පිරිමියෙක්_වූ_ගැහැණිය

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පිරිමියෙක්_වූ_ගැහැණිය

    girlboy.jpg

    මිස් කෝල් එකෙන් ආරම්භ වූ ප්‍රේම කතාව
    දෙවිනුවර ගන්ධරවත්තේ පදිංචි ඇය 23 හැවරිදි ඇගලුම් සේවිකාවකි.තුරුණු වියේ පසුවන ඇයට තම කුලුදුල් පෙම්වතා මුණගැසුනේ මිස්කෝල් එකක මාර්ගයෙනි.දුරකතනයෙන් ආරම්භවූ කතා බහ ප්‍රේම කතාවකට හැරෙන්නේ ඉතාමත් ඉක්මනිනි.


    මම හමුදාවේ වැඩ කරන්නේ
    "මම යුද හමුදාවේ වැඩ කරන්නේ. මට කියල කාත් කව්රුවත් නෑ.අම්මයි තාත්තයි දෙන්නම් නැති වෙලා."මේ අයුරෙන් දුරකතනයෙන් හාද වූ පෙමට මාස 6ක්ම ගතවුණු අතර ඇය තම දෙමව්පියන්ටද සිය පෙම්වතා ගැන දැනුම් දුන්නාය.ඒ අනුව ඔහු ඇයව බැලීමට පැමිණෙන්නේ ඔහුගේ මිතුරෙකුත් සමගයි.බලු බැල්මට කඩවසම් පෙනුමක් තිබු තරුණයට අයගේ සිත ඇදී ගියත් ඇයගේ පියා මෙයට විරුද්ධ වුයේ ඔහු ඇයට වඩා උසින් අඩු වීමයි.

    මේ වගෙ කෙනෙක් ලැබෙන්න ඔයාලගේ දුව වාසනාවන්තයි
    "මෙය හොද කෙනෙක්.අපේ කදවුරේ මේ වගේ ගති තියෙන කෙනක් හොයා ගන්න නෑ.ඇත්තටම ඔයාලගේ දුව වාසනාවන්තයි." එසේ පැවසුවේ ඔහු සමග පැමිණි ඔහුගේ මිතුරායි.ඒ අනුව දෙමව්පියන්ගේ කැමැත්තද ඔහුට ලැබුන අතර ඒ අවසරයෙන් ඔහු නිවසට යෑම ඒම ද කරන්න පටන් ගත්තේය. තම හමුදාවේ වැඩ කරන බව සනාත කිරිඉමට ජායාරුපයක් ඇයට ලබාදුන් අතර මෙම සමය රණවිරුවන් පිළිබද ඉහලින්ම කතාකෙරුන කාලයක් නිසා දෙමව්පියන්ටද ඔහුගේ අගය වැඩි විය.

    වෙනසක් නැති මධුසමය
    මේ අතරතුර තමාට යුද හමුදාවේ හිමි වරප්‍රසාද ලබා ගැනීම සදහා විවාහ වෙමුයි හදිසියේ ඔහු යෝජනා කළේය.දෙමව්පියන්ගෙන් හදිසි විවාහයකට කැමැත්ත නොලැබෙන නිසා ඔවුන් දේපල හොර රහසේ විවාහ විය. පසුව ඒ පිලිබදව දෙමව්පියන්ටද දන්වනු ලැබූ අතර වෙන කරන්න දෙයක් නැති නිසාවෙන් එයට එකග වූ ඔවුන් ඔවුන් දෙදෙනාට මධු සමය ගත කිරිමට කාමරයක් සකස් කොට දුනි. නමුත් මධු සමය නම් ඇයට විශේෂයක් වුයේ නොමැත. ඔවුන් කාමරයට ආ විලසින්ම පසු දින උදෑසනම එලියට පැමිණියේය.

    ගෙදරට එන්නේ ඔසප් දිනවල
    ඉන්පසු රැකියාව සදහා පිටව යන බව පවසා ඔහු නිවසින් නික්ම ගිය අතර ඉඩ ලැබෙන සම අවස්තාවකදීම ඔහු තරුණියට කතා කළේය.පෙම් හසුන් එව්වේය.
    ඔහු නැවත පැමිණයේ මාස දෙක තුනකට වරකි.එම දවස් තරුණියට විශේෂ දවස් විය.එනම් සැම ස්ත්‍රියකටම සිදුවන ශාරීරික ක්‍රියාවලිය සිදුවන කාල පරිච්චේදියෙදිය.ඒ අනුව පැමිණෙන සම දිනම ඔහු තදින් මත පැන් බී සිටියේය.මත්පැන් වලට අමතරව නීති විරෝධී මත ද්‍රව්‍ය ද පාවිච්චි කිරිමට ඔහු ඇබ්බැහි වී ඇත.

    සැම දිනකම අග සේදීම වැනි කටයුතු අදුරේ රහසේ සිදු කල අතර බිරිද එවැනි තැන් වලට සුදානම් වුවහොත් සැර පරුෂ වී ඇත.පපුවේ යම් කිසි වෙනසක් පෙනුනත් ඒ ව්‍යායාම වැඩි නිසයි කිවේය.විවාහ වී මාස 10ක් ගත වුවත් තරුණියගේ මුහුණ සිප ගැනීම හැරෙන්න වෙන කිසිවක් සිදු නොවිණි.මේ නිසාම තරුණියට ඔහු පිළිබද සැකයක් ඇති වන්නට විය.

    සරමක් අන්දන්න හිතිලා කලිසම ගලවලා
    දිනක් ඇගේ සැමියා අධික බිමත්ව ගෙදර පැමිණි විට කිසිදා උඩුකය නිරාවරණය නොකර සිටින ඔහුගේ කලිසම හා කමිසය ගලවා සරමක් ඇද බැලීමට තරුණියට සිත් විය.කලිසම ගලවන අවස්ථාවේ ඔහුට ඒ කිසිවක් දැනුනේ නැත්තේ අධික බිමත් කම නිසාවෙනි. කලිසම ගලවන විට ඇයට ඉබේටම කෑ ගැසිනි.

    ඒ ශබ්දයට ඇගේ මව හා පියාද කාමරයට දිව ආ අතර ඔහුගේ ඉනේ සුදු නුල් පොටක් දක්නට ලැබිණි.එම අවාසනාවන්ත දර්ශනයත් සමග තරුණියට දැකගන්න ලැබුනේ තමා විවාහ කරගෙන සිටින්නේ තරුණයෙක් නොව කාන්තාවක් බවයි.

    මානසික රෝගි එක්දරු මවක්
    ඒ අනුව මේ පිලිබදව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු විය. පසුව හෙළිදරව් වූ තොඅරතුරුවලට අනුව ප්රිරිමියෙක් ලෙස පෙනී සිටි කාන්තාව අවුරුදු 32 ක් වයසැති එක්දරු මවකි.ඇගේ දරුවා හදවත් රෝගයකින් මියගොස ඇති අතර සැමියාද සුනාමි ව්‍යවසනයෙන් මියගොස් ඇත.මෙය මානසික රෝගයක් මත ඇති වූ තත්වයක් බව වෙද්‍යවරුන් මත පළකරයි.
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හනිමූන් එක කොහොමද කලේ කියන එක තමා ගැටලුව... අනික උඩ ඇදුම ගලවන්නේවත් නැතුව හනිමූන් කරන රටක් හිතා ගන්න අමාරුයි :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මේ සීන් එක නම්.. පොඩ්ඩක් විතර හිතා ගන්නත් අමාරු සීන් එකක්..
    කොහොම හරි මේ කතාව පරණ කතාවක් වුනත්..
    තවම හිතා ගන්න බැරි..
    ඒ තරම් කාලයක් ගිහිල්ලාත් මේ ලිංගිකත්වයේ වෙනසක් ඒ ගැණිට තේරුම් ගන්න බැරි වුන එක ගැන..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mala den ithin yaluwenne ethatama kollekda kellek ekada kiyala ck karaganna wenwa :shocked:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඇත්තටම මේ සීන් එක නම්.. පොඩ්ඩක් විතර හිතා ගන්නත් අමාරු සීන් එකක්..
    කොහොම හරි මේ කතාව පරණ කතාවක් වුනත්..
    තවම හිතා ගන්න බැරි..
    ඒ තරම් කාලයක් ගිහිල්ලාත් මේ ලිංගිකත්වයේ වෙනසක් ඒ ගැණිට තේරුම් ගන්න බැරි වුන එක ගැන..

    :lol: ගෑනු මෝඩයි කියන්නේ නිකන් නෙමෙයි නේ
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    habay mekena manasika ledek kiyannath ba.ek thara manasika leadak thama ohoma karanan hithuna eka.ath balannako koy tharan mole kalpana karala tiyenavada kiyala kellagen ath wela inna