පිස්සු හැදෙන සඳ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙන කවුද, ඒ මම

    රෑ එකොළහට අවන්හල වැහැව්වාම සිරිපාල ගෙදර ආවේ, එදා අවන්හලේ දී හඳුනාගත් ගුණපාලත් එක්ක. සාක්කුවට අතදාලා යතුරත් අතට ගත් ඔහු කළුවරේම දොර ඇරලා බිත්ති අතපත ගාලා, ලයිට් එකක් දල්වලා ගුණපාලට කථා කළා.
    ‘ගුණේ මේ තියෙන්නේ මගේ ගෙදර. මේක තමයි මගේ සාලෙ. අර තියෙන්නේ මගේ ටීවී එක. මම ටීවී බලන්නේ, පත්තරයක් කියවන්නේ මේ හාන්සි පුටුවේ දිගැදිලා.’
    ඊළඟට ඒ කිට්ටුව තිබුණු කාමරයකට ඇතුළු වුණු ඔහු එහි විදුලි බල්බය දැල්වුවා. ඒ කාමරේ මැද තිබුණු ඇඳක නිදා සිටි ස්ත්‍රියකට ඔහු අත දික්කරලා මෙහෙම කිව්වා.
    ‘මේක අපේ නිදන කාමරය. මේක තමයි අපේ නිදන ඇඳ. ඔය නිදා ඉන්නේ මගේ වයිෆ්.’
    ‘එතකොට අර කවුද?’ ගුණපාල ඇස් ලොකු කරලා අත දික්කළේ සිරිපාල ගේ බිරිඳ ළඟම ඇයට තුරුළු වී නිදා සිටි අයකු පෙන්වමිනි.
    ‘ඉතින් ගුණේ ඒ මම නෙ. වෙන කවුද මගේ ඇඳේ ඉන්නෙ?’ සිරිපාල පිළිතුරු දුන්නා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සංගීතය ආහාරයයි

    මනෝපාලයි ගීතදේවයි නැවතිලා හිටියේ එකම කාමරයක. දෙන්නම ගුරුවරු. මනෝපාල ගණිත ගුරුවරයෙක්. ගීතදේව සංගීත ගුරුවරයෙක්.
    සති අන්තයේ ඉරිදා දවසක දිවා ආහාරය සඳහා කෑම ගෙන්වා ගත් මනෝපාල ගීතයකට තනුවක් දමමින් සිටි ගීතදේව තම කාරිය අවසන් කරන තෙක් බලා සිටියා. පැයකට ආසන්න කාලයක් ගෙවුණු නමුත් ගීතදේවගේ රාජකාරිය අවසන් වන පාටක් නෑ. ස... රී... ග... මා... කියමින් ඉවරයක් නැති ගීත හරඹයක ගීතදේව යෙදී සිටියා. දැන් දැන් මනෝපාලට මේක මහා කන්දොස්කිරියාවක්.
    ඉවසාගෙන ඉඳලා බැරිම තැන මනෝපාල ගීතදේවට බාධා කළා.
    ‘ගීතදේව ඔන්න ඕක නවත්තලා කාල ඉඳිමු බං. දැන් ඉරත් හැරුණා. මට හොඳටම බඩගිනියි.’
    ගීතදේව ඔළුව උස්සලා මනෝපාල දිහා බැලුවා. ‘උඹ කාපං. මට බඩගිනි නෑ. සංගීතය මගේ ආහාරයයි.’ ගීතදේව, ගීතවත් ස්වරයකින් මෙහෙම කිව්වාම මනෝපාලට යකා නැග්ගා. ඔහු කෝපය යටපත් කරගෙන මෙහෙම ඇහැව්වා.
    ‘ඒකද දැන් වරුවක් තිස්සේ, උඹ සංගීතය කෑවේ?’
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හිනා වෙන්නේ වෙන මොනවට ද?

    එක් පන්තියක ගුරුවරයකු පාඩමක් බලා ගන්නා ලෙස සිසුන්ට උපදෙස් දී අසල පන්තියකට ගියේය. ඔහු ආපසු එද්දී තම පන්තියේ සිසුන් මහ හයියෙන් සිනා සෙමින්, ඝෝෂා කරමින් සිටිනවා පෙනුණි.
    ‘ඒයි... නිශ්ශබ්ද වෙයල්ලා... උඹලා ඔක්කොම මට හිනා වෙනවා නේද?’ යයි ඇසුවේ කෝපයෙනි.
    ‘අපොයි නෑ සර්...’ සිසුහු සියල්ලෝම එක හඬින් පිළිතුරු දුන්හ.
    ගුරුතුමා සිසුන් දෙස විමතියෙන් මෙන් බලා මහ හඬින් මෙසේ ඇසීය.
    ‘එහෙනං වෙන මොනවද බොල මේ පන්ති කාමරේ ඇතුළේ හිනා වෙන්න තියෙන්නේ?’


    :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් ඉලක්කෙ හරි

    එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය.
    ‘මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්... අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා. ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ.’ බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ.’
    ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය.
    ‘ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ ...... ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතු වේ?’
    ‘මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ. ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා.’ ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය.



    :(:growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පුංචි නැද්ද?

    අලුතින් විවාහ දිවියට පා තැබූ ඉන්දිකා සහ අල්පොන්සෝ යුවළට ලැබුණු පළමු දරුවාගේ බර රාත්තල් තුනකට වැඩි නොවී ය. ප්‍රමාණයෙන් ද දරුවා ඉතා කුඩා විය.
    “අනේ... බබා හරි පුංචියිනෙ.” දරුවා බැලීමට පැමිණි ඉන්දිකාගේ කාර්යාලයීය මිතුරියක වන සූරියා කීවා ය.
    “පුංචි නැද්ද අනේ. තාම අපි බැඳලා මාස පහක් වත් වුණේ නැහැනෙ” ඉන්දිකා කීවා ය

    :rolleyes::eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මතක නං කමක් නැහැ


    “මේ ඇහුණ ද, ඔයාට ඔයාගෙ මූණ හොඳට මතකද?”
    සිරිපාල උදේ තේ එක බොමින් පුවත්පත කියවද්දී එතනට ආ වයලට් නෝනා ඉමහත් උනන්දුවකින් ඇසුවා ය.
    “ඔව්” සිරිපාල පිළිතුරු දුන්නේ පුවත්පතෙන් දෙනෙත් මෑත් නොකරමිනි.
    “එහෙනං කමක් නෑ... “ වයලට් නෝනා පැවසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.
    “ඇයි ඒ” සිරිපාල ඇසුවේ කුහුලකිනි.
    “උදේ ම මං අතින් ඔයාගෙ රැවුල කපන කන්නාඩිය බිම වැටිලා බිඳුණා...” වයලට් නෝනා කීවා ය.


    :angry::growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හීනෙන්වත් බැරිද?



    කරුණාදාස ගෘහමූලිකයා වුණාට ගෙදර පාලනය කළේ අමරාවතී. කරුණාදාස අමරාවතීට පූස් පැටියෙක් වගෙ හීලැයි.
    අමරාවතී දවසක්දා උදේ නැගිට්ට ගමන් කරුණාදාස දිහා රවා බලමින් මෙසේ ඇසුවා.
    ”තමුසෙ මොකද ඊයේ රෑ නිදාගෙන ඉන්නකොට මට හොඳටම බැන්නෙ? හීනෙන් මහා කැත කතා කියල බනිනවා මං හොඳට අහගෙනයි හිටියෙ.”
    ”ඇයි වදේ මට හීනෙන්වත් එහෙම දෙයක් කරන්ඩ බැරිද?” කරුණාදාස බුරුල් වුණු දත් ඇන්ද පෙන්වමින් ඇහැව්වා.


    :shocked::(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එයාගෙ එක තමයි


    විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය.
    ”බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද?
    ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්‍රතිඋත්තර දුන්නාය.
    ’අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ”


    :lol: :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දන්නේ ඔයානේ


    සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි. ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්. ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.
    දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා. සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.
    ’ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?’ සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.
    ’මං කොහොමද ඒක දන්නෙ. ඒක ඔයා දැනගන්න එපායැ. ඔයානෙ හීනෙ දකින්නෙ.” කුමාරයා කිව්වා.


    :confused: