පිස්සු කතාවක් !!

blue_in_rio

Well-known member
  • පිස්සු කතාවක් !!

    ඔන්න දවසක් පිස්සො දෙන්නෙක්, පිස්සන් කොටුවෙන් පැනලා යනවලු මහ රෑ.එකෙක්ගෙ අතේ ටෝච් එකකුත් තියෙනවලු...යන්න තියෙන්නේ පොල් වත්තක් මැදින්ලු.එකෙක් කියනවලු,

    මචන්, අපි කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොමුකෝ....
    මම නම් පොල් ගස් නගින්න දන් නෑ, උඹ දන්නවද ?
    මම දන්නෙත් නෑ, හැබැයි මරු අයිඩියා එකක් තියෙනවා...
    ඒ මොකක්ද ?
    මම පොල් වල්ලට ටෝච් එක අල්ලගෙන ඉන්නම්, උඹ ටෝච් එකේ එළිය දිගේ උඩට නැගලා කුරුම්බා කඩපන්.... :lol::lol::lol::lol:
    එළ අයිඩියා එක, එහෙනම් ටෝච් එක අල්ලපන්කෝ....

    ඔන්න ඉතිං අනිත් පිස්සා ටොච් එළිය දිගේ උඩට යන්නලු හදන්නේ...එක පාරටම පොර නැවතිලා මෙහෙම කියනවලු,

    මට බෑ බන්...
    ඒ මොකෝ බන් එක පාරටම ??
    මම ටෝච් එළිය දිගේ උඩටම ගිහින් ඉන්න වෙලාවේ, බැරි වෙලාවත් මේ ටෝච් එක ඕෆ් උනොත් ? මොන දෙයියන්ට කියන්නද ?
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: pubudu lakmal