පිරිමි ආදරේ vs ගෑනු ආදරේ

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පිරිමි ආදරේ vs ගෑනු ආදරේ

    නිල ඉහිරුණු හන්තාන අහසෙ පුලුන් කැටි වගේ වලාකුළු තැනින් තැන ඉන්නව එයාල පිටිපස්සෙ ඉන්න ඉර නිසා වලාකුළු ලස්සනට පේනව.ඔටු ගහ පේන මානෙ සුදු ගෑව ගජසිංහ පාලම උඩට පහළ ගල් කැටයි වතුරයි කතා කරන සද්දෙ වෙනද වගෙම ඇහෙනව.යන්න ගිය ගමන නවතතල මං නතර වෙනව ඒ අදුරන කෙනෙක් දැකල.
    ලස්සනට රැලි හිටින්න ලේයර් කරපු තද කළු කොන්ඩෙ සුළග එක්ක සෙල්ලම් කරනව.වී හැඩේට කර කපල වැලමිට ගාවට අත් තියෙන දනහිස ගාවින් ඉවර වෙන ලේස් ගවුම දුඹුරු පාට ලෙදර් පටියක් පළලට තියෙන උකුලට තද කරගෙන ඉන්නව.අලු පාට ටසල් තියෙන ෂෝල් එක හීනි දිග බෙල්ල වටේ ලාවට ඔතල පිරුණු පපුව උඩට දාල තියෙනව.කඩතොලු නැති පිරුණු දිගටි මූණට අයිශ්චර්‍යගෙ වගේ වම් තොල උඩ තියෙන පුංචි කළු ලපේ හින්ද වෙන කාටත් වඩා ලස්සනට පේනව.ඉහලට වක ගැහුණු ඇස් පිහාටු අස්සෙ තියෙන තරු ඇස් ඉඟි කරල පුරුදු ලෙංගතුකමින්ම එයා කතා කරනව.එයා ඉරේෂා අක්කා.
    "ආ මලණ්ඩ කොහෙද මේ?"
    "ඔයාලගෙ සාස්තර පීඨෙට තමා"
    ඒ ඇස් දිහා බලාගෙනම මං කියනව.බෙල්ලෙ තවරපු ගැහැනු විලවුන් සුවඳ දැනෙන තරමට අපි ලංවෙලා ඉන්නව.ඔව් කීවොත් හිත රිදෙයි කිය්ල දැන ගෙන උනත් මං පුරුදු විහිලු වම කරනව.
    "කොල්ලෙක් හොයා ගත්තද?"
    "අනේ ඉතිං මගෙ ලව් එක ඔයානෙ"හිතට යන්තමට හිනා යනව.
    ටික දවසක් ගිහින් කොල් එකක් දීල මැනේජ්මන්ට් එකේ කොල්ලෙක් ගැන එයා මගෙන් අහනව.එයාගෙ ගුණ කිය කිය මට විස්තර කියන්ව.මගේ හිත රිදුනත් ම්ං අහගෙනම ඉන්නව.ඉරේෂා අක්ක මගෙන් දුරස් වෙනව වගේ දැනෙනව.
    තෙතම තෙත පිණි වලට යටින් ඉදන් වලේ "දොලහක්" නාට්‍යය බල බල හිටපු හවසක එයාගෙන් කෙටි පණිවිඩය ක් ඇවිත් තිබුණ.අක්ක මං හිච් උනා මල්ලියො කිය්ල ලියල එවල තිබුණ .හිතට දුකක් ඇවිත් ඒක උගුර හරියෙ නතර උණා වගේ දැනුණ.දින සති මාස අස්සෙ එයාලගෙ ආදරේ වඩෙද්දී අපේ සහෝදර කමත් ටිකෙන් ටික හේම වෙලා ගියා.
    ඉර රතට හැරිල හන්තාන දිහා දවසෙ අන්තිම බැල්ම හෙලාගෙන හිටි හැන්දෑවක මට ඉරේෂා අක්ක මුණ ගැහුණ.සාත්තු නොකල කෙස් වැරියෙ ලේයර් මැකිල තමන්ට ඕන හැටියට ඔහේ හිටිය.වක ගැහුනු ඇහි පිය යට තිබුණ තරු ඇස් වෙනද වගේ ලස්සන නෑ කියල හිතුන.මැලවුණු වද මලක් වගේ ඇස් වටේ කලු ගැහිල ඉදිමිල තිබුණ .මාව දැකපු ගමන් ඒ ඇස් තෙත පාට උනා.
    "අනේ මං රැවටුනා මල්ලියො "කදුලු පිහ පිහ එයා කියවගන ගියා."මම පිස්සියෙක් වගේ හැමදේම අත ඇරල එයාට ආදරේ කළා මල්ලි..හැමෝටම වැඩිය එයා වම විශ්වාස ක්ළා..මට වැරදුණා මල්ලියො"
    එයාගෙ දුක ඇස් වල පිරිල සුදු කම්මුල් හෝදගෙන පල්ලම් බැස්සා.ඒ ඇස් පිහල ඔලුව අත ගාල සනසවන්න ඕන උනත් එහෙම කරන්න බැරි කමට මන් ඉවසන් හිටිය.ළඟින් ඉදගෙන පැයක් විතර දෝරෙ ග්ලාගිය දුක් ගංඟාව දිහා බලාගන හිටිය.
    "පිරිමි ආදරේ කරන විදිහට නෙවේ බං ගෑණු ආදරේ කරන්නෙ.උන්ට ආදරේ කියන්නෙ මුළු ජීවිතේම ඒත් අපිට එහෙම නෑ.පිරිමියෙක්ගෙ ජීවිතේ එක තත්පරයක් ගෑණියෙක්ට මුළු ජීවිතේම වෙනව බං"හොඳට සූර්වෙච්චි වෙලාවක මගෙ යාලුවෙක් කීව කතාවක් මගෙ මතකෙට ආව.අහස තනිවෙච්චි කළුවරේ මං අක්කව හොස්ටල් එකට ඇරලවල ආපහු එන්න ආව.
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Akkekta Hari nangiyekta Hari aadare Nam unnath daahay Mamalath daahay kiyla kiyanawa misak hithe thiyan Mona magulak karanwada....
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :) TFS :)

    මේක ඔයාම ලියපු එකක්ද?
    මේ රටාවටම ලියපු මහාචාර්යවරයෙක්ගේ ලිපි කියවලා තියනවා පත්තරේක... ;)
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    :) TFS :)

    මේක ඔයාම ලියපු එකක්ද?
    මේ රටාවටම ලියපු මහාචාර්යවරයෙක්ගේ ලිපි කියවලා තියනවා පත්තරේක... ;)

    මේකනම් ලීවේ මම තමයි ගංගානාත් සර්ගෙ ශෛලිය යොදාගෙන තමයි ලීවෙ.ඒක තවත් රචනා ආකෘතියක් විදියටයි මන් නම් දකින්නෙ.ස්තූතියි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේකනම් ලීවේ මම තමයි ගංගානාත් සර්ගෙ ශෛලිය යොදාගෙන තමයි ලීවෙ.ඒක තවත් රචනා ආකෘතියක් විදියටයි මන් නම් දකින්නෙ.ස්තූතියි.
    ස්තුතියි පිළිතුරු සැපයීමට... ජයවේවා...! :)