Ko machan daapanko thawa tikak
ELA ELA..OHOMA YAN’නෝනේ නංගි බලපන්කෝ බං අපේ අල්ලපු ගෙදර මිල්ටන් ඊයේ හවස වහලෙන් බිමට වැටුණා නෙ.’
ඕපාදූප දෙඩීමෙහි ගජ සමතියක වූ රූපවතී දෙඇස් නටවා කීවාය.
’අනේ පව්! පද්මක්කට හරියට දුක ඇති’
නෝනෙ නිකටට අත තබමින් කීවාය.
’දුක නැද්ද බං. ඒ මිනිහා වැටිලා තියෙන්නේ ඒ ගෑනි ගොඩාක් මහන්සි වෙලා හදා ගත්ත වම්බටු පාත්තිය උඩටනෙ.’ රූපවතී පිළිතුරු දුන්නාය.









