පිස්සු හැදෙන සඳ

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
පිස්සු හැදෙන සඳ

පිස්සු හැදෙන සඳ
pissu-hadena-sada.jpg


බැඳලා තිබුණොත් ඇති

අධ්‍යාපනඥ රණවීරට, නීතිඥ මනෝපාල හමුවුණේ ස්වේච්ඡා සංවිධාන සම්මේලනයක් සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි විටෙකදීය. පාසල් මිතුරන් වූ මේ දෙදෙනා හමුවුණේ වසර 10කට පමණ පසුවය.
”ඉතින් .. ඉතින් මනෝ දැන් කොහොමද ඔයාගෙ උසාවි කටයුතු? මං හිතන්නෙ දැන් හොඳට නඩු එහෙම ලැබෙනවා ඇති.” රණවීර දිග කතාවකට මුල පිරීය.
”ඇත්තටම රණේ නඩුවලින් නම් අඩුවක් නෑ. මම වැඩිපුරම කරන්නේ දික්කසාද නඩු” මනෝ කීය.
”මනෝ, දික්කසාද වෙන්ඩ තියෙන්න ඕන මූලිකම සුදුසුකම මොකක්ද?” රණවීර ඇසීය.
”දෙන්නා බැඳල තිබුණොත් ඒ හොඳටෝම ඇති” මනෝ කීවේ ඇඟට පතට නොදැනීය.


..........................................




බනින්නෙ කාටද?

”මචං අපේ පාටියට සීසී මහත්තයටත් කතා කරමුද?” අජිත්, රූපසේනගෙන් ඇසුවේ ස්ථාන මාරුවී යන කීපදෙනා වෙනුවෙන් සූදානම් කෙරෙන සාදයට ප්‍රධාන ලිපිකරු ද සහභාගිකරගන්නා අදහසිනි.
”එතකොට අපි බීලා වෙරි වෙලා බනින්නේ කාටද?” රූපසේන ඇසුවේ නොමනාපයෙනි.


..........................................
පිස්සෙක් වත්ද?

දිනක් උදෑසන අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන කාර්යාලයේ දුරකතනය නාදවන්නට විය. රෝහලේ පාලන අංශය භාර අධ්‍යක්ෂවරයා රිසීවරය කනේ තබාගත්තේය.
”හලෝ ඔහෙලගෙ පිස්සන් කොටුවේ ලෙඩෙක් හෙම ඊයෙ රාත්තිරියෙ පැනලා ගිහිල්ලද?” දුරකථනයේ එහා කෙළවරින් ඇසුණි.
”නෑ.... ඇයි එහෙම ඇහැව්වේ?” නිලධාරියා ඇසුවේ කුතුහලයෙනි.
”නෑ කවුද පිස්සෙක් මගෙ නෝනත් එක්ක පැනලා ගිහින්” අනෙක් කෙළවරින් කියනවා ඇසුණි


..........................................


කළ උදව්ව

වෛද්‍ය ගුණසේකර එම ප්‍රදේශයේ නිවැසියන් අතර බොහෝ ජනප්‍රිය වෛද්‍යවරයෙකි. හේ දිනක් සවස තම චිකිත්සාගාරය වෙත යමින් සිටියදී කොළඹගේ මුණ ගැසුණි.
”කොහොමද මිස්ටර් කොළඹගේ වාසදේස? අර මම දීපු බේත්වලින් ඔහෙගෙ නැන්දම්මට සනීප වුණාද?” දොස්තර මහතා ඇසීය.
”දොස්තර මහත්තයට බුදු බව අත්වෙන්න උන්දෑ නිවන් දැක්කා” කොළඹගේ පිළිතුරු දුන්නේ කෘතඥතාපූර්වකව හිස නමමිනි.




..........................................


රිටර්න් බඩු

මැසූ ඇඳුම් විකුණන වෙළෙඳ ආයතනයක් ඇරැඹූ අනෝමාට තම පාසල් මිතුරියක වූ ශි‍්‍රයානි හමු වුණේ තරු පහේ හෝටලයක පැවැති විවාහ මංගල්‍යයකදීය.
කෙළවරක් නැති දීර්ඝ කතාබහකට මුල පුරමින් ශි‍්‍රයානි, අනෝමා ගෙන් මෙසේ ඇසුවාය.
‘කොහොමද, ඔයාගෙ අලුත් බිස්නස් එක සරු ද?’
‘හරි සවුත්තුයි අනේ. ඔයා කියන්නෙ ශි‍්‍රයානි, පෙරේදා මුළු දවසටම එකම එක ගවුමක් විතරයි විකුණුනේ. ඊයේ ඊටත් වඩා සවුත්තුයි.’ අනෝමා කට ඇද කරමින් කීවාය.
‘ඇයි ඊයෙ මුකුත්ම විකුනුණේ නැද්ද?’ ශි‍්‍රයානි ඇසුවේ ඇස් ලොකු කරමිනි.
‘විකුනුණේ නැතත් කමක් නැහැ කියමුකො. පෙරේදා ගෙනිච්ච ගවුමත් ඊයේ ආපහු දීලා ගියා අනේ.’ අනෝමා කීවේ දැඩි කලකිරීමකිනි.






..........................................






පුතාගෙ තරම

තේගිරිස් උපාසක මහතා ජේමිස් බාස්ගේ නිවසට ගොඩවන්නට සිතා කඩුල්ල අරිද්දී, නිවෙසේ සිට ඒ දෙසට එන ජේමිස් බාස්ගේ කුඩා පුතු දැක නතර වී මෙසේ ඇසීය.
‘ළමයා කෝ අප්පච්චි?’
‘වන්දනාවෙ ගියා.’ කොලුවා කීය.
‘එතකොට අම්මා?’
‘සිල් ගන්ඩ ගියා.’
‘පුතා මේ කොහෙද යන්නෙ?’ තේගිරිස් කොලුවා අතේ තිබුණු ආම්පන්න දෙස විමසිලිමත් වෙමින් ඇසීය.
‘බිලීබාන්ඩ.’ කියමින් කොලුවා කඩුල්ල පැන්නේය.












................................................................






 
  • Like
Reactions: heshi32