ඔබ ගේ මේ හුයයන් දෙකම ඉතාමත් කැමැත්තෙන් කියවීමි. එසේ ම, මෙවැනි පාරභෞීතික සහ අපෝහක භෙෘතික දේවල් පිළිබදව කියවීමට අප කැමැත්තක්දක්වන බැවින් මෙවැනි ලිපි දිගටම පළ කරන ලෙස ද ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි. ඔබේ දිරි වඩවනු පිණිස යහ පිළිගැනුම් 9කින් දමා ගසන්නෙමි.
පොඩ් කරුණු කීපයක් ඉතාම ගෞරවයෙන් මතක් කර දීමට කැමැත්තෙමි.
1-ඔබ යම් තැනකින් මෙය උපුටා ගත්තේ නම් ඒ ස්ථානය මෙහි බහා තැබීම ඔබේ ගෞරවයට ද, එය ලියූ අය ගේ ගෞරවයට ද, ඔබ වෙත එන මතවාදීමය ගැටුම් ද අවම වීමට හේතුවේ. ඒ මෙහි රචකයා ඔබ නොවන බව හැගී යන නිසාය.
2-ඔබට කෙනෙහිලිකම් කරන බව පෙනෙන සාමාජිකයන් නොතකා හරින්න. ඔබ කරන දේ සත් ක්‍රියාවක් බව හැගේ නම් ඔවුන් නොතකා කරන කාරිය කරන්න. පිළිතුරු දීමෙන් වළකින්න. එවැන්නන් හට පිළිතුරු දීමට යාමෙන් වන්නේ ඔබේ මේ සත් ක්‍රියාවේ ඇති බර, හෑල්ලුවට ලක් වීමය.
3-හොද සකල ජනයින්ම හොදයයි පිළි නොගන්නා බැවින්, ඒ ගැන කම්පා විමෙන් හෝ ඒ ගැන කාලය යොමු කිරීමෙන් වළකින්න.