පිස්සු හැදෙන සඳ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒ මං නෙමෙයි


    ’මේ ඉලන්දාරියා, මීට පස්සේ තමන්ගෙ නෝනව ඉඹින කොට ගෙදර දොරවල් විතරක් නෙමෙයි ජනෙලුත් වහන්ඩ මතක තියා ගන්නවා. ඊයෙ හවස මං ජනේලෙන් ඔක්කොම බලාගෙන’
    අල්ලපු ගෙදර කුරේ අන්කල් අරුණට කීවේ ඔලොක්කු සිනහවක් මුවඟට නංවා ගනිමිනි.
    ”හහ් හහ් අන්කල්ට ලොකු වැරදීමක් වෙලා’ අරුණ නොනවත්වාම සිනා සෙන්නට විය.
    ’ඇයි...’ කුරේ ඇසුවේ පුදුමයෙනි.
    ’ඊයේ මං ගෙදර හිටියේ නෑ.’ අරුණ කීවේ සිනාව මැදිනි.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගණන් කරන්නෙ මොකටද?


    හොරු දෙදෙනෙකු ඉතා හොඳින් සැලසුම් කොට, ඉමහත් පරිශ්‍රමයක් දරා බැංකුවක් බින්දේය. සේප්පු බිඳීමේ විශේෂඥයකු වූ එක් සොරෙකු සේප්පු සියල්ල මහත් වෙහෙසක් දරා විවෘත කරන ලද අතර අනෙකා මල්ලක් ගෙන ඒවායේ වූ මුදල් සියල්ල මල්ලට පුරවන්නට විය.
    දින දෙකක් නිදි මරමින් ඔත්තු බලා වෙහෙසවී සිටි සොරා බිම හිඳ දෑත් දෙපසට විහිදුවා හති අරින්නට විය. අනෙකා පිරවූ මල්ලේ වූ මුදල් එළියට අදිමින් ගණන් කරනවා දුටු පළමුවැන්නා මෙසේ කීවේය.
    ’දැන් ඔය මල්ලත් අරගෙන යං බං. ඔතන තියෙන ගණන හරියටම හෙට උදේ පත්තරෙන් බලාගන්න පුළුවන්.’
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පනහක් ඇති


    පාලමේ කණුවකට හේත්තු වී සිටි සෝමදාස හිටිහැටියේ ගඟට වැටුණේය. ඒ අසල සිටි ප්‍රේමදාස හොඳින් පිහිනීමට දත් අයෙකි. හේ වහා ගඟට පැන දියේ ගිලෙමින් සිටි සෝමදාසව ඉතා අසීරුවෙන් ගොඩට ගෙනාවේය.
    ප්‍රථමාධාර ලබා දීමෙන් පසු පෙවී තිබූ වතුර පිටවී සෝමදාස සුවපත් විය. සෝමදාස ගේ බිරිඳ ප්‍රේමවතී ඔහු වෙත කිට්ටු වී පහත් හ¼ඩින් මෙසේ කීවේය.
    ”ප්‍රේමදාස දුප්පතා. ඔයා වෙනුවෙන් ලොකු සේවයක් නෙ කළේ. අපි මිනිහට රුපියල් සීයක්වත් දෙමු.’
    සෝමදාස තද මසුරෙකි. බිම වැතිර ගෙනම මඳක් කල්පනා කළ හේ තම බිරිඳට මෙසේ කීවේය.
    ’මිනිහා මාව ගොඩට ගේන කොට මම හිටියේ බාගෙට මැරිලා. ඒ හින්දා රුපියල් පනහක් ඇති.’
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මිනිහෙක් වෙන්ඩ ඇති


    තම බිරිඳ ගෙන් ගුටි කා, මුහුණේ පැලැස්තර අලවා ගෙන කන්තෝරු ආ මෛත්‍රිපාල දැක රූපසේන සමච්චල් සිනාවක් මුවඟට නඟා ගනිමින් මෙසේ ඇසීය.
    ’තමන්ගෙ ගෑනිට ඔය තරම් බය වෙන්නේ මිනිහෙක්ද එහෙම නැත්තං ගැරඩියෙක්ද?’
    ’මං හිතන්නෙ මං මිනිහෙක් වෙන්ඩ ඇති. මොකද අපේ ගෑනි ගැරඩින්ට හරි බයයි.’ මෛත්‍රිපාල නියාලු ලෙස හිනාවෙමින් පිළිතුරු දුන්නේය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොකුම බොරුව


    ’වසන්තා දන්නවද වැඩක්? මනෝජ් කියනවා එයා ජීවිතේටම ආශ්‍රය කරපු ලස්සනම කෙල්ල මමලු’ නිතර දොඩමලු වන නිලූකා, වසන්තා ඉදිරියේ ඇති පුටුවේ වාඩිවෙමින් කීවාය.
    ’ඔහොම තමයි අනේ, ඔය මනෝජ් ඉඳ හිටලා ඔය විධියේ පට්ටපල් බොරුත් කියනවා’ ලිපිගොනුවක හිරවී සිටි වසන්තා එම ගොනුවෙන් හිස ඔසවමින් කීවාය.
     
    • Like
    Reactions: kalharabest