ ගැටලුවක් තිබිය නොහැකි බවයි.

    මෙම පලිබෝධනාශක ප්‍රධාන නිෂ්පාදකයන්ගෙන් මිලදී ගන්නා රසායනික ද්‍රව්‍ය වන අතර ඔවුන්ගෙන් ලැබෙන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට සාම්පල ලබා දී අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් වෙළඳපලට නිකුත්කරන බවයි ශ්‍රී ලංකාවට කෘෂි රසායන ගෙන්වන ආයතන එකතුවක් වන 'ක්රොප් ලයිෆ්' ආයතනයේ හිටපු ලේකම්වරයෙකුද වන සෙනරත් කිරිවත්තුඩුවගේ ප්‍රකාශ කළේ.

    එහෙත් ජාත්‍යන්තර වෙළඳපලේ අලෙවිය සඳහා පවතින කෘෂි රසායනික ද්‍රව්‍ය සහ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන කෘෂි රසායනික ද්‍රව්‍ය අතර විශාල වෙනසක් ඇති බවයි එම අදහසට පිළිතුරු සපයමින් වෛද්‍ය ජයසුමන සඳහන් කළේ.

    “අපි පර්යේෂණාත්මකව පෙන්නලා දීල තියනව, ඒවගේම අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රකාශන වල පැහැදිලි ලෙස පළ කරල තියනව ලංකාවේ විකුණන්න තියන පලිබෝධ නාශක වල ගුණාත්මක තත්වය ලෝක වෙළඳපලේ තියන රසායනික ද්‍රව්‍ය වලට වැඩිය බෙහෙවින්ම පහලයි” යනුවෙන් සඳහන් කළ ඔහු පැවසුවේ ලංකාවට ගෙනෙන පලිබෝධ නාශක පිලිබඳ විධිමත් පරීක්ෂණ නොපැවැත්වෙන අතර එවැනි පරීක්ෂණ සඳහා සුදුසු රසායනාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ දැනට නැති බවයි.



    BBC

    Code:
    http://www.bbc.com/sinhala/sri-lanka-36653018
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අනික් අයට බලන්නත් එක්ක බම්ප් පාරක් දාලා යමු